Gossip Lanka News.lk

Underground News from Sri lanka

BookMark Us

Articles

HOT NEWS

Fans

චක්‍රලේඛයක අඩුපාඩු නිසා රජයට අධික වියදමක්
වසරකට රු. ලක්‍ෂ 6ක් පමණ දීමනා ලබන නිලධාරීහු විසිදහසක්
ක්ෂේත්‍ර රාජකාරියේ නොයෙදෙන රජයේ විධායක නිලධාරීන් දහස් ගණනක් ප්‍රවාහන සහ ඉන්ධන දීමනාව ලබා ගැනීම නිසා රජයට අති විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුවී ඇති බව රජයේ විගණන අංශ පෙන්වා දෙයි.
රජයේ විධායක නිලධාරීන්ගේ වැටුපට ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් තිස් දහසක් සහ ඉන්ධන දීමනා ලෙස දහ අට දහසක් වශයෙන් රුපියල් හතළිස් අටදහසක් එකතු වෙයි.
ඒ අනුව වසරකට එක් නිලධාරියකුට රුපියල් පන් ලක්‍ෂ හැත්තෑදහසක් ගෙවනු ලබයි. රාජ්‍ය ආයතනවල මෙම දීමනාව ලබන නිලධාරීන් විසිදහසක් පමණ සිටිති.
ඒ අතරින් වැඩි පිරිසක් ක්ෂේත්‍ර රාජකාරියේ නොයෙදෙන අය බවද හඳුනාගෙන තිබේ. ඇතැම් පිරිස් දිනපතා නිවසේ සිට රාජකාරියට යාමට ඒමට පමණක් සීමා වූ අය වෙති. නිල නිවාසයේ සිට රාජකාරි ස්ථානයට පයින් ඇවිදගෙන යන නිලධාරීන් ද ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් කියති. එම දීමනාව ලබන ඇතැම් නිලධාරීන්  ආයතනය සතු නිල වාහන, තීරු බදු රහිත වාහන ලබා ගැනීමේ බලපත්‍ර පමණක් නොව ආයතනය හෝ දෙපාර්තමේන්තුව සතු සංචිත වාහන ද ලබා ගන්නා බව හෙළි වී තිබේ.
එම ආයතන සහ දෙපාර්තමේන්තුවල සංචිත වාහන පදවන රියැදුරන්ගේ සංගමය පවසන්නේ බොහෝ නිලධාරීන්ට ලබා දී ඇති නිල වාහනයේ කාර්මික දෝෂයක් බව පවසා සති අන්තයේදී සංචිතයෙන් සුඛෝපභෝගී වෑන් රථ ලබාගෙන නෑ හිතමිතුරන් සමඟ විනෝද ගමන්වල යෙදෙන බවයි. (1999/6) චක්‍රලේඛයෙන් රජයේ විධායක නිලධාරීන් සඳහා ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව ලබා දිය යුතු බව සඳහන් වෙයි. එහෙත් එම දීීමනාව ලැබිය යුතු නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි මට්ටම් සහ දුර ප්‍රමාණය එම චක්‍රලේඛයේ සඳහන් කර නොමැත
මේ නිසා 99/6 චක්‍රලේඛයේ සියලු අඩුපාඩු සංශෝධනය කර මෙම නිශ්ඵල වියදම් නවත්වා ගැනීමෙන් රජයට විශාල ආදායමක් ඉතිරි කර ගත හැකි බව ද විගණන අංශ පෙන්වා දෙයි.
Read More »

අවුරුදු දහයක්‌ සිරගත කර එල්ලූවත් හිතේ ඇති ධෛර්යය අඩුවන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (21 දා) නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයේ දොරටුවෙන් පිටතට ආ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය. සිරකරුවන් පිටවන දොරටුවෙන් පිටතට පැමිණි සරත් ෆොන්සේකා මහතා මෝටර් රථයක නැගී එහි රැස්‌ව සිටි විශාල ජනතාව අමතමින් මෙසේ ද කීය. ජනතාව මා වෙනුවෙන් වගුරපු කඳුළු, හෙළු සුසුම් මම හොඳින් දන්නවා. මට ඒවා  අමතක නැහැ. ආර්ථික ප්‍රශ්නවලින් ජනතාව පෙළෙන බව මම දන්නවා. මම ජනතාව වෙනුවෙන් ඉදිරියෙදිත් කටයුතු කරනවා. මෙතැන මාව තව අවුරුදු දහයක්‌ හිරකරලා හිටියත්, මාව එල්ලුවත් මගේ ධෛර්යය නැති වෙන්නේ නැහැ.
මේ රට යහපත් රටක්‌ බවට පත්කරන්න, ජනතාවට සැප සතුට ලබා දෙන්න මගේ ඉදිරි ජීවිතය කැපකරනවා.
මගේ කැපවීම කිසිම කෙනෙකුට නතර කරන්න බැහැ. ජනතාව වෙනුවෙන් මම දිවි හිමියෙන් ඉදිරියෙදිත් කටයුතු කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ස්‌ථාපිත කිරීම සඳහා මම යළිත් ජනතාව අතරට පැමිණෙනවා. රට මුදාගත් රණවිරුවන්ට වගේම මගේ රටේ ජනතාවටත් මම ණය ගැතියි. ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය ඉදිරියේදී කැප කරන්න මම සූදානම්.
Read More »

සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් කටයුතු කළේ,  කිසිදු ගෞරවයක් අපේක්ෂාවෙන් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි
Read More »

ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරග පාවාදීම හෙළිවෙයි
මුම්බායිහිදී අත්අඩංගුවටපත් ඔට්ටුකරුවෝ පවසති
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් මුදලට පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට ඉන්දියානු රුපියල් කෝටි 10ක මුදලක් ගෙවූ බව පසුගියදා මුම්බායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ ඔට්ටුකරුවෙකු පවසා තිබේ.
පසුගිය සති අන්තයේදී ඉන්දියානු ‍පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මුම්බායි හිදී ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානයකට කඩා වැදුණු අතර, එහිදී දේවේන්ද්‍ර කොතාරි සහ යෝගේන්ද්‍ර ජලන් නමැති ඔට්ටුකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය. දූෂණ මර්දන ඒකකයට ලැබුණු ඔත්තුවක් අනුව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයාට අමතරව ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකුටද තරග පාවාදීමට මුදල් ගෙවූ බව සැකකරුවන් පවසා තිබේ.
මෙවර තරගාවලියේදී මේවන විට තරග පාවාදීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500ක් වැය කර ඇති බව සැකකරුවන් හෙළිකර ඇති අතර, සියලුම තරග පැවැත්වෙන ස්ථාන ආශ්‍රිතව තම නියෝජිතයන් සිටින බවද අනාවරණය කර තිබේ.
මෙම මෙහෙයුමේදී ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානයේ තිබි ලැප්ටොප් පරිගණක දෙකක්, පටිගත කිරීමේ යන්ත්‍ර කිහිපයක්, පරිගණක, ජංගම දුරකතන 25ක් සහ ලක්ෂ ගණනක මුදල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට නොගැනීමටද රුපියල් කෝටියක පමණ අල්ලසක් ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති බවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියකු පවසා ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමන්ට කර නැති බවයි.
“මේ වගේ දෙයක් වෙලා තියෙනව නම් ඉන්දියාවෙන් අපිට දැන්විය යුතුයි. එවිට කරන්නේ මොනවද කියලා තීරණයක් ගත හැකියි. තාමත් එහෙම කිසිම දෙයක් දන්වලා නැහැ.” යැයි පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන ඉන්දීය දූෂණ මර්දන ඒකකයේ ඉහළම නිලධාරියකු පවසා ඇත්තේ මෙම සිදුවීම ඔප්පු වුවහොත් එය ලොව ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරග පාවාදීමේ සිදුවීම ලෙස සැලකිය හැකි බවයි.
Read More »

2012 වසරේ ලන්ඩන් හි පැවැත්වෙන ඔලිම්පික්‌ ක්‍රීඩා තරග සජීවී ලෙස විකාශනය කිරීම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවට හැර වෙනත් කිසිදු තැනැත්තකුට ප්‍රදානය කිරීම තහනම් කරමින් කොළඹ වානිජ මහාධිකරණය ආසියා පැසිපික්‌ බ්‍රොaඩ්කාස්‌ටින් යුනියන් සමාගමට ඊයේ වාරණ නියෝගයක්‌ නිකුත් කළේය.
එම නියෝගය ලබන 31 දා තෙක්‌ දැනට බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව විසින් ගෙනුකර තිබූ පෙත්සමක ඇතුළත් කරුණු හා එම සංස්‌ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වාචිකව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් එම නියෝගය නිකුත් කරන ලදී.
ආසියා පැසිපික්‌ බ්‍රොaඩ්කාස්‌ටින් යුනියන් සමාගමේ මහා ලේකම් ආචාර්ය ජවාඩ් මොටානි සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජෝන් බාර්ටන් යන මහත්වරුන්ද එම නියෝගයට යටත් කර ඇත. ජෝන් බාර්ටන් කලින් එම්.ටී.වී. ආයතනයේ සේවය කළ අයෙක්‌.
ලන්ඩන් ඔලිම්පික්‌ තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනියට ලබාගැනීම සඳහා ඉහත කී ඒසියන් පැසිපික්‌ සමාගම සමග 2011 දෙසැම්බර් 06 දා ගිවිසුමකට එළඹුණ බවත් එමගින් විකාශන අයිතිය පූර්ණ වශයෙන් රූපවාහිනි සංස්‌ථාවට ලබාදුන් බවත් ඒ අවස්‌ථාවේදී විකාශන අයිතිය ලබාගැනීමට වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක්‌ ඉදිරිපත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ගිවිසුම් ප්‍රකාරව බලපත්‍ර ගාස්‌තුව වශයෙන් ඇමරිකන් ඩොලර් 35,000 ක මුදලක්‌ද ගෙවා විකාශන අයිතිවාසිකම් ලබාගැනීමෙන් අනතුරුව තවත් තරගකාරී විකාශන සමාගම් 02 ක්‌ වන "කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌" හා එම්.ටී.වී. සමාගම ඔවුන්ගේ රූපවාහිනි නාලිකා හරහා ඔලිම්පික්‌ ක්‍රීඩා තරග විකාශනය කිරීමට කැමැත්තක්‌ දක්‌වන අතර ආසියා පැසිපික්‌ යුනියන් ආයතන මාධ්‍ය නිලධාරීන් එම ආයතන දෙකටත් ක්‍රීඩා විකාශනය කිරීමට අවස්‌ථාව සලස්‌වා දීමට සූදානම් වන බව රූපවාහිනියේ නිලධාරීන්ට දැනගන්නට ලැබුණ බවත් වෙනත් තැනැත්තකුටද මෙම කාර්ය පවරනු ලැබුවහොත් රූපවාහිනියට විශාල පාඩුවක්‌ වන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ලන්ඩන් ඔල්ම්පික්‌ ක්‍රීඩා තරග ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ විකාශය කිරීමට යොදා ගත හැකි රට පුරාම ජනතාව නරඹන විද්යුත් මාධ්‍ය ආයතනය රජයට අයත් ශ්‍රී ලංකා රූපවාහිනිය බවත් මීට පෙර අවස්‌ථා කීපයකදී විවිධ තරග විකාශනය කර ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Read More »

ලිපි ලේඛනවලට ජනපති හෙට අත්සන් තබයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හෙටට (19 දා) යෙදෙන යුද විජයග්‍රහණ සැමරුම් දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නිදහස ලබාදීමට නියමිතය.

නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපතිවරයා එදිනම (19 දා) අත්සන් කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පෙරේදා (16 දා) රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ඇමැතිවරුන් සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී මේ පිළිබඳව අදහස්‌ පළකර තිබේ.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම පිළිබඳව පෙරේදා (16 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමේ එක්‌ අවස්‌ථාවකදී අනෝමා ෆොන්සේකා මහත්මියද ඊට එක්‌වී ඇත. මෙම සාකච්ඡාවේදී නිදහස ලබාගැනීම හෝ නිදහස ලබාදීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් කොන්දේසි ඉදිරිපත් වී නැතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


Read More »

මා කීවේ ඛනිජ සම්පත් රජය සතු කර ගත යුතු

බව මිස පුරාවස්තු විනාශ කළ යුතු බව නොවේ


සර්පයෙක් අල්ලාගත යුත්තේ බෙල්ලෙන් මිස වලිගයෙන් නොවේ. වලිගයෙන් ඇල්ලුවොත් වෙන්නේ විනාශයක්. අන්න ඒ වගේ පුරාවස්තු හා නිධාන පිළිබඳ මා කළ ප්‍රකාශයක් වලිගයෙන් අල්ලාගෙන අද ඇතැම් මාධ්‍ය ක්‍රියාකරන බව පෙනී යනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවසූහ.
වැරදි ලෙස අවබෝධ කරගැනීම හා නිවැරදි අවබෝධයක් ගැනීමට නොහැකිවීම සියල්ලට මුලයැයි ද උන්වහන්සේ පවසති. එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේද පැවැසූහ.
පුරාණයේ යම් රජෙක්, ඇමැතියෙක්, පුරෝහිතයෙක් හෝ වැද්දෙක් හෝ කළ නිර්මාණයක් තිබේනම් එය පුරාවස්තුවක් ලෙස සැලකෙනවා. අනුරාධපුර, ‍පොළොන්නරුව, සාංචිය, කුසිනාරා හා ඉන්දුනිම්න, ග්‍රීක, මිනෝවති ආදී ශිෂ්ටාචාරවලින් දක්නට ලැබෙන්නේ ඒ පුරාවස්තුයි. අවුරුදු සියයකට පෙර කළ නිර්මාණයක් වේ නම් එය පුරාවස්තුවක්.
“නිධානයක් කියන්නේ කිසියම් නිර්මාණයකින් තොරව ‍පොළොව යට ඇති ධනයකටයි. ‍පොළොව යට ඇති රන්, රිදී, මුතු මැණික් මිනිරන් ලෝහ තෙල් ආදිය නිධාන ලෙස සැලකෙනවා. දැන් ‍පොළව යටින් නිර්මාණයක් නොකළ රන්පත් ඉරු මැණික් ආදිය හමුවුණොත් එය නිධානයක් ලෙස සලකනවා. එසේම රනින් කළ මුදුවක් හමුවුණොත් එය අවුරුදු සියයට වඩා පැරිණි නම් එය පුරාවස්තුවක් ලෙස නම් කළ හැකියි.
මම ප්‍රකාශ කළේ ‍පොළව යට ඇති ඛනිජ සම්පත් කැණීම් කර ඒවා රජය ගෙන මහජනයාගේ යහපතට යෙදවිය යුතුයි කියා මිස පුරාවස්තු විනාශ කළ යුතුයි කියා නොවේ. පුරාවිද්‍යා ස්ථාන කැණිම් කිරීම් විද්‍යානුකූලව හා ශාස්ත්‍රාණුකූලව කළ යුත්තක්.
පුරා විද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කිරීම රජයේ වගකීමක් වගේම ‍පොළොව යට ඇති ඛනිජ සම්පත් ගොඩගෙන ජාතියේ යහපතට යෙදවීමත් රජයේ වගකීමක්. රජය යනු මහජනතාවයි. දැන් අපි ඉන්න රත්නපුර ප්‍රදේශයේ මැණික් ගෙඩි ‍පොළව යට  තිබෙනවා. ඒවා බලපත්‍ර සහිතව ගොඩගැනීම වරදක් නොවේ. දැන් පස් කැපීමක් කළ යුත්තේ බලපත්‍ර ඇතිවනේ.
කෞතුකාගාර යනු ජාතික සම්පතක්. ඒ ජාතික සම්පත ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටයි. රජය යනු ජනතාව නම් ජනතාව සතුදේ ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. ඒ නිසා තමයි කෞතුකාගාර අයිති රජයට කියා මම කිව්වේ. කෞතුකාගාර ආරක්ෂාකිරීම රජයේ වගකීමක් කිව්වා. ඒවා විකුණාගෙන කෑම රජයේ වගකීමක් කියා මම ප්‍රකාශකර නෑ”
එහෙත් අද ඇතැම් මාධ්‍ය වැරදි අවබෝධ කරගැනීම් නිසා සියල්ල පටලවාගෙන ක්‍රියාකරන බව පෙනෙනවා. එය හරියට සර්පයාගේ බෙල්ලෙන් අල්ලා නොගෙන වලිගෙන අල්ලා ගත්තා වගෙයි.
video

Read More »

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත කොන්දේසි විරහිතව ඉක්මනින් නිදහස ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. 
ඊයේ(16) රාත්‍රියේ තමන් ජනාධිපතිවරයා හමුවූ බවත්, සරත් ෆොන්සේකා මහතා වෙත හැකි ඉක්මනින් නිදහස ලබාදෙන බවට ඔහු එහිදී සහතික වූ බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළ බව ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරයි. 
මේ සම්බන්ධව ජනාධිපති කාර්යාලය අදහස් දැක්වීමක් සිදුකර නොමැති බව ද එම පුවත් සේවය සඳහන් කරයි. 
කෙසේවෙතත් දින කිහිපයක් ඇතුළත සරත් ෆොන්සේකා මහතාට කොන්දේසි විරහිතව නිදහස ලබාදෙන බවට ඊයේ(16) නිල වශයෙන් තහවුරු කර තිබූ බව ද ඒ.එෆ්.පී වාර්තා කරයි. 
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ(16) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.


Read More »

නිදහස හිමිවුවහොත් සරත් ෆොන්සේකා යළි දේශපාලනයට පැමිණෙයි ද?
 එකී පැනයට  අනෝමා ෆෝනසේකා මෙලෙස පිළිතුරු ලබාදුන්නාය
’’මං හිතන්නේ, මට 100%ක් මේකට වචනයක් කියන්න බෑ. එතුමා කවදාවත් රට ජාතිය ගලවා ගැනීමට උරදුන්න කෙනෙක් ඉතින් ඉදිරියටත් ඒ පියවර ගනියි කියන අදහස මගේ තියෙනවා. හැබැයි එකේ වචනය කෙලින්ම ගන්න ඕනේ මගෙන් නෙවෙයි. ජෙනරාල්තුමාගෙන් ’’

විශ්‍රාමික අගවිනිසුරු සරත් එන්. සිල්වා

 ’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ කිසියම් තැනැත්තෙක් අධිකරණයක් විසින් හය මාසයකට අධික වු දඩුවමක් පමුණුවනු ලැබුවේ නම් ඒ දඬුවම ලබන වරදට දඬුවම් සීමාවක් වශයෙන් අවුරුදු 2කට ඉක්මවන කාලයක් තිබෙනවා. නම් එතකොට ඒ හය මාසයකට දඬුවමක් ලබීම හේතුවෙන් ඒ තැනැත්තා ඒ දඩුවමකට අමතරව තව නුදුසුදුකමකට යටත් වෙනවා නම් ඔහු ඡන්ද දායකයෙක් බවට පත් වීමේ නුසුදුස්සෙක් බවට පත් වෙනවා. ඡන්ද දායකයෙක් වීමේ නුසුදුස්සෙක් වීමේ තවත් ඵල විපාලයක් තමයි ජනාධිපති මැතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරනටයකට හෝ වෙන කිසියම් මැතිවරණයකට  ඉදිරිපත් වීමකට හැකියාවක් නැහැ. ඒ දඬුවම ලැබි අවුරුදු 7ක් ගතවෙන තුරු ඒ නුසුදුකම සම්බන්ධයෙන් සමාවක් දීමට ජනාධිපතිට විශේෂ බලයක් තියෙනවා. මේ 34 වෙනි වගන්තියේ ව්‍යවස්ථාව යටතේම එතකොට ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් විශේෂ සමාවකත් දියයුතුයි. තවත් එකක් තියෙනවා. ඒ සමාව දිමේදී අර තිබෙන නුසුදුසුකමට යටත්ව තිබෙන කාලසීමාව ඒ කියන්නේ, අවුරුදු 7ක කාලසීමාව අඩුකිරීමටත් ජනාධිපතිතුමාට බලයක් තියෙනවා ’’
Read More »

ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.
එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ
මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.
ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.
නමුත් ඔහු විසින් අනතුරු අඟවා තිබුනේ විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත්විය යුතු බවයි.>2007 වසරේ පැවැති සිරස කුමරිය තරගයේ “ඡවි කල්‍යාණිය” කොටසේ දෙවැනි ස්ථානය හිමිවු ඇය ස්වර්ණවාහිනි නාලිකාවේ “රසලිය” වැඩසටහන මම වසර 2 ක් පුරා නොකඩවා ඉදිරිපත් කර තිබුණා




Read More »

මහ බැංකුව මගින් නිකුත් කෙරෙන රන් පැහැති රුපියල් 5 කාසිය දියකොට දම්වැල් සාදා විකිණීමේ ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක වේ. බස් නැවතුම්පොළ, පදික වේදිකාවල, දුම්රියපොළවල් හා වෙනත් ජනාකීර්ණ ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක වේ.
පල්ලෙකැලේ ස්ථානයක මෙය නිෂ්පාදනය කෙරෙන බවට ඒවා අලෙවි කරන පුද්ගලයෝ ප්‍රචාරයක් ද ගෙන යති. රටේ මාරු කාසි හිඟයක් පවතින අවස්ථාවක මෙවැනි දේ සිදුකිරීම සාධාරණ දැයි පාරිභෝගිකයෝ ප්‍රශ්න කරති.
රටේ නීතියට පටහැනි මෙවැනි දේ කිරීම ගැන මහා භාණ්ඩාගාරය සොයා බැලිය යුතු බව ද පෙන්වා දෙති.
රුපියල් 5 කාසි එකකින් චේන් පොටක් සාදා එය රුපියල් 100/- බැගින් අලෙවි කරන අතර මහජනතාව ද එය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව කරන ලද පරීක්‍ෂණවලින් සොයාගෙන ඇත. දිවයිනේ නන් දෙස මෙය ක්‍රියාත්මක වන අතර එමඟින් ඒවා අලෙවි කරන්නන් විශාල ආදායමක් උපයන බව ද සොයාගෙන ඇත.
Read More »

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැඩිම මුදලක්‌ හිමිවනු ලබන 'ඒ' ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉදිරි වසර සඳහා අත්සන් තැබෙන අදාළ කොන්ත්‍රාතුවේදී ශ්‍රේණි දෙකක්‌ යටතේ (ජාතික සහ පළාත් වශයෙන්) ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී සිටින අතර එහිදී ජාතික කාණ්‌ඩය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු කාණ්‌ඩ 6 ක්‌ යටතේ කාණ්‌ඩ ගත කර තිබේ. 
ඇමරිකානු ඩොලර් 127,000 ක්‌ හෙවත් දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 13.9 ක්‌ හිමිවන අදාළ 'ඒ' කාණ්‌ඩයට ලසිත් මාලිංග සමගින් වත්මන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර සහ තිලාන් සමරවීර ටී.එම්. ඩිල්ෂාන් ඇතුළත් වී සිටියි.
'ඒ' කාණ්‌ඩයට අදාළ සියලූම ගෙවීම් සිදුකෙරෙනුයේ ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20/20 යන අංශ 3 ම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට වන අතර මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40% ක මුදලක්‌ පමණි. මේ සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවූ මාලිංග ශ්‍රී ලංකා ක්‍රීකට්‌ ආයතනය සමග කිසිදු කොන්ත්‍රාත්තුවක්‌ නොමැති වීම මත තමා දැන් නිදහස්‌ ක්‍රීඩකයකු වන බව ඉකුත්දා ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌ සඳහන් කර සිටියේ, අදාළ 100% ක මුදලම මාලිංගට හිමිවීමට නම් ඔහු අංශ තුනම නියෝජනය කළ යුතු වන බවත්, ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඊට වැඩි මුදලක්‌ ඔහුට ලබාදීමේදී අංශ තුනම නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට එමගින් දැඩි අසාධාරණයක්‌ සිද්ධවන බවයි.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 82,000 ක්‌ හිමිවන (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9 ක්‌ පමණ) හිමිවන 'බී' කාණ්‌ඩයට උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත් සහ උපුල් තරංග ඇතුළත්ව සිටිති.
ඇමරිකානු ඩොලර් 66,150 ක්‌ හිමිවන(දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 7.2) තෙවැනි කාණ්‌ඩය සඳහා ඇතුළත්ව සිටින්නේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පමණි.
සිව්වැනි කාණ්‌ඩයට තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටින අතර ඔවුන් අත්සන් තැබෙනුයේ ඇමරිකානු ඩොලර් 49,750 ක්‌ (දල වශයෙන් ශ්‍රී ලංකා මුදලින් මිලියන 54.4) වැනි මුදලකටය.
අදාළ කොන්ත්‍රාත් ගත කිරීමේදී පස්‌වැනි දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර සහ තිසර පෙරේරාද, හයවැනි කාණ්‌ඩයට චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල් සහ ළහිරු තිsරිමාන්න ඇතුළත් වී සිටියි.
මෙවර අන්තර් සමාජ තරගාවලියේදී ලකුණු 1000 සීමාව ඉක්‌මවා යැමට සමත්වූ චාමර සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශ තුනම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් අයත්ව සිටින්නේ පළාත් කාණ්‌ඩයට වන අතර ඔහුට වඩා අඩු දස්‌කම් දැක්‌ වූ චාමර කපුගෙදර(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 2.4 ක්‌ හිමිවන හයවැනි කාණ්‌ඩය) සහ දිල්හාර ප්‍රනාන්දු(ඇ. ඩොලර් 3.6 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 3.6 ක්‌ හිමිවන පස්‌වැනි කාණ්‌ඩය) ඉහළ කාණ්‌ඩ වලට ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ.
මීට අමතරව පළාත් ශ්‍රේණියේ කාණ්‌ඩ 4 ක්‌ යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකු කාණ්‌ඩගත කර තිබෙන අතර ඔවුන් බහුතරයක්‌ ශ්‍රී ලංකා 'ඒ' සහ සංවර්ධිත සංචිතවල පසුවන ක්‍රීඩකයන් වේ. 
ඉකුත් වසරේදී අදාළ කොන්ත්‍රාත්ගත කිරීමට ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවත්, මෙවර එය 60 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගැනීමද විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක. 

ජාතික ශ්‍රේණිය
පළමු කාණ්‌ඩය(ඇ. ඩොලර් 127,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 13.9) - මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලාන් සමරවීර, ලසිත් මාලිංග ,  ටී.එම්. ඩිල්ෂාන් .
දෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 82,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9) - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත්, උපුල් තරංග.
තෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 66,150 හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 7.2 ක්‌) - ප්‍රසන්න ජයවර්ධන
සිව්වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 49,750 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 5.4 ක්‌) - තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්.
පස්‌වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 33,075 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 3.6 ක්‌) - දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, තිසර පෙරේරා.
හයවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන2.4 ක්‌) - චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල, ළහිරු තිරිමාන්න.

පළාත් ශ්‍රේණිය
'ඒ' කාණ්‌ඩය - චාමර සිල්වා, තිළිණ කණ්‌ඩම්බි, ධම්මික ප්‍රසාද්, දිමුත් කරුණාරත්න, µර්වීස්‌ මහරූෆ්, ජීවන් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, සචිත්‍ර සේනානායක, ශමින්ද එරංග.
'බී' කාණ්‌ඩය - දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න, කෝසල කුලසේකර, කුසල් පෙරේරා, මාලිංග බණ්‌ඩාර, නදීර නාවෙල, මිලින්ද සිරිවර්ධන, නිලංග ප්‍රේමරත්න, රොෂේන් සිල්වා, සචිත්‍ර සේරසිංහ, සජීව වීරකෝන්, සික්‌කුගේ ප්‍රසන්න, තරංග ලක්‌ෂිත, මලින්ද වර්ණපුර, නුවන් ප්‍රදීප්.
'සී' කාණ්‌ඩය - ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, කෞෂාල් ලොකුආරච්චි, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, ටී. එන්. සම්පත්.
'ඩී' කාණ්‌ඩය - අශාන් ප්‍රියන්ජන්, අෂේන් සිල්වා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල, යොහාන් ද සිල්වා, කිත්රුවන් විතානගේ, සොහාන් බොරලැස්‌ස, උදාර ජයසුන්දර.
Read More »

Cartoons Of The Day

LATEST NEWS

Paid Advertisment

Tools

..

Recent Posts

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via gossiplankanews2@gmail.com and that will be removed.

Archives

Video Bar

Loading...