Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

ඔහු .... සනත් ජයසූරියයි. සුද්දාගේ ක‍්‍රීඩාව අපේම ක‍්‍රමයකට ආක‍්‍රමණය කල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැවැන්තයා ඔහුය. ඔහු තාක්‍ෂණයෙන් අග‍්‍රගණ්‍ය පිතිකරුවෙකුද නොවේ. එහෙත් ඔහුගේ දරුණු ප‍්‍රහාරයන්න්ට ලක්ව මෙලොව ඇති සියළු ක‍්‍රිකට් පිටිවල හතරේ සීමාවට බොහෝ එපිටින් පතිත වූ පන්දු ගණන අපමණය. කේඩැරිව වියැලී තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තණ තිල්ලට වසන්තය කැන්දුයේ ඔහුය.
41 වියැති වුවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තවමත් දිවි සේ පෙම් බඳින මේ අපේ මිනිසා, ලන්ඩනයේ  ඕවල් ක‍්‍රීඩාංගණයේදී එල්ල කල අවසන් පහර එංගලන්ත පන්දු රකින්නෙකු විසින් අල්ලා ගැනීමත් සමඟ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වංශ කථාවට පෑයූ සුපිරි තරුව ලොව කිසිවෙකුට නොදෙවෙනි සිය අභිමානවත්අසමසම ගමන හමාර කලේය. ක‍්‍රිකට් වසන්තය නිමා වූයේය.
Read More »

සෞදි අරාබියේ මරණ දඩුවම නියම වී සිටින රිසානා නෆීක් බේරා ගැනීමට ජාත්‍යන්තර සහාය ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.
රිසානා නෆීක් නිදහස් කරන ලෙස බල කරමින් අද පැවති විරෝධතාවකදී මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේය.
කොළඹ පිහිටි සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විය.
Read More »


පිරවුම්හල් 15 ක පෙට්රල් පරීක්ෂා කරයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන ලද පෙට්රල් ටොන් 20,000 ක තොගය බාල බවට ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකළ බව ඛනිජ තෙල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.
ඛනිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන පැවසුවේ මෙම පරීක්ෂණයේදී පිරවුම්හල් 15 ක තෙල් නියදි ගෙන පරීක්ෂා කළ බවත් ඉන් 13 කම පෙට්රල් බාල නොවන බව හෙළිවූ බවයි.
සේරුවාවිල හා කුලියාපිටිය යන තැන් වලින් ලබාගත් පෙට්රල් තත්ත්වයෙන් බාල බව පෙනී ගොස් තිබෙනවා. එයට හේතුව කුමක්දැයි සෙවීමට මේ වනවිට තවත් පරීක්ෂණයක් සිදු කෙරෙනවා.
යනුවෙන් ජයවර්ධන මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ මෙම පෙට්රල් තොගය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කිසිදු අතර මැදියෙකු නොමැතිව එමිරේට්ස්හි රාජ්‍ය තෙල් සමාගමකින් පසුගිය 17 වනදා ගෙන්වා තිබෙන බවයි.
Read More »




Read More »


ශ්‍රී ලංකාව අද මිනිස් ජිවිතවගට නිසි වටිනාකම් ලැ‍බෙන රටක් බවට පත්ව ඇතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමද එක්ව සිටිය අතර ඔහු එහදී මෙසේ පැවසිය.

"
සමහරු හිතන් හිටියා මහ ඇමති වෙන්න ගිය මිනිහා කොහේ ගිහින් නවතීද දන්නෑ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියලා. එක්ලක්ෂ විසි හත්දාහක් ගත්තම කට්ටිය හිතුව ඇමතියි කියලා. කට්ටිය කිව්වා නියෝජ්‍ය ඇමතියි කියලා. පත්තරකාරයොත් දැම්මා. අනේ මුකුත් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී. මට වඩා භාගෙටත් අඩුවෙන් ගත්ත කටිටිය කැබිනට් ඇමති. කරන්න දෙයක් නැ. ජ්‍යෙෂ්ඨයින්ට ඉඩදෙන්න එපැයි. අපි ඉවසන් ඉන්නවා"
Read More »

අද(26)යාපනයේ පුත්තූර් ප්‍රදේශයේ වාරතවත්ත ක්‍රීඩාංගණයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගෙළ වැල ළාගෙන මිය ගිය බව ට ඇඟවෙන ලෙස මෙම මළ සිරුර ප්‍රදර්ශනය වුවද මරණයට ලක් වූ පුද්ගලයාගේ දෙපා ඉතා හොඳින් පොළොව ස්පර්ශ වන නිසා හා තවත් කරුණු හේතු කොටගෙන මෙය සියදිවි නිසා ගැනීමක් නොව ඝාතනයක් බවට සැක කළ හැකි යයි අච්චුවේලි පොලීසියේ නිලධාරියෙක් අද දෙරණට කියා සිටියේය.
මෙම මරණය හේතුවෙන් ප්‍රදේශයම යම් භීතියකින් ඇළලී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බාලචන්ද්‍රන් සම්ගුණනාදන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බව දැනට සොයාගෙන ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
අච්චුවේලී පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
Read More »

 

GossipLankaNews lk 0 comments

uq;=fyÜá.u කරාපිටිය frday, පිරිසිදු කරයි

 .d,a, lrdmsáh frdayf,a l¿.,a mjqf¾ jeù ;snQ .ia Wÿrd oeuQ .d¨ Èid uka;%S ksYdka; uq;=fyÜá.u uy;d tys mßirh wmsßisÿj ;sîu .ek fkdi;=g m< lf<ah' tys Y%uodkhlg .sh uka;%S frday,a md,kfhka fkdlereKq jev fidhd ne¨fõh' frday, bÈßmsg ;%sfrdao ßh .d, iqÿiq ;eklg f.khk f,io Wmfoia ÿkafkah'
uka;S%f.a ta Wmfoia ;%sfrdao ßheÿrka fkd;el+ nj fmks‚
Read More »

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙතිශවේදියෙකු විසින් කාගේත් අවධානය දිනාගත් බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි 2011 වසරේදී ගැබ්ගනු ඇතැයි අනාවැනි පළකර තිබූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව, ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරන්නේ පවිත් ශන්ගි නම් මෙම ජ්‍යෙතිශවේදියා කී අනාවැකිය මේ වනවිට සත්‍ය වී තිබෙන බවත් ඓශ්චර්යාට නිවුන් දරුවන් හෝ ගැහැණු දරුවෙකු ලැබෙනු ඇතැයි එහිදී ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබෙන බවයි.
මේ අනුව, මේ වනවිට මෙම අනාවැකිය පිළිබඳව බොලිවුඩයේ බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන්ය.
තමා කී දෙවැනි අනාවැකියද සත්‍ය වනු ඇති බවත් අංක විද්‍යාවට අනුව අභිෂේක් හා ඓශ්චර්යා යන දෙදෙනාම අංක 05 බැවින් බොහෝ දුරට මොවුන්ට නිවුන් දරුන් ලැබීමට වැඩි ඉඩ කඩක් තිබෙන බවත් අදාළ ජ්‍යෙතිශවේදියා විසින් අවධාරණය කරන බව අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියයි.
Read More »


ජංගම දුරකතන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීම සඳහා දුරකතන සමාගම්වලට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි. ඒ අනුව දැනට ජංගම දුරකතන සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නියම කරන ලද අවම ගාස්තුව වන රුපියල් දෙක ලබන මාසයේ සිට විනාඩියකට රුපියල් 1.50 දක්වා පහළ දැමීමට සමාගම්වලට අවසර ලැබේ.
ස්ථාවර දුරකතනවලට සාපේක්ෂව ජංගම දුරකතන සබඳතාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් දැනට මෙරට භාවිත කරන දුරකතන ප්‍රමාණය මිලියන 20කට ආසන්න බවත් ඉන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකතන බවත් පැල්පිට මහතා වැඩිදුරටත් පවසයි
Read More »

සුගත් සමරකෝන් අධ්‍යක්‍ෂණය කරනු ලබන "කුවේණි" චිත්‍රපටයේ යක්‍ෂ ගෝත්‍රයේ ප්‍රධාන චරිතයකට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පෙරේදා රඟපෑවේය.


ගම්පහ උද්භිද උද්‍යානයේදී කැමරාගත කරනු ලැබූ "කුවේණි" චිත්‍රපටයේ දර්ශන කීපයකට රඟපෑම සඳහා පැමිණි මර්වින් සිල්වා මහතා වසන්ත විට්‌ටච්චි විසින් වේෂ නිරූපණයට භාජනය කරන ලදී.
"දේශපාලනය කරන එකත් හොඳ රඟපෑමක්‌ නිසා චිත්‍රපටවල රඟපාන එක එච්චර අසීරු වෙන්නේ නැතැ"යි කී මර්වින් සිල්වා ඇමැතිවරයා චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල රඟපෑමට ලැබෙන ඕනෑම චරිතයක්‌ භාරගැනීමට සූදානම් යෑයි ද කීවේය.

"මේ රැවුල් දැමිල්ලෙන් මට ඇලජික්‌ වෙන්නේ නැහැ නේදැ"යි ඔහු වේෂ නිරූපණ ශිල්පියාගෙන් විමසීය.
Read More »


ඇස්ට්‍රාමාගරින්, වයස අවුරුදු 03ට අඩු දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් වහාම එය අදාළ නිෂ්පාදනවල ‍‍‍ ලේබල්වල සටහන් කරන ලෙස අනුරාධපුර ක‍හටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද(23) නියෝග කර ඇත.
ඇස්ට්‍රාමාගරින්වල අඩංගු ඊ 319 නැමැති ප්‍රතිඔක්සීකාරකය දරුවන්ගේ වැඩීමට අහිතකර ලෙස බලපාන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පනත මගින් පෙන්වා දී ඇති අතර ඒ බව ලේබල්වල සටහන් කරන ලෙස දැනුම් දුන්නද අදාළ සමාගම එම නියෝගය මෙතෙක් පිළිගෙන නොමැත.

ඒ හේතුවෙන් අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වී. එම්. ඒ. බාලසූරිය මහතා අධිකරණය වෙත නඩුවක් ගොනුකර ඇත. එහි ප්‍රතිළුලයක් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දීමට පියවර ගෙන තිබේ.
ලංකාපුවත් ඇසුරෙන්
Read More »


පෞද්ගලික බස්රථ සඳහා අවම බස් ගාස්තුව රුපියල් 7 දක්වා ඉහළ දැමීම‍ට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජූලි මස පළමුවැනිදා සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අනෙක් බස් ගාස්තු ද සියයට 7%ක්‍ ඉහළ නැංවෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් මෙම බස් ගාස්තු සංශෝධනය සකස් කර ඇති බව සී.බී.රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගාස්තුව ද ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 7 .6% න් ඉහළ නැංවෙන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා පවසයි.

Read More »

;=kayeúßÈ orejl= ud;r uydkdu md,u Wv ;nd .Õg mek fkdfmkS .sh nj lshk lcq fjf<kaÈhlf.a ieñhd isoaêh ie,ù tys wdúg wef.a f.j,a wjg msßi Tyq w,a,d fmd,sishg ndrÿkay' bka ál fõ,djl miq wef.a isrereo f.dv .eksks'

s,xldoSm weiqfrka

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වැනි ව්‍යවස්ථාව ශීලාචාර රටකට නොගැලපෙන් බවත් එය ඉතා දරුණු බවත් අවාසනාවකට එය අපේ රටේ නීතියක් බවට පත්ව ඇති බවත් නිතීඥ එස්.එල්.ගුණසේකර අද අභියාචනා අධිකරණය හමුවේ කියා සිටියේය.
, හිටපු හමුදාපති සරත් ‍fdන්සේකා දෙවැනි යුද අධිකරණයේ තීරණවලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී අධිකරණයට පැමිණෙමින් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

"
මට ආරක්ෂාව දෙනවද කැමරා එක්ක රණ්ඩු කරනවාද? අන්න බළලා මල්ලෙන් එළියට ඇවිල්ලා. අස්වර් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා ඔයා රස්සාව කරන්න අවසර ඉල්ල ගන්න මෙයාගෙන් අනිත් අයට නැති කැක්කුමක් තියෙනවා. යනකොට මම කියන්නම්"
Read More »


"චැනල් ෆෝ" වීඩියෝව මගින් ප්‍රකාශිත කරුණුවල පවතින පරස්පරතාවය පිළිබඳ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරුණු ගෙන හැර දක්වා තිබේ.
ජාත්‍යන්තර ප්‍රධාන පෙළේ මානුෂීය සංවිධාන තුනක් විසින් අදාළ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.
"
චැනල් ෆෝ" මාධ්‍ය හරහා එළිදැක්වූ අදාළ වීඩියෝව නිර්මාණය කළ කැල්ලම් මැක්රේ ද එම සම්මන්ත්‍රණයට එක්ව සිටි බව වාර්තා වේ.
අදාළ වීඩියෝව විකාශය කරමින් එහි අන්තර්ගත අසත්‍ය කරුණු පිළිබඳ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රැස්ව සිටි රාජ්‍ය ‍fkdjk සංවිධානවලට අයත් නිලධාරීන් දැනුවත් කර තිබේ.
විශේෂයෙන් දමිල්වානී ඥාන කුමාර් යන නමින් අදාළ වීඩියෝවේ පෙනී සිටින තැනැත්තිය සිදුකරන ප්‍රකාශවල අසත්‍යභාවය පිළිබඳවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරුණු දක්වා තිබේ.
අදාළ තැනැත්තිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කටයුතු කළ අයෙක් බවත් ඇය විවිධ අවස්ථාවන් වල නම් තුනකින් පෙනී සිට ඇති බව ද ඔහු එහිදි අවධාරණය කර ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා ද සහභාගී වී තිබේ.

Read More »

භාවිත කරන ලද උපත් පාලන කොපු යොදාගනිමින් කොණ්ඩා පටි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් දකුණු චීනයේ ක්‍රියාත්මක කෙරෙන බව AFP පුවත් සේවය වාර්තා කරයි.නමුත් මෙම කොණ්ඩා පටි භාවිතය නිසා ලිංගික රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.

එරට බොහෝ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා වෙළඳ මධ්‍යස්ථාන වලින් මෙම නිෂ්පාදනය මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මෙම හානිකර නමුත් ලාභදායි රබර් කොණ්ඩා පටි සඳහා එරට වෙළඳපොළ තුළ ඉහළ අ‍ලෙවියක් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. මෙම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපත් පාලන කොපු යොදාගත්ත ද ඒවායේ හානිකර වෛයිරස් හා බැක්ටීරියා අන්තර්ගත විය හැකි බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

.

Read More »

අබිරහස්‌ ලෙස කාන්තාවන් ඝාතනය කරන සැකකරුවකු නමවැනි වරටද කාන්තාවක පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බවට සාක්‌ෂි පවතින බැවින් වැලිගෙපොළ පනන්කන්ද ප්‍රදේශයේ ගම්වාසීහු භීතියට පත්ව සිටිති.
කළු ඇඳගත් හැඩිදැඩි සිරුරක්‌ සහිත මෙම පුද්ගලයා කඩුවකට සමාන තියුණු ආයුධයක්‌ද අතැතිව පනන්කන්ද ආශ්‍රිතව පවතින වැලිගෙපොල පහළ කිරඹ, පන්නිල, දංදෙණිය, හෙළඋඩකන්ද, නීලදුරේ, දඹුල්ලවල සහ දොඩම්පිටිය යන ප්‍රදේශවල සැරිසරන අයුරු ගම්වාසීන් දැක තිබේ.
මීට පෙර කහවත්ත පොලිස්‌ බල ප්‍රදේශයේ කාන්තාවන් අටදෙනකු පැහැරගෙන ගොස්‌ අමානුෂික වධහිංසනයට ලක්‌කර ඝාතනය කළ බවට ඔහුට චෝදනා පවතී. නමවැනියාට ඔහුට ගොදුරු වී ඇත්තේ නීලදුර පදිංචි අවුරුදු පනහක අවිවාහක කාන්තාවකි.
සැකකරු සැඟව සිටිතැයි සැකකරන පනන්කන්ද කැලෑරොද ප්‍රදේශවාසීන් සියයකට ආසන්න පිරිසක්‌ එක්‌ව ඊයේ (21 වැනිදා) සෝදිසි කර තිබේ. එහිදී අතුරුදන් වූ කාන්තාවගේ කපා දමන ලද කෙස්‌වැටිය, ඇය අවසන් වරට ඇඳ සිටි ඇඳුම්, ශරීරයේ කැබලි සහ ලේ පැල්ලම්ද හමුව තිබේ.
කහවත්ත සහ ඕපනායක පොලිසි මගින් මෙම අභිරහස්‌ පුද්ගලයා සොයා පරීක්‌ෂණ සිදුකළ ද අත්අඩංගුවට ගැනීමට නොහැකිවී තිබේ.

ප්‍රදේශයේ සිදුවන මෙම බිහිසුණු ක්‍රියාව හේතුවෙන් ඊයේ (21 වැනිදා) වන විටත් අවට ගම්වාසීන් සිය දරු මල්ලන්ද සමග ගමේ එකම තැනකට එක්‌ව නොනිදා රැය පහන් කරනු දක්‌නට හැකි දර්ශනයකි.
Read More »


වරකාපොළ , දුම්මලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ දුම්වැටි නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම දුම්වැටි නිෂ්පාදනාගාරය කොළඹ උතුර දූෂණ මර්දන අංශය විසින් වටලා ඇති බව සඳහන්වේ.
එහි තීබී නිෂ්පාදනය කරන ලද ව්‍යජ දුම්වැටි තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොළඹ ජම්පටා වීදීයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
දුම්වැටි නිෂ්පාදනාගාරයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »


ලොව කාගේත් අවධානය දිනාගත් බොලිවුඩ් සුපිරි නිළියක් වන ඓශ්චර්යා රායි මව් පදවිය ලැබීමට යනබව අනාවරණය වීමෙන් පසුව බොලිවුඩය කැළඹී තිබෙන බව වාර්තා වේ.
සිය ලේලිය වන ඓශ්චර්යා ගැබ්ගෙන තිබෙන බව ට්විටර් බ්ලොග් අඩවියට මුලින්ම අභිෂේක් බච්චන්ගේ පියා වන අමිතාබ් බච්චන් හෙළිකර තිබෙන අතර ඉන්පසුව බච්චන් පවුලේ ප්රේක්ෂකයින් ජල්සාවල පිහිටි අමිතාබ්ගේ නිවස වටකරමින් ප්රීති ඝෝෂා කළබව ඉන්දීය මාධ් වාර්තා සඳහන් කරයි.
මේ අතර, මෙම ප්රවෘත්තිය කණ වැකුණු බච්චන් පවුලේ රසිකයින් මෙන්ම බොලිවුඩ් සුපිරි තරුද දුරකතන පණිවුඩ, බ්ලොග් පණිවුඩ ඇතුළු සන්නිවේදන ක්රම මගින් බච්චන් පවුලට සුභ පතන බවද සඳහන්ය.

 
Read More »


Install sinhala click the link below 

Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us