Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

ම‍ව‍ට 92 ‍යි, ‍බිහිකළ දරු‍වාට 60

දකුණු දිග ‍චින‍යයේ ‍‍ව‍යස 92ක් ව‍‍යසැති කතකගෙන් වයස 60 ක‍ට වඩා පැරණි කළළ‍යක් ඇය‍ගේ කුසයෙන් වෙන් කරගෙන අැත,   ජීවය රහිත කළළට කුස තුළ ගලක් රදවා සිටින්නා හා සමා‍න‍ව රදවාගෙන ඇත.
 වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ‍මෙම කළළය 1947 දී පමණ මියගිය එකක් බව‍ය. එසේම මෙවැනි තත්ව‍යන් ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බව‍ත් ඔවුන් පවසති.
Read More »

විවාහවිමේ වයස් සීමාව අඩු කිරීමට අවධානය

මෙරට තරුණීයන්ගේ විවාහවිමේ වයස් සීමාව අඩු කිරීම පිළිබඳ අවධානය යෙමුව ඇතැයි, රාජ්‍ය පරිපාලන හා ස්‍වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙවිරත්න පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ රත්නපුර පැවති රැස්වීමක් අමතමිනි.
"ඔය විවාහවීමේ වයස ටිකක් අඩු කරන්න.  මම යෝජනා කළා. නීති කෙටුම්පත් කළා. නමුත් යම් යම් කාන්තා සංවිධානවලින් අම්මාවරුන්ගේ සංවිධානවලින් ලොකු දෝෂාරෝපණයක් එනවා. මේ රටේ ඉන්න ගැහැණු ළමයි විනාශ කරන්න හදනවා කියලා. මම ඇත්ත වශයෙන්ම කළේ, සමාජ සංශෝධනයක් ගේන්න. අඩු වශයෙන් අවුරුදු 15දක්වා වත් බලමු අඩු කරන්න පුළුවන්ද කියලා.
Read More »

UNP leader ?  

GossipLankaNews lk 0 comments

Read More »

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්

ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසය ශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.

ඇය මේ බව පැවසුවේල ඊයේ (29) කොළඹ පදනම් ආයතනයෙහි පැවැති ගෝලීය අරමුදලෙහි ආර්- 9 එච්. අයි වී ව්‍යාපෘතිය යටතේ ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ජාතික මට්ටමේ වැඩසටහන අමතමිනි.

Read More »

Dogs from America  

GossipLankaNews lk 5 comments


ලංකාවට ඇමරිකාව කෝටි තුනක බල්ලන් පරිත්යාග කරයි


ආරක්‍ෂක අංශ සඳහා බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා විශේෂිත සුනඛයින් පිරිසක් ඇමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව භාරදුන් බව හමුදාව පවසයි.
ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීසියා ඒග බුටෙනිස් මහත්මිය විසින් ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත මෙම සුනඛයින් පිරිස භාරදී තිබේ.
මෙලෙස භාර දුන් සුනඛයින් 06දෙනා රුපියල් ලක්‍ෂ 300ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර එම සුනඛයින් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා අයුරු පෙරහුරුවක් මගින් ඉදිරිපත් කිරීමද ඔවුන් භාර දුන් අවස්ථාවේදී සිදු කර ඇතැයි සඳහන්ය.
Read More »

පුද්ගලික බස්වලට පෙරගෙවුම් ක්‍රමයක්

ලබන අගෝස්තු මාසයේ දී පෙරගෙවුම් ක්‍රමයක් පෞද්ගලික බස් රථ සේවය සඳහා හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසයි.

තම සංගමයේ දස වැනි සංවත්සරයට සමගාමීව මෙම පෙරගෙවුම් ක්‍රමය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.
Read More »

Ghost In Elkaduwa  

GossipLankaNews lk 0 comments


ජනතාව බිය ගන්වමින් ඇල්කඩුවේ සැරිසරන භූතයෙක්
මාතලේ, උකුවෙල බල ප්රදේශයට අයත් ඇල්කඩුව අවට ගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්රියේ සැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්රියාකාරකම් බව ගම්වාසීන් පවසයි.

මොහුගේ ක්රියාකාරකම් හේතුවෙන් ගම්වාසීන් ඔහු භූතයෙකුට සමාන කරයි.
Read More »

පුoaගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මිය hhs

මසුන් මෑරීමට ගිය පුත්ගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මිය ගොස් ඇතයි හලාවත රෝහල පවසනවා.පල්ලම එලිච්චියේ පදිංචි පුත්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර මරණයට පත්වී ඇත' නියගය හේතුවෙන් එලිච්චිය ප්‍රදේශයේ දිය කඩිති වල ජලය සින්දී ගොස් තිබෙනවා'එවැනි දිය කඩිත්තකින් පන පිටින් අල්ලා ගත් මාලුවෙකු මුඛයේ තබd ගනිමින් තවත් මත්ස්‍යයකු අල්ලා ගැනීමට යාමේදී මෙම පුද්ගලයා අනතුරට මුහුන දී තිබෙනවා'
Read More »

රුවන්වැල්ලේ  සොබිත හිමි ලේකම්වරියක් සොයයි
Read More »


  එංගලන්ත කොටි හුරතල්, ලන්ඩනයේ කොටි බස්
එල්.ටී.ටී.. බ්රිතාන්යය තුළ තහනම් සංවිධානයක්වුවත් එහි පදිංචි කොටි හිතවාදී ද්රවිඩයන් පිරිසක්පවත්වාගෙන යන රියෑදුරු පුහුණු පාසලක ඊළාම් බස්රියක්සිය ව්යාපාර කටයුතු සඳහා යොදවා ඇත.

Read More »


ප්‍රමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
 රූපලාවන්‍යාගාරයකින්, රූපලාවන්‍ය කටයුත්තක් කිරීමෙන් පසු මුහුණ විකෘති වූ බව සඳහන් කරමින් කාන්තාවක් විසින් එම රූපලාවන්‍යාගාරයට එරෙහිව කර තිබූ පැමිණිලක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය ඊයේ(26) කොළඔ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා හමුවට කරුණු ඉදිරිපත් කළේය.
Read More »

Read More »


වයස අවුරුදු 8 ට අඩු දරුවන් දේශීය හා විදේශීය ගැනුම්කරුවන්‍ට විකුණන ජාවාරමක සුල මුල අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
පොලිස් පරීක්ෂණ  වලට අනුව මෙම ජාවාරම මීට ඉහත දී ගල්කිස්සේ ධනවත් කාන්තාවක විසින් ක්‍රියාත්මක කරමින් සිටිය දී එවක ජාතික  ආරක්ෂක අමාත්‍යව සිටි ලලිත් ඇතුළත්මුදලි මහතාගේ නියෝග මත නීතියේ රැහැනට හසු කර ගැනුනු බිළිඳු ජාවාරමට සම්බන්ධ බව ද අනාවරණය වී තිබේ.
Read More »


බුදුදහමට නිගාවන ෆේස්බුක් වෙබ් පිටු සම්බන්ධ පැමිණිලි 08ක්’ - පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

බුදු දහමට නිගාවන අයුරින් සකස් කර ඇති ෆේස්බුක් වෙබ් පිටු(Profile) සම්බන්ධ පැමිණිලි 08ක් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසීය.
නමුත් එයට ඍජුව සංසදයට මැදිහත් විය නොහැක්කේ නීතියෙන් මෙතෙක් එවැන්නක් නීති විරෝධී ලෙස හුවාදක්වා නොමැති බැවින් යැයි ඒ මහතා කීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කර ඇත.
Read More »

වර්තමාන තත්වය මත පොදු රාජය මණ්ඩල ක්‍රීඩා උළෙල දින ගැනීම අසීරු බැවින් ඒ සදහා උපකාර වශයෙන් එංගලන්තෙය සංචාරය කොට පොදුරාජ්‍ය මහලේකම් හමුවී බැගපත් වී එය ලබා දෙන ලෙස ඉල්ලා ඇත පාක්ෂිකයන් හුල්ල හුල්ල ඉන්න විට රට සවාරි යමින් උදව් කල එකම විපක්ෂ නායකයා හට ජනතා උපහාර හිමිවිය යුතුය ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු වන්නෙමු
Read More »


ගණිකා වෘත්තියේ යෙදී සිටින තවත් නිළියන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන පොලිස් කණ්ඩායම මහජන සහාය අපේක්‍ෂා කරති.
මේවන විට ගණිකා වෘත්තියේ නියැලෙන තවත් නිළියන් 20දෙනෙකුගේ පමණ තොරතුරු අනාවරණය වී ඇතැයි ද වාර්තා වෙයි.
එසේම පොලිසිය ජනතාවට දැනුම් දෙනුයේ තම ප්‍රදේශයේ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාර හෝ ඒවාට සම්බන්ධ අය සිටීනම් වහාම දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් අදාළ තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යතාව ආරක්‍ෂා කිරීමට සූදානම් බවත්ය.
Read More »

අද පැවති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද සිය ඡන්දය භාවිත කළාය.
 එහිදි ඇය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙසේ පැවසුවාය.

Read More »

Read More »


තමා දඩයමට හා යුද්ධය විදහා දැක්වෙන පරිගණ ක්රීඩා වලට ලෝලියෙකු ලෙස හඳුන්වා තිබුණාලු
නෝර්වේ බෝම්බ ප්රහාරයෙන් හා තරුණ කඳවුරට එල්ල කළ ප්රහාරයෙන් මියගිය ගණන 91 ක් දක්වා වැඩිවී තිබෙන බවත් ප්රහාරකයා ක්රිස්තියානි මූලධර්මවාදියෙකු බවත් වාර්තා වේ.
දෙවන ලෝක යුද්ධයට පසුව නෝර්වේ රාජ්යයට එල්ල කළ දරුණුතම ප්රහාරය මෙය බව එරට අගමැතිවරයා පවසා තිබෙන අතර ප්රහාරකයා පොලිස් නිළධාරියෙකු ලෙස හැඳ පැළඳ ගෙන සිටි බව ප්රංශ පුවත් සේවය වාර්තා කරයි.
Read More »

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයක තම ලිංගික අඟ පසඟ අසැබි ලෙස ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (21 දා) අත්අඩංගූවට ගෙන ඇත.

පොලිස්‌ මූලස්‌ථානයේ හදිසි ඇමැතුම් අංක 119 ට කිසියම් අයකු විසින් ලබාදුන් ඇමතුමකට අනුව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසල් කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිතර යන එන මාර්ගයක්‌ අසල දී පෙරේදා (21 දා) දවල් 12.00 ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read More »

ගාල්ල බස් නැවතුම්පලේ බස් රථ සේවකයින් ආරම්භකල බස් වර්ජනය නැවැත්වීම සඳහා බස් නැවතුම්පලේ ඉදිකල තිබූ යකඩවැටක කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාගෙන් දඩ මුදල් අයකරගෙන ඇති බව වාර්තාවේ.
මන්ත්‍රීවරයා විසින් එම යකඩ වැටෙහි කොටස ඉවත් කිරීමෙන් පසු බස් රථ සේවකයින් වර්ජනය නිමාකලද පසුව දකුණු පළාත් මහාමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පැවසූයේ අනෙකුත් මගී පෝලිම් සඳහාද මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් බස් නැවතුම්පොලෙහි පරිපාලනයේදී ගැටළු මතුවිය හැකි බවයි.
Read More »


ජාතික චිත්‍රපටි සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටි.එම්.සංඝදාස මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ තනතුරට කලක පටන් නදීකා ගුණසේකර,නිල්මිණි තෙන්නකෝන්,සේනක විජේසිංහ,ලාල් වීරසිංහ යන අය ඇසගසා ගෙන සිටියහ.
මේ අය අතුරින් මේ වන විට රජතුමාගේ වැඩිම ලකුණු හිමිවී ඇත්තේ නදීකා ගුනසේකරටය.නමුත් නිලි රැජින වන මාලනී ෆොන්සේකා මීට විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.
නිල්මිණි තෙන්නකෝන් රජතුමාට වැඩි ඇයි හොඳයිකම්
Read More »

ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ. ගැණුම්කරුවන් නෑ
ස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි. මෙම තත්වය මත මෙහි මුදල් ආයෝජනය කළ තැනැත්තන් නැවත මුදල් ඉල්ලා සිටීමත් නිසාවෙන් අදාළ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වී ඇත. ඵ් තත්වය මත ස්වර්ණවාහිනිය මිලියන 500 කට විකිණීමට තීරණය වී ඇති නමුත් කිසිවෙකු හෝ මේ දක්වා ලන්සු තැබීමට ඉදිරිපත් වී නොමැති බවද සඳහන්ය.
Read More »

Read More »


ගණිකා වෘත්තියේ නියැලෙන බවට තොරතුරු සහ සැක පළ කෙරෙන තවත් ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේවන විට සැගවී සිටින බවත් එම තැනැත්තියන් සිය දුරකථනවලට ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වමින් සිටන බවත් ඇතැම් දෙනා දුරකථන අංක වෙනස් කොට ඇති බවත් වාර්තා වේ.  
එසේම නවතම වාර්තාවලට අනුව පොලිසියේ නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සම්බන්ධයෙන්ද වැටලීමක් සිදු කර ඇති අතර එහි දී තවත් පොලිස් නිලධාරියෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »


නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ  පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයන ප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති සාවිත්‍රි මැඩම්නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
පසුගිය සති දෙක තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටියේ යැයි සැක පිට ටෙලිනාට්‍ය නිළියන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ජාලය තුළ ක්‍රියාකාරී තවත් නිළියන් 20 කගේ පමණ නම් ද පොලිසිය විසින් අනාවරණය කර තිබේ.
Read More »


පසුගියදා සිදුවූ කටුනායක සිදුවූ ගැටුමින් වෙළඳ කලාප සේවකයකු මරණයට පත්වීමේ සිදුවීම අත්වැරදීමක් නිසා සිදුවූවක් බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අදාළ පුද්ගලයාම ඝාතනය කළ යුතු බවට කළ වෙඩි තැබීමක් නොවන බවත්, එම අවස්ථාව සමනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.
Read More »

මෙරට මානුෂීය මෙහෙයුම පැවති කාලය තුළ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට එරෙහිව ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ(17) බ්‍රිතාන්‍යයේ විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාකරුවන් විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ ඉදිරිපත් කරමින් පැය 4 පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම උද්ඝෝෂණය සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් ජන වර්ග නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයින් සහභාගී වී සිටීම විශේෂත්වයකි. එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ අවස්ථා කිහිපයක වීඩි‍‍යෝ දර්ශණ පහතින් බලන්න

Read More »

මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙන යන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය සිළුමිණකැමරා කාචයේ සටහන් විය. ගෞරවයට වන්දනාමානයට පාත්‍ර වන බුද්ධ ප්‍රතිමාවක් ඊට නිසි ගෞරවයත් හා ආගමික වත් පිළිවෙත් අනුව වැඩම කරවීම පිළිගත් සිරිත වන මුත් මේ පුද්ගලයන් ප්‍රතිමාව ගෙන යන්නේ සිමෙන්ති, උළු, ගඩොල් ආදී භාණ්ඩ ප්‍රවාහන ගෙන යන ආකාරයෙනි. වගකිව යුත්තන්ගේ නෙත් පෑදේවා.
Read More »

Read More »

Pkao wfmalaIlhka Pkao fmdaiag¾ we,ùfï kS;sh t<smsgu lv lr;s' tjeks kS;s úfrdaë fmdaiag¾ yd nek¾ .e,ùfï rdcldß fmd,sishg mejÍ we;' lelsrdfõ tjeks o¾Ykhls fï
Read More »


එච්. අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාදිතයින් 3000ක් පමණ දෙනා රට පුරා විසිර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඒ අතරින් ඍජුවම රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ පුද්ගලයින් 1350දෙනෙකු පමණ බව ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.
මෙලෙස හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් සියයට 60ක පමණ ප්‍රතිශතයක් ජීවත් වන්නේ බස්නාහිර පළාතේය.
Read More »


එක්සත් ජනාතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම තමන් රථයෙන් බස්සවා ගාල්ල නගරයේ දමා ගිය බවට ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ඇමති ආරක්ෂකයින් දෙදෙනකු ගාල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. 
අප කළ විමසීමකදී ගාල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයකු ඒ බව තහවුරු කළේය.
ඒ පිළිබඳ මුතුහෙට්ටිගම මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
Read More »


ලබන බදාදා සිට බස් රථවල පිටුපස වීදුරුව ආවරණය කිරීම තහනම් බව පොලිසිය පවසයි.
 පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ බොහෝ බස් රථවල පිටුපස වීදුරුව රියදුරන්ට දර්ශනය නොවන අයුරින් චිත‍්‍ර, සැරසිලි හෝ තිර රෙදි යොදා ආවරණය කර ඇති බවය.

රිය අනතුරු බහුලවීමට එය එක් හේතුවක් බව ඔහු පවසයි.

ලබන බදාදායින් පසු කොළඹ නගර සීමාවට ඇතුල්වන පිටුපස වීදුරුව ආවරණය කළ බස් රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
Read More »


බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ගැබිණියක් වූ පුවතින් බොලිවුඩය පමණක් නොව ලොව පුරා සිටින හින්දි සිනමාවට පෙම් බදින බොහෝ රසිකයින්ද ඇවිලී ගියේය. ඉන්දියාවෙන් වාර්තාවන අළුත්ම පුවතක දැක්වෙන්නේ ඓශ්චර්යාගේ නූපන් දරු පැටියා මේ වනවිට බුකිකරුවන්ගේ අළුත්ම තුරුම්පුව වී තිබෙන බවයි.
Read More »

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ලබන අගෝස්තු මස 6 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.
දෙරට අතර 20-20 තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »

Mother With Dog  

GossipLankaNews lk 0 comments


wïud zn¨ lduf¾Z
 
ud;r kqfma wn,ka ksjil w÷re ldurhla l+vqjla fia ilid n,a,l= o iu. isá' yeg mia yeúßÈ isõ ore ujl uqodf.k ud;r frday,g we;=¿ l< nj ud;r fmd,sisfha <ud yd ldka;d ld¾hxYh lshhs' n,a,d t<shg .ekSug uy;a fjfyila .;a nj fmd,sish mjihs'
Read More »


කොළඹ ආශ්‍රිත නගර සහ පිටකොටුව අතර සුඛෝපභෝගී බස්රථ සේවයක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
 එහි පළමු අදියර යටතේ මොරටුව පිටකොටුව අතර සුඛෝපභෝගී බස්රථ ධාවනය අද ආරම්භ කිරීමට නියමිතයි.
Read More »

පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසකට කල් ඉකුත් වූ පැණි බිම වර්ගයක් ලබා දුන් සිගිරිය ප්‍රදේශයේ තනායමට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහි මාතලේ දිස්ත්‍රික් විමර්ශන නිලධාරි ඒ.එම්.ජේ සමන්ත පැවසුවේ, ඊයේ පස්වරුවේ ලද එම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
අමාත්‍යවරයා ඇතුළු පිරිසට ලබාදුන් කල් ඉකුත් වු පැණි බිම බෝතල් කිහිපයක් සිය භාරයට ගත් බව විමර්ශන නිලධාරිවරයා පැවසීය.
අදාළ තනායම ලංකා හෝටල් සංස්ථාව මගින් පාලනය කරනු ලබන්නකි
Read More »


ඇමරිකානු තානාපති රහස් ලොවට අණාවරණය කල විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් අසාන්ජ් තමා බි‍්‍රතාන්‍යයෙන් ස්වීඩනයට බාර දීමේ තීන්දුවට එරෙහිව ලන්ඩන් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන 40 හැවිරිදි අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ කල හෙළිදරවු කිරීම් වලින් ලොව පුරා අතිශය ජනප‍්‍රිය විය. ඇමරිකාවට එරෙහිව ඔහු හෙලිකල රහස් ඇමරිකා රජයට මරු පහරක් විය.
Read More »


ගණිකා වෘත්තියේ යෙදුණු බවට චෝදනා ලැබ මීට පෙර අත්අඩංගුවට ගැනුනු මිලා ටෙලිනාට්‍යයේ රඟපෑ අනුෂ්කා සොනාලි සායක්කාර සහ උදේනි නදීකා යන අයගෙන් ලද තොරතුරක් මත මිරිහාන පොලීසිය විසින් අද උදෑසන මිලා ටෙලිනාට්‍යයේ රඟපෑ තවත් ශිල්පිනියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ යෙදුණු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගනුදෙණුවක් සඳහා තානායමකට පැමිණෙන්නැයි කැඳවනු ලැබ මෙම ශිල්පිනියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read More »


පානදුර පින්වත්ත දුම්රිය පොල අසල දුමරිය මාර්ගයේ මිනිසෙකු බිම දිගාවී සිටියදී මැදරි 12කින් යුත් සාගරිකා දුම්රිය ධාවනය වී ඇතැයි වාර්තා වේ. දුම්රිය ගිය පසු ඇගේ සීරීමක් නැතිව එම පුද්ගලයා නැඟිට තිබේ.
කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියක් වන  සාගරිකා දුම්රිය පානදුර දුමරිය ස්ථානය පසුකර කිලෝමීටර් කිහිපයක් යද්දී දුම්රිය මාර්ගය මැද මිනිසෙකු නිදා සිටිනු දැක රියදුරා තිරිංග යොදා ඇතත් දුම්රිය නතර වී ඇත්තේ එම පුද්ගලයා පසුකර ගොස්ය.
මේ හේතුවෙන් දුම්රිය දකුණු කළුතරට ලඟාවීමේදී සුළු ප‍්‍රමාදයක් ඇතිවී තිබේ.
Read More »


බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් වෙනුවෙන් ට්විටර් වෙබ් අඩවියේ සකසා තිබෙන පිටුවට වාර්තාගත රසික ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වනවිට අදාළ පිටුවට රසිකයින් මිලියනයකට වඩා එක්වී සිටින බවයි.
මෙතරම් රසික පිරිසක් තම පිටුවට එක්වීම ගැන ස්තූතිය පුද කරන බව ෂාරුක් අදාළ පිටුවේම බ්ලොග් සටහනක් තබමින් පවසා තිබෙන බව සඳහන්ය.
ට්විටර් බ්ලොග් අඩවියට ෂාරුක් එක්වූ දිනයේදීම එම පිටුවට රසිකයින් 10000 ක් පමණ එක්වූ බව මෙම වාර්තාව වැඩිදුරටත් කියයි.
Read More »


ජනප්‍රිය බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කලහොත් ක්‍රීඩාංගණය වටා නිරුවතින් දුවට බවට පැවසූ කියමන තමට අමතක නොමැති බව පවසනවා.

ඒ සඳහා තවත් වසර 4 ක් හෝ නැවත ඉන්දියාව ලෝක කුසලාන තරඟාවලියක් ජයග්‍රහණය කරනතෙකත් සිටීමට අවශ්‍ය නොමැති බවයි පූනම් පාණ්ඩේ පවසා ඇත්තේ. එසේම පසුගියදා ඇය නාන ඇඳුමකින් සැරසී සිටි ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධිවී තිබුනි.

මේ අතර ඇය මාධ්‍යය වෙත පවසා තිබුණේ පසුගිය දින 45 කාලය තුළදී තමාට ලැබුණු චිත්‍රපට ආරාධනා 31 ක් තබා ප්‍රතික්ෂේප කල බවයි ඇය පවමසා ඇත්තේ.
Read More »


මෙරට පැවති අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් හෝටල් පහසුකම් සැපයූ කොළඹ තරු පහේ හෝටල් හතරකට ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 350ක මුදල තවමත් ගැවා නැති බව හෝටල් ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව අදාල හෝටල් විසින් අයිෆා සංවිධායකයන්ගෙන් වාර ගණනාවකම ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැති බවද වාර්තා වේ.
හෝටල් සඳහා ගෙවිය යුතු මුදලට අමතරව අයිෆා උලෙල සඳහා තවත් විවිධ සේවාවන් සැපයූ පුද්ගලයන්ට සහ ආයතනවලට රුපියල් කෝටි 10 පමණ මුදලක් ගෙවීමට ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දේ.
Read More »


මඩකලපුව, වෙල්ලාවලි පොලිස්‌ වසමේ සින්නවත්ත ද්‍රවිඩ ගම්මානයේ නිවසක තොටිල්ලක නිදා සිටි නිවුන් දරුවන් දෙදෙනකු බිමට වැටීමෙන් මියගොස්‌ ඇතැයි වෙල්ලාවලි පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා වයස මාස දෙකහමාරක අය බව ද පොලිසිය කියයි. ලී තොටිල්ල එල්ලා තිබූ ලණුව කැඩී දරු දෙදෙනා බිමට වැටී ඇතැයි කර ඇති මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

හදිසි මරණ පරීක්‍ෂක කලාරසිංහම් මහතා විසින් තීරණය කර ඇත්තේ මෙය හදිසි මරණයක්‌ බවය. වෙල්ලාවලි පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ශාන්ත මහතා පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
Read More »


ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයේ සිදුවූ අපූරු විවාහයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. රාජේෂ් නම් ත‍්‍රීරෝද රථ රියදුරකු විසින් හදාවඩාගත් වඳුරෙකු මෙම විවාහයේ මනමාලයා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. රාජේෂ් සමග එක්ව ආහාර ගැනීම, දුම්බීම, නිදාගැනීම ද සිදුකරන මෙම වඳුරා එම ප‍්‍රදේශයේ ගම්වැසියන් අතර මහත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති බව සඳහන්ය.

පසුව නුදුරින් පිහිටි ගමක පූජකවරයෙකු විසින් ඇතිදැඩි කරමින් සිටි චින්කි නම් වැඳිරියක් හා රාජු නම් මෙම වඳුරාගේ විවාහය සිදුකිරීමට රාජේශ් තීරණය කර තිබේ. මෙම විවාහය සඳහා ආරාධනාපත් සියගණනක් මුද්‍රණය කර ඇති අතර, මීට අමතරව එම ගමේ සියලුම ජනතාවට විවෘත ආරාධනාවක් ලබා දී ඇති බව ද සඳහන්ය.
Read More »


කාන්තාවක් ඩුබායිහී සුපිරි වෙළඳසැලක වැසිකිළියක් තුළ සිටියදී හොරෙන් බැලූ බවට එල්ල වූ චෝදනාව ශ්‍රී ලාංකිකයකු විසින් එරට අධිකරණයකදී ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් වෙළඳසැලෙහි වැසිකිලියක් තුළ සිටියදී මෙම තැනැත්තා වැසිකිලි දොරට ඉහළින් බලා සිටිනු වෙනත් කාන්තාවක දැක ඇති බවත් චෝදනා එල්ල කළ පිලපීන ජාතික කාන්තාව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us