ලිංගික විපර්යාසයකට ලක්වූ දරුවෙකුට සැත්කමක්
සිය බාහිර ස්වරූපයෙන් ගැහැණු දරුවෙකු වුවත් පිරිමි ලිංගික අවයවවලින් යුතුව උපත ලැබූ අවුරුදු 08ක් වයසැති දරුවෙකුගේ විපර්යාසයන්ට ලක්වූ ඉන්ද්‍රයන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ශල්‍ය කර්මයක් මේවන විට සිදු කෙරෙමින් පවතී.
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දී අද(24) උදෑසන 8.00ට ආරම්භ කෙරුණු මෙම ශල්‍ය කර්මය සවස 5.00 දක්වා සිදු කෙරෙන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසීය.
මෙම ශල්‍ය කර්මය සඳහා විදේශ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ තවත් විදෙස් සෞඛ්‍ය නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිති.
ජානමය වශයෙන් එම දරුවාට ගැහැණු දරුවෙකුගේ ජානමය කොටස් පිහිටා ඇත.
අදාළ ශල්‍ය කර්මයෙන් පසු මෙම දරුවාට සාමාන්‍ය ගැහැණු දරුවෙකු වශයෙන් සමාජයට එක්වීමේ අවස්ථාව ලැබෙන බව අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
A 8 hour surgery is being conducted at the Lady Ridgway Hospital Colombo to change the sex of a 8 year old child, genetically female but born with male organs.
The Surgery started at 8.00 a.m today (24) and will continue until 5.00 p.m, Director of the hospital Dr.Ratnasiri Hewage said.
Three Sri Lankan specialist doctors and a team of foreign doctors are conducting the surgery.
Though the 8 year old child has male sex organs, the child is found to be genetically female. Dr. Hewage stated that following the surgery the child would be able to go to the society as an ordinary girl.
In Sri Lanka, nearly 500 children are born annually with sexual diformities, Dr. Hewage further added.
Read More »