ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට මුලින් පවසා පසුව එසේ නොවන බව දිවුරුම් පෙත්සමක් මගින් කියා සිටියහ.සිරුර කොළඹ අධිකරණ වෛද්‍යවරයා ලවා කපා පිරික්සන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මුලින් කළ නියෝගය අවලංගු කැර සිරුර සමීප නෑයන්ට බාර දෙන ලෙස නියෝග කෙළේය.
දොස්තර මෙන්ඩිස් සති තුනක් පමණ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීය.
එහිදී ඔහුට ප්‍රතිකාර කොට ඇත්තේ වෛද්‍ය මයියා ගුණසේකර ඇතුළු වෛද්‍ය කණ්ඩයාමක් විසිනි.
මාධ්‍යයවල මරණයට හේතුව ලෙස ක්ෂණික හෘදයාබාධයක් ලෙස දැක්වුවත් සැබෑවටම මරණ පරීක්ෂණයේ සඳහන්ව ඇත්තේ අග්නාශයේ ඇතිවූ කිසියම් ප්‍රදාහමය තත්වයක් හේතුවෙන් ඇතිවූ ස්වභාවික මරණයක් බවයි.
නමුත් හදිසියේම සිදු වූ මෙම මරණය ගැන තමාට සැකසහිත බව වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ බිරිඳ විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ප්‍රකාශ කොට ඇත.ඒ අනුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළොඹ 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඒ වනවිට දේශය තැන්පත්කොට තිබු ජයරත්න මල් ශාලාවට ගොස් සිරුර පරික්ෂා කර බලා මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කොට ඇත.