Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

පයාගල ප්‍රදේශයේ දි අවස්ථා දෙකකදි මෝටර් රථයක ගැටීමෙන් පාපැදිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ  පැවසුවේ පෙරේදා එම මොටර් රථයේ රියදුරා විසින්  පයාගල, දළුවත්ත මන්සන්දියේදි පළමු පාපැදිකරු අනතුරට ලක්කර පසුව තවත් පාපැදිකරුවෙකු අනතුරට ලක් කර ඇති බවය.
එම අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ තවත් යතුරුපැදිකරුවකු අනතුරුට ලක්කර ඔහු ද තුවාල ලබා ඇති බවය.
පසුව මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ

රියදුරු හදුනාගැනිම සදහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ  පැවසුවේ රිය අනතුර සිදුවූ මෝටර් රථයේ ඇති රුධිර සාම්පල හා අත්අඩංගුවට පත් සැකකරුගේ රුධිර සාම්පල ඒ යටතේ සන්සන්ධනය කර බැලිමට නියමිත බවය.
මෙම අනතුර සිදුකළ බවට අත්අඩංගුවට ගත්ත ද මියගිය අයගේ ඥාතීන් ප්‍රකාශ කළේ ඔහු රථය පැදවූ රියදුරු නොවන බවය.
පොලීසිය ප්‍රකාශ කළේ මෝටර් රථ රියදුරුගේ අධික බීමත්කම මෙම අනතුරුවලට හේතුවන්නට ඇති බවය.
Read More »

මතට තිත අමතකවී තිතට මත්වූ පුද්ගලයකුට සිදුවූ අකරතැබ්බයක්‌ පසුගියදා හසලක මිණිපේ 33 ඇළ ගම් ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ පුද්ගලයා අර්ධ රාජ්‍ය ආයතනයක සේවකයෙකි. මිතුරන් සමඟ මත්වතුරින් පදමට මත්වී තම හපන්කම හිතමිතුරන්ටද ප්‍රදර්ශනය කරමින් පොළඟකු පාදයෙන් තළා මරා දමා තම කළිසම් සාක්‌කුවේ ඔබාගෙන ඇත්තේ සිය හාස්‌කම් පෙන්වීමටය. පැයක්‌ හමාරක්‌ පමණ මතින් විකාර කියන, කරන අතරම මේ පුද්ගලයාට එකපාරටම සිහිය නොමැතිවී රෝහල් ගත කිරීමෙස්‌ පසු මිය ගියේය. පසුව හෙළිවූයේ මරා දැමුණා යෑයි සාක්‌කුවේ දමාගත් සර්පයා දෂ්ට කිරීමෙන් පසු මෙම මරණය සිදුවී ඇති බව මරණ පරීක්‍ෂණයේදී හෙළි විය.
Read More »

මල්ලිගෙ කනේ තුවාල කැළැල් තාම තියෙනවා අඟේ ඉඳන් කන කනවුන් මෙහෙත් ඉන්නවා..!

සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඩ් , අද අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.1992 වසරේ ජූනි 28 වන දින අමෙරිකාවේ එම්.ජී.එම් ග්‍රෑන්ඩ් ගාර්ඩ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදී තවත් සුප්‍රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ මොහුගේය.ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව සමස්ත ලෝකයටම පුවත් මැවූ එම සිදුවීම දැන් අතීතයට අයත්ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඩ්ගේ කනේ තුවාල කැළැල් පිරික්සන අයුරු. 
Read More »

පාවෙන මාලිගාවක් වැනි ඉතාලි නැව අතහරින්නැයි කපිතාන් නිවේදනය කළ පසු මගීන් දෙතුන් සියයකට සිය ජිවිත බේරා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙක් අන්තිමේදී හීතලේ ගැහි ගැහී හාස්කමකින් මෙන් පණ බේරා ගත්තේය.ඔහු හැටන් හි ගාමිණීපුර අමිල ධනුෂ්ක කහඳගමගේ (32) මහතාය. ඉතාලියේ ගිග්ලියෝ දුපත අසල දී පසුගිය 13 වැනි දා ගිලී ගිය අති සුඛොපභෝගී මඟී නැවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා ද ඔහුය. ඔහු නැවේ අවන්හලේ ස්ටුවඩ්වරයෙකි.නැව අතහරින්නැයි කළ නිවේදනයෙන් පසු තුන්දහසකට වැඩි මඟින් හා දහසකට වැඩි සේවයන් අන්දුන් කුන්දුන් වූ හැටිත්, මිනිසුන් පෙරකමින් ජිවිතාරක්ෂක බෝට්ටු සොයාගිය හැටිත් හැම දෙනාම මරණ බියෙන් සිටි සැටිත් අමිල දුටුවේය. අයෙත් දරුවාගේයි  නෝනාගෙයි මූණ බලන්න ලැබෙති‘යි සිතුවේ නැහැ. ඒත් මා මෙන්ම අසරණවී සිටි මඟීනට හැකි හැම අයුරින්ම උදව් කළා යැයි අමිල කීවේය. අන්තිම මගියාත්  බේරා ගන්නා තුරු නැවේ කපිතාන් සිය යුතුකම ඉටු කෙළේ නැත. ජිවිතාරක්ෂක බේට්ටුවලට නැංවීමේ දී දරුවනට හා කාන්තාවන්ට මුල් තැන ලැබුණේ ද නැත. මාස හතරකට පෙර නැවේ සේවයට ගිය අමිල මුල සිටම කතාව කීවේය.‘කොස්ටා කොන්කෝඩියා‘ නැව ඉතාලියේ ලොකු සමාගමට අයිතියි. ඒ සමාගමට තවත් එවැනි නැව් 14ක් තියෙනවා. ඉතාලියේ සැවෝනා නුවර සිට ප්‍රංශය, ස්පාඤ්ඤය දක්වා ගොස් යළි ඉතාලියට පැමිණිමේ දින හතේ චාරිකාවට එක් මඟියකුගෙන් යුරෝ 2000ක් පමණ (රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික මුදලක්) ගෙවූ මඟීහු 3400ක් ඒ නැවේ පමණ සිටියහ.
ජනවාරි 13 වැනි දා නැවට නරක දිනයකි. අමිල වැඩ කෙළේ ‘රෝමා“ අවහන්හලේය. රාත්‍රි 9.35ට පමණ නැව එක්වරටම වම් පැත්තට ඇලවී ගියේය. කෑම කමින් සිටි මඟීන්ගේ පිඟන් පෙරැළී ගියේය. බෝතල ද බිමට වැටිණි. බොහො මඟීහු මේස අල්ලාගෙන නොවැටී සිටීමට උත්සහා ගත්හ. ඒ සමගම විදුලිය නැති විය.
කපිතාන් ප්‍රැන්ක්ස්කෝ ශබ්ද විකාශනයෙන් නිවේදනයක් කෙළේය. ‘ බයවෙන්න එපා. යාන්ත්‍රික දෝෂයක්“  මඟීහු මඳකට සැනැසුම් සුසුම් හෙළූහ.
ඒත් ඊළඟ මොහොතේ නැව දකුණට ඇලැවී ගියේය. මඟීහු කලබල වූහ. ඒ මේ අත දුවන්නට වූහ. තරප්පු පෙළි ද ඇලැවී ගිය නිසා පහත මාලවල සිටි මගිනට තම කැබින් වලට යෑමට නොහැකි විය. නැව යළි සාමාන්‍ය තත්ත්වයට පත්විය. මඟීන්ගේ මුහුණුවල යළි සිනාව මතුවිය. රාත්‍රී 11 පමණ වන විට කපිතාන යළි නිවේදනයක් කෙළේය. එවිට නැවේ විදුලිය නැත. හැම තැනම අඳුරුය. මුහුදේ  ඝෝෂාවට ද බිය කර විය. ‘නැව අත හරින්න වෙනවා‘ යැයි ඔහු කී විට මඟීහු බෙහෙවින්ම කලබල වූහ. හිස් ලූ ලූ අත දුවන්නට වූහ. ජිවිතාරක්ෂක කබා ඇති තැන් පවා සෙයාගත නොහැකි විය. අඳුරේ දුවද්දී එකට හැපී වැටුණු අය ද ගණනක් නැත.
නැව දැන් ගිග්ලියෝ දූපත අසලය. අමිලගේ ඉන්දියා ජාතික මිතුරා සිය ලැප්ටොප් පරගණකය සොයා පහළ තට්ටුවට යන්නට ගියේය. ඒ වනවිට තට්ටු දෙකක වතුර පිරි තිබිණි.  එය ජලාශයකි. ඒවායේ සිටි  මඟීන් ගැන තොරතුරක් නැත. නැවේ සිටි 24 දෙනක ගැන අද වන විටත් කිසිම තොරතුරක් නැත. ඇඳ සිටි නිල ඇඳුම හැර අන් කිසිත් නැති අමිල ජිවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවන විට නැව ගිලී යමින් තිබිණි. ඔහු දුටු මිනිසුන්ගේ මුහුණු වල දුක ශෝකය, මෙන්ම බිය පැහැදිලිව ලියැවී තිබිණි. උදේ 5.30 වන විට ගුවන් හමුදාව මගීන් බේරා ගැනීමට ආවේය. නැව හොඳටම ඇලවී ගිය පසු ජිවිතාරක්ෂක කබායක් දාගත් අමිල යළි එය ගලවා ඉවත් කෙළේ අවන්හලේ නිලධරයකුගේ අණ පිළිපදිමිණි. යළිත් ඔහු අවන්හල පිරිසිදු කරන්නට විය. ඒ වනවිට මගීහු බොහෝ දෙනෙක් අඳුරේම ජිවිතාරක්ෂක කබා හා බෝට්ටු සොයා යමින් සිටියහ. ඉහළ මහලකින් ඇති එවැනි බෝට්ටුවලට නැඟ සිටි පිරිස් යන්ත්‍රානුසාරයෙන් මුහුදට පහත්  කිරීම ප්‍රශ්නයක් වූයේ 150ක් යා හැකි බේට්ටුවක 200කට වඩා නැඟ සිටි හෙයිනි. කෙසේ හෝ එම බෝට්ටු මුහුදට පාත්විය. එවැනි බෝට්ටු හතරක් පහක් පමණ මුහුදට පාත් කළ පසු සෙසු මඟීන් සමග පෝලිමේ සිටි අමිල ද බෝට්ටුවකට නැග්ගේය. නමුත් බෝට්ටු ක්‍රියාකරුවෙක් නොවිය. ඔහු නැඟ සිටි බෝට්ටුවේ ද 220ක් පමණ සිටියහ.  අවන්හළේ සුපවේදියෙක් ඒ බෝට්ටුව නිරුපද්‍රිතව ගොඩ බිමට ගෙන ආවේය. අමිල බෝට්ටුවට ගොනවන විට පසුදා අලුයම 4.30 වී තිබිණි.
වෙතත් අය මෙන්ම ඔහු ද සීතලේ ගැහෙමින් සිටියේය. මගේ අත්වල ඇඟිලි තිබෙනවා දැයි මට දැනුණේ නැහැ. බඩගින්න දැනුණත් කෑමට තිබුණේ ජිවිතාරක්ෂක බෝට්ටුවේ බිස්කට් බාගයක් පමණි. කොන්කෝඩියා නැවේ සිටි සෙසු මඟීන් බේරා ගැනීමට පසු දා උදේ නව් දෙකක් ගිග්ලි දූපත අසලට යාත්‍රා කෙළේය. අමිල අතුළු පිරිස රැගත් ජිවිතාරක්ෂක බේට්ටුව අසල දුපතට ළඟාවිය. ඉවසන්න බැරි සීතල තරමක් නැති වී ගියේ එහිදී ලැබුණු පොරෝණයකි. එම දුපතේ පල්ලිය ඇතුළට ගිය  ඔහුට ජිවිතය පිළිබඳ යළි බලාපොරොත්තු ඇතිවිය. එහි දී ලැබුණු කෝපි කෝප්පය ඔහුට අමාවක් විය. ගෙදර මතක් විය. බිරිය හා දරුවා මතක් විය. ඉතාලියේ සිටින නැන්දා මාමා මතක් විය. ඒත් කතා කිරීමට ජංගම දුරකථනයක් නැත. ඔහු සමග ආ ඉන්දියා ජාතිකයා එහිදි උදව් විය. ඔහුගේ ජංගම දුර කථනය ඔහුට දුන්නේය.ඒත් දුරකතන අංකය ඔහු ළඟ නැත. ඔහු බිරියට (ලංකාවට) කතා කෙළේය. එවිට වේලාව අලුයම පහට අසන්න වී තිබිණි. බිරියට කිසිත් නොකියා ඉතාලියේ සිටින මාමාගේ අංකය ඉල්ලා ගත්තාය. ඔහුට කතාව කිවේය.
අමිල ඇතුළු පිරිස එතැනින් රෝමයේ ලා ප්‍රින්සිනා හෝටලයට රැගෙන යනු ලැබූහ. රතුකුරුසය ද ආවේය. උණුසුම් ඇඳුම් බෙදා දුන්නේය.
අමිලගේ මාමා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයයට මේ සිද්ධිය දැනුම් දුන්නේය. අමිලගේ අවශ්‍යතාවය වූයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලබා ගැනීමය. පින්තූර දෙකක් රැගෙන තානාපති කාර්යලයයට එන්නැයි ඔහුට දැනුම් දුන්නත්  එහි යෑමට ඔහු ළඟ සල්ලි ද නොතිබිණි. පසුව එම පිරිස රෝමයේ ගුවන්තොට අසල තැනකට රැගෙන ගිය පසු පින්තූර ප්‍රශ්නය විසැඳිනි. ශ්‍රී ලංකා තානාපති කාර්යලයයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලැබිණි. දින දෙකක්ම අමල්ගෙන් ඇමැතුමක් නොවූ නිසාත්, ඉතාලි නැවක් පෙරැළී කිහිපදෙනකු මිය යෑම නිසාත් ඔහුගේ බිරියට දින දෙක තුනක්ම නින්දක් නොවීය. හරි හැටි කෑමක් ද නොවීය.  ඒත් ඉතාලියේ සිටින ඔහුගේ නැන්දාත් මාමාත් අමිලගේ බිරියට කීවේ ඔහු ජිවිතය බේරාගෙන දූපතකට පැමිණි බවයි.  ඒත් සැමියා දකින තුරු ඇයට අස්වැසිල්ලක් නොවීය.
අමිල පසුගිය 19 වැනි දා ගම රට ආවේය. ඔහුගේ ඉන්දියා මිතුරා නිවාඩු යෑමට සිටි දවසේ ඒ නැවෙන් අවසන් ගමන් ගියේය. නැවේ පහළට ගිය ඔහු යළි ආවේ නැත. මරණින් බේරී ගෙදර ආ සැමියා යළි නැවට යනවාට අමිලගේ බිරිය වින්ද්‍යා චාමරී කැමැති නැත. නැවට වූදේ ඇසු දින සිට ඔහු ගෙදර එනතුරු දැඩි කනස්සල්ලෙන් සිටි ඇය කියනුයේ නැවේ රස්සාවට යළි නොයන ලෙසයි. අමිලගේ චුටි පුතාට වයස අවුරුදු දෙක හමාරකි.
නැව් සමාගමෙන් අමිල මාස අටක පමණ නිවාඩු ලැබී ඇත. යුරෝපයේ ප්‍රධානතම මඟී නැව් සමාගම ගැන අමිලට ලොකු ගෞවරයකින් කතා කරයි. නැවේ සේවය සතුටින් කරන බව කියයි.එහෙයින් ඔහුගේ ආශාව නිවාඩු අවසන් වූ පසු යළි නැවකටම යෑමයි. ‘අනතුරක් වෙනවා නම් කොතැන හිටියත් වෙන්ව‘ යන්න අමිලත් වින්ද්‍යාත් කියති.

Read More »

මෙරට දේශපාලනයේදී ආදර්ශයට ගත හැකි චරිත ඇත්තේ තුනක් පමණක් බව එක්සත් ජාතික මහලේකම් තිස්ස අත්තනායක පවසයි.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති උත්සවයකදීය.
තිස්ස අත්තනායකගේ චරිතාප්‍රදානය ඇතුලත් තිස්ස කෘතිය මහනුවර මහනගර සභාවට පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විය.
ඒ පක්ෂ විපක්ෂ නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.
එහිදී අදහස් දක්වමින් තිස්ස අත්තනායක මෙසේ පැවසීය.

"හුඟාක චරිතාප්‍රදාන ලියන කොට හුඟක් කරුණු හංගනවා. මමත් හංගපු කරුණු හුඟක් තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මොකද මම තවමත් ක්‍රියාකාරි දේශපාලනයේ ඉන්නවා. මට සමහර දේවල් ක්‍රියාකාරි දේශපාලනයේ ඉදගෙන කියන්න බැහැ. ඒවා බෙලි කපාගන්න වැඩ. මම හැම වෙලාවකම කියනවා ලංකාවේ දේශපාලනය ‍ඉගෙන ගන්න ප්‍රධාන චරිත 2ක් තියෙනවා. නායකයෙක් වෙන්න ඕන නම් ජේ.ආර්.ජයවර්ධන චරිතය ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නම් ප්‍රේමදාස චරිතය ඉගෙන ගන්න ඕන. විරුද්ධ පක්ෂයෙන් ඉගෙන ගන්න ඕන නම් ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගෙන් ඉගෙන ගන්න හුගාක් පාඩම් තියෙනවා. කොහොමද දේශපාලනයේ ගමන යන්නේ කියලා. අද තියෙන්නේ එහෙම ඉගෙන ගන්න දේශපාලනයක් නෙමයි."
Read More »

තංගල්ල මැඩිල්ල නේචර් රිසෝට්‌ සංචාරක හෝටලයේදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවකු ලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ඊයේ (26 දා) පැවැත්වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමට සහභාගි විය. බන්ධනාගාර නිලධාරීන්ගේ සහ පොලිසියේ දැඩි ආරක්‍ෂාව මත සභාපතිවරයා පෙ.ව. 10.30 ට පමණ බන්ධනාගාර බස්‌රියකින් සභාව වෙත රැගෙන ආවේය.
නෙටොල්පිටිය නගරයේ පිහිටි තංගල්ල ප්‍රාදේශීය සභා රැස්‌වීම් ශාලාවේ පැවැති මෙම මාසික සභා රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු 09 දෙනාත්, විපක්‍ෂයේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනාත් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයාත් සහභාගි වූහ. සභා රැස්‌වීම ප. ව. 3.00 දක්‌වා පැවැත්විණි.
රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සභාපතිවරයා අධිකරණ නියෝගයක්‌ මත මෙම රැස්‌වීමට සහභාගි විය.


Read More »

එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත. 
ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් අනුමැතිය දී තිබේ. 
ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශන මණ්‌ඩලයට පත්කළ යුතු  යෑයි පීජි නේපාලය සහ සවුදිඅරාබිය යන රටවල් විසින් දන්වා තිබිණි. 
මෙම උපදේශක මණ්‌ඩලයට පත්වූ මුල්ම ආසියාතිකයා වනුයේද ශවේන්ද්‍ර සිල්වා මහතායි. 
මෙම පත්කිරීමත් සමගම ඇමරිකානු කොටි ජාලය කම්පනයට පත්වී ඇත. 
එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා මහතාව එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඇමරිකානු කොටි ජාලය විසින් මහ ලේකම් බෑන් කී මූන් මහතා වෙත පෙත්සම් රැසක්‌ යවා තිබිණි.
Read More »

මර්වින් සිල්වාගේ කැලණියේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ පිළිබඳව ඊයේ නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනින් ඉදිරිපත් කළා. 
වෙබ් අඩවි මඟින් මේ පිළිබඳව නිතර නිතර හෙළිදරව් කළත් ශ්‍රී ලංකා ඉතිහාසයේ විද්‍යුත් මාධ්‍යයක් විසින් රජයේ ඇමතිවරයෙකුගේ ජඩ වැඩ පිළිබඳව නොබියව වාර්තාකරණයක යෙදුන ප්‍රථම අවස්ථාව මෙය බවයි බොහෝ දෙනා පවසන්නේ.
ඊයේ විකාශය කළ බැලුම්ගල වැඩසටහන පහතින් අහන්න.

Read More »

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සාමාන්‍ය බස් රථයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ මගී ප්‍රවාහනය සදහා ඊයේ දිනයේදි යොදවා තිබේ.
 අදාළ බස් රථය ඊයේ පස්වරු 6ට මහරගම සිට ගාල්ල බලා ධාවනය කෙරිණි.
මේ සම්බන්ධයෙන් මගීන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පල කර තිබේ.
‍ඒ අනුව අදාළ බස් රථය පින්නදූව ප්‍රවේශ දොරටුව අසළ පොලිස් මුරපොලේදි නැවැත්වීමට සිදුවිය.
මගීන් චෝදනා කරන්නේ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ ධාවනයේ යෙදවීමට තරම් පහසුකම් එහි නොතිබුණු බවය.
කලින් ආසන වෙන්කරවා ගත් තමන්, මෙම බස් රථය යොදවා ඇති බවට දැන ගත්තේ පසුව බව ද ඔවුන් සදහන් කළේය.
මගීන් පැවසුවේ ගමනාන්තය සදහා රුපියල් 250ක මුදලක් අය කළ බවය.
අදාළ බස් රථය නිසි ආරක්ෂාවක් සහ ආසන පටි ද නොමැති බව එහි ගමන් කළ මගීන් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එම්.ඩී.බන්දුසේනගෙන් අප විමසීමක් ‍කළේය.
ඔහු පැවසුවේ මෙම බස් රථය ගාල්ලේ සිට මහරගමට පැමිණ යළි ගාල්ලට ධාවනය කළ එකක් බවය.
ගමනා ගමන මණ්ඩලයට කිසිදු දෙයක් කරගත නොහැකිව තිබූ බැවින් අදාළ බස් රථය යෙදවූ බව ඔහු සදහන් කළේය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එම්.ඩී.බන්දුසේන වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදි මෙවැනි වරදක් සිදුනොවීමට වගා බලාගන්නා බවට පොරොන්දුවන බවය.
Read More »

ඩිල්ෂාන් ඉල්ලා අස්වෙයි
ඕස්ට්‍රේලියානු සංචාරයට නම් කළ කණ්ඩායමට ඇමැති අනුමැතිය
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ටී.එම්. ඩිල්ෂාන් ඊයේ (23දා) ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, නව නායකයා ලෙස මහේල ජයවර්ධන නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමත් සමගම ටී.එම්. ඩිල්ෂාන් නායකත්වයට පත් කිරීමට දුලිප් මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කළේය.
ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු පැවැති එංගලන්ත, පාකිස්තානු, ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලි පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, එම එක්දින තරගාවලි සියල්ලමද පරාජයට පත් විය.
ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 11කට සහභාගි වූ අතර, ඉන් එක් තරගයක් ජය ගෙන තරග 5ක් පරාජය වී තරග 5ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්දින තරග 21කට සහභාගි වූ අතර, ඉන් 13ක් පරාජය වී තරග 8ක ජය හිමි විය. අවසන් වරට පැවැති දකුණු අප්‍රිකානු තරගාවලියේදී ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමත් වුවද, ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය විය.
ඉන් පසු පැවැති එක්දින තරගාවලියේදී ප්‍රථම තරග 3 පරාජය වී තරගාවලිය පරාජය වුවද අවසන් තරග දෙකේදී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා යමින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එම තරගාවලියෙන් පසු සිය ඉල්ලා අස්වීම ටී.එම්. ඩිල්ෂාන් ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කර ඇති අතර, තේරීම් කමිටුව නව නායකයා ලෙස මහේල ජයවර්ධන පත්කිරීමට පියවර ගත්තේය.
මේ අනුව ඉදිරි ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම් කමිටුව නම් කළ අතර, එයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමි වී තිබේ.
මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර, දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කළ කෝසල කුලසේකර වෙනුවට ෆර්වීස් මහරුෆ් ද, දිල්හාර ප්‍රනාන්දු වෙනුවට චානක වෙලගෙදරද නම් කර තිබේ.
ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, ටී.එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙලගෙදර, ධම්මික ප්‍රසාද්
අතිරේක ක්‍රීඩකයා - තිලාන් සමරවීර
Read More »

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්‌දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්‍රස්‌තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්‌හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්‍යන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.
2006 වසරේ 166 ක්‌ මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්‍රහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්‌හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ.
මේ අතර මාලදිවයිනේ ඉස්‌ලාම් පදනමේ සභාපති ඉබ්‍රාහිම් පවුසි ප්‍රකාශයක්‌ කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වා ඇත.
මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක්‌ අරඹා තිබේ.
Read More »

අශ්වයා පැය ගිය පසු ස්ථාලය වසා දැමීමෙන් වැඩක් නැති වුවත් අවසන් මොහොතේ හෝ අනාගතය පිළිබඳව සුභ පෙර නිමිති පල කරමින් දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරිම පිළිබඳව සතුටු විය හැකිය.
දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති පස්වැනි සහ අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක් විශිෂ්ට ජයක් හිමිවිය.
ශ්‍රී ලකා කණ්ඩායමේ මුල්පෙල මෙන්ම මැද පෙල පිතිකරුවන් ද සිය වගකීම් කොටස මැනවින් ඉටුකළ තරඟයක් ලෙස මෙය හැදින්විය හැකිය.
කෙසේ වෙතත් එක්දින තරගා‍වලිය තරඟ 3ට 2ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය හිමිවිය.
ජොහැන්නස්බර්ග් හි පැවති අවසන් තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ටී.එම්.ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවය ආරාධනා කළේය. 
ඒ අනුව ග්‍රැහැම් ස්මිත් සහ ඇල්වීරෝ පීටර්සන් දකුණු අප්‍රිකාවේ ඉණිම ආරම්භ කළේය.
ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 10කට සීමා කරමින් ඇල්වීරෝ පීටර්සන් ලකුණු 6කට දැවී ගියේය.
ලකුණු 24ක් රැස් කළ ෆාෆ් ඩූ ප්ලේසිස් පිටියෙන් ඉවත් වුණේ සචිත්‍ර සේනානායකගේ පන්දුවක් හමුවේදීය.
එය සචිත්‍රගේ පළමු එක්දින කඩුල්ල වේ.
සිය 9වැනි එක්දින ශතකය වාර්තා කළ දකුණු ග්‍රැහැම් ස්මිත් ලකුණු 125ක් රැස් කළේය.
වේගවත් පිතිහරඹයක් නිරත වූ නායක ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 98කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි.
ඒ අනුව දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 312ක් රැස් කළේය.
ලසිත් මාලිංග පන්දු වාර 10කදි ලකුණු 79කට කඩුලු 2ක් ලබා ගත්තේය.
ලකුණු 313ක ඉලක්කයක් සහිතව නායක ටී.එම්.ඩිල්ෂාන් සහ උපුල් තරංග ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ඉණිමේ  7වන පන්දුවාරයේ 1වන පන්දුව ක්‍රියාත්මක වනවිට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කිසිවෙකු නොදැවී ලකුණු 57ක් ලෙසය.
වර්ෂාවෙන් අනතුරුව තරඟය නැවත ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 72ක්ව තිබියදි උපුල් තරංග ‍ලොන්බා‍වෝ සොට්ස්සෝබ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 46කට දැවී ගියේය.
නායක ඩිල්ෂාන් ලකුණු 41ක් ලබා ගත්තේය.

යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් ලකුණු 20කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයට ඉහළ දායකත්වයක් සැපයූ කුමාර් සංගක්කාර සිය 12වැනි එක්දින ශතකය වාර්තා කිරිමට ඊයේ සමත් විය.

පන්දු 93කදි ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි.

යොවුන් පිතිකරු ලහිරු තිරිමාන්න සමඟ 4වැනි කඩුල්ල සඳහා ලකුණු 100ක සබඳතාවක් ගොඩනැංවීමට සංගක්කාර සමත් විය.

තිරිමාන්න පන්දු 63කදී ලකුණු 69ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 6කට දැවී ගියේය.

අනතුරුව තරඟයේ ජය ගැනීම සදහා අවසන් පන්දු 2තුළදී ශ්‍රී ලංකාවට ලකුණු 5ක ඉලක්කයක් හිමිවිය.

නියමිත පන්දුවාර 50 අවසන්විමට‍ එක් පන්දුවක් ඉතිරිව තිබියදී සචිත්‍ර සේනානායක එල්ල කළ විශිෂ්ට 6 පහරත් සමගින් තරඟයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

තරඟයේ වීරයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන දිනාගත් අතර ඒ.බී.ඩිවිලියස් තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
Read More »

චන්න පදිංචිව සිටින්නේ කඩුවෙලය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්‌වා පාසල් අධ්‍යාපනය ලැබූ මොහු ජීවිතයේ නැති බැරි අමාරුකම් හමුවේ ඇති තරම් තැළුණ, සැලුන, හැඩුව පාසල් ශිෂ්‍ය දිවියක්‌ ගෙවා දැමීය. මොහුගේ මව සමඟ උරණ වූ පියා මීට කලකට පෙර දරුවාද අතහැර දමා යන්න ගිය පසු චන්නගේ පාසල් දිවියද ඕනෑවට එපාවට ගෙවී යන්නට විය.
වයස අවුරුදු පහළොව, දහසය පිරෙන විටම වෙල්ඩින් වැඩපළක පොඩි පොඩි වැඩකර කීයක්‌ හෝ උපයාගන්නට චන්නට සිදුවූයේ බඩවියත රැක ගැනීමට මිස රස බොජුන් වැළඳීමට නොවේ.
චන්නගේ ජීවිතය පිළිබඳත්, මේ නරකාදියෙන් ගොඩ ඒමේ එකම මග රට යැම යෑයි කල්පනා කළ චන්නගේ මව රට රස්‌සාවකට යන්නේ චන්නගේ ජීවිතය පාළු කරමිනි.
චන්න කටේ කිරි සුවඳ යන්නටත් පෙර හොඳ වෙල්ඩින් කාර්මිකයකු බවට පත් වූයේ ඔහුට පිහිටි උපන් හපන්කම නිසාය.
චන්න අඩි හයකට ආසන්න උසින් යුත් තරුණයෙකි. කෙසඟ සිරුරකට උරුමකම් කී හේ කඩවසම් තරුණයකු නොවේ යෑයි කීම ටිකක්‌ අමාරුය. චන්නට වයස අවුරුදු විසිඑක පිරුණේ නොබෝදාය. වයස අවුරුදු විස්‌ස පිරෙන විට චන්න තරුණියක විවාහ කරගන්නේ මේ පාළු ජීවිතේ තවදුරටත් තනියෙන් තැබීම, අවදානමක්‌ බව තේරුම්ගොස්‌ තිබූ නිසාය.
මේ තරුණයා සිය ප්‍රියම්බිකාවිය සමඟ කඩුවෙල ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගන්නේ නිවසක්‌ තනන්නට වත්කමක්‌ නැති නිසාය. ටික කලක්‌ ගතවිය.
චන්නට හරි අපූරු සිතුවිල්ලක්‌ පහළවිය. හේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරගත් මුදලින් පාවිච්චි කළ පරිගණකයක්‌ මිලදී ගෙන නිවසට ගෙනාවේය. පරිගණකයේ ෙµdටෝ ෂොප් පිළිබඳ හාන් කවිසියක නොදත් චන්න එක එක දේවල් කරන්නට පටන් ගත්තේය.
පරිගණකය මිලදී ගත් මුල් කාලයේ එහි මවුසයවත් ඇල්ලීමට නොදත් හේ කිහිප විටක්‌ම පරිගණකයේ සඳහන් ඊතලය අවශ්‍ය තැන රඳවා ගත්තේ ද පුදුම පරිශ්‍රමකින්ය.
චන්නට සති කිහිපයක්‌ යන විට පරිගණකය පිළිබඳ පුළුල් දැනුමක්‌ ලැබිණි. ඉංග්‍රීසි හරිහැටි නොදැන සිටියද අන්තර්ජාලය (ෂබරුරබැඑ) හරහා හේ බොහෝ දැ දැක බලා ගත්තේ හරියට පරිගණක පාඨමාලා කර විශ්වවිද්‍යාල වලින් තොරතුරු තාක්‍ෂණ උපාධිගත් අයට නොදෙවැනි ලෙසිනි.
"මට හරියට ඉගෙන ගන්න කවුරු හරි ඒකාලේ උදව් කළානම් මට පරිගණක ඉංජිනේරුවෙක්‌ වෙන්න තිබුණා. චන්න වරෙක බිරිඳත් සමඟ රාත්‍රියේ එසේ කීවේ ඇයගේ මුහුණට ළංවෙන ගමන්ය.
චන්න ඊට පහුවැනිදා එළිය වැටුණ සැණින්ම නගරයට ගොස්‌ මහජන සම්පත ලොතරැයියක්‌ මිලදීගෙන ආවේ අලුත් බලාපොරොත්තුවකින් සිත පුරෝගෙනය. ලොතරැයිය දිනා කෝටිපතියකු වන සිහිනයට වඩා ඔහුට අලුත් ක්‍රමයකින් පොහො සත්වන්නට පාර කියා දී තිබුණේ පරිගණකයය.
හේ පරිගණකයේ ෆොටෝ ෂොප් හරහා මහජන සම්පත ලොතරැයියට සමාන ලොතරැයියක්‌ සැකසුවේ සිත පිනා යන ප්‍රීතියෙනි. ඔහු ප්‍රින්ටරයක්‌ ද මිලදීගෙන ආවේ අලුත් වැඩේ සාර්ථක බව තේරුම් ගනිමිනි.
ලොතරැයි මණ්‌ඩලයේ උදවිය විශාල වැටුප් ලබාදී ලොතරැයි මුද්‍රණය කරද්දී, චන්න නිවසේ පරණ කොම්පියුටරයකින් ලොත රැයි මුද්‍රණය කළේ උපන් හපන්කම්ද සමගිනි.
"නියමයි නියමයි" හේ පළමු වරට මුද්‍රණය කරගත් ලොතරැයිය දෙස බලා කෑ ගසා සිංදුවක්‌ද මිමිණුවේය.
ඊළඟ සැලසුම පිළිබඳවද හේ කල්පනා කළේය.
ඒ අනුව මිතුරකුගේ හැඳුනුම්පතක්‌ද ලබාගත් ඔහු ඒ හැදුනුම්පතද ස්‌කෑන් කර, එහි යම් යම් නම් වෙනස්‌ කර අලුත් හැඳුනුම්පතක්‌ද සැකසුවේ කෙස්‌ ගසක හෝ වෙනසක්‌ නොවන පරිදිය.
දැන් චන්න යන්නේ වැරැදි පාරකය. ඔහු පරිගණකය මගින් ව්‍යාජ ලොතරැයි මුද්‍රණය කරන්නේ වංචාවෙන් මුදල් උපයන්නටය.
ඔහු රාත්‍රියේ රූපවාහිනිය ළඟට වී ලොතරැයි දිනුම් අදින දෙස බලා සිටින්නේ පෑනක්‌ද අතේ තබාගෙනය. ජයග්‍රාහී අංක හේ ලියා ගත් පසු කෙළින්ම කාමරයට වැදී පරිගණකය මගින් ව්‍යාජ මහජන සම්පත ලොතරැයි පත් සකසන්නේද බොහෝම ප්‍රවේශමෙනි.
මහජන සම්පත ලොතරැයි පතේ අවසාන අංක තුනට රුපියල් දහසක මුදලක්‌ ලැබේ. රුපියල් දහසක්‌ දක්‌වා වන ජයග්‍රාහී මුදල් ලොතරැයි අලෙවි කුටියකින් ලබාගත හැකි බවද ලොතරැයියේ සඳහන්ව ඇත. සෙසු ජයග්‍රාහී මුදල් ජාතික ලොතරැයි මණ්‌ඩලයෙන් ලබාගත යුතු බවද සඳහන්ව ඇත.
චන්න කල්පනා කළේ රුපියල් දහසක්‌ ලැබෙන පරිදි ලොතරැයියේ අවසාන අංක සැකසීමටය. වැඩේ සාර්ථකය. මුද්‍රණය කළ ලොතරැයිය ව්‍යාජ එකක්‌යෑයි කීමට හැක්‌කේ කාටද? 
ඔහු ලොතරැයි පතද අතට ගෙන බස්‌රථයකට ගොඩ වුණේ තරමක්‌ චකිතයෙනි. කඩුවෙලින් ලොතරැයි දිනුම ලබා ගැනීම නුවණට හුරු නැති නිසා ඔහු පිට තැනකින් ලොතරැයි දිනුම ගන්නට ගියේ එනිසාය. අහිංසක ලොතරැයි වෙළෙන්ද කුගෙන් රුපියල් දහසේ දිනුම ගත් හේ ටිකට්‌ පත් කිහිපයක්‌ද මිලදී ගත්තේ ලොතරැයි වෙළෙන්දාගේ සිත සතුටු කිරීමටය.
සාර්ථකය. රුපියල් දාහ මවන මන්තරේ පරිගණක යන්ත්‍රය බවට පත්විය. දවසකට එක ලොතරැයියක්‌ බැගින් මුද්‍රණය කරන චන්න දිනපතාම මේ දහසේ ලොතරැයි ජයක අයිතිකරු වූයේ කාටවත් මේ ජාවාරම පිළිබඳ නොදැනෙන පරිදිය.
චන්න සක්‌විතිට දෙවැනි නැත.
ඉංගිරිය, හොරණ, පාදුක්‌ක, මීපේ, ගොඩගම, මාලබේ, අතුරුගිරිය, දෙහිවල පමණක්‌ නොව ප්‍රදේශ ගණනාවකට යමින් මොහු ව්‍යාජ ලොතරැයියේ රුපියල් දහසක ජය දිනපතාම ලබා ගත්තේ හොඳ සල්ලිකාරයකු බවට පත්වෙමිනි.
අපි පොඩි ලොරියක්‌ ගමු. එතකොට මොනව හරි බිස්‌නස්‌ එකක්‌ කරන්න පුළුවන්නේ. දිනක්‌ බිරිඳට චන්න කීවේ දියුණුවන මිනිසකුගේ හැටි පෙන්වන්නට මෙනි.
චන්න පරණ පුරුදු රස්‌සාවද අතහැර දැමුවේ නැත. ඔහු වෙල්ඩින් වැඩපළවල වැඩටද ගියේය. යතුරු පැදියක්‌ද මිලදී ගත් ඔහු නිවසට අවශ්‍ය ගෘහ භාණ්‌ඩද ගෙනාවේ බිරිඳ ගේ ආදරය මුවහත් කරමිනි. බිරිඳට මේ දියුණුව හරි සතුටකි. ඇයටද වෙනදාට වඩා ඇඳුම්, පැළඳුම්, කෑම බීම ලැබිණි.
චන්නගේ ළමාවියේ දුක්‌ ගැහැට ටික ටික ලිහී වැටුණේ ව්‍යාජ ලොතරැයිපත් වලට පින්සිදු වන්නටය.
දිනක්‌ මොහු ව්‍යාජ ලොතරැයියක්‌ රැගෙන ඉංගිරියට ගියේය.
"මට ඔයාගේ අයිඩෙන්ටිය දෙන්න." ලොතරැයි අළෙවිකරු කීවේ සිතට නැගුණ සැකය නිසාය.
"ආ මෙන්න" චන්න අයිඩෙන්ටිය දික්‌ කළේ ඉතා සැහැල්ලුවෙනි.
කෝකටත් කියා හැඳුනුම්පත් අංකය ලොතරැයියේ පිටුපස සටහන් කළ එම ලොතරැයි අලෙවිකරු රුපියල් දහසක්‌ ගෙන චන්නට දික්‌ කළේය. චන්න කෝකටත් සූදානම්ය.
මෙලෙස රුපියල් දහස බැගින් හම්බ කළ චන්න පොහොසත් වනවිට අහිංසක ලොතරැයි අලෙවිකරුවන් මහ අමාරුවක වැටිණ. විශේෂයෙන්ම ලොතරැයි අලෙවි නියෝජිතයින් ජාතික ලොතරැයි මණ්‌ඩලයට අදාළ ටිකට්‌ ඉදිරිපත් කළ පසු ඒ අයවද අමාරුවේ වැටිණ, ප්‍රශ්න කෙරිණ, රුපියල් දහසක්‌ පාඩු වෙනවාට. අමතරව එක එක ප්‍රශ්නවලට ලක්‌ වෙමින් රස්‌තියාදු වීමට ඔවුනට සිදුවිය.
මේ රටේ හැටි එහෙමය. හොරු කොහෙත් සිටිති. මේ හොරු නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසකයන්ය. මහහොරා අහිංසකයන්ගේ මුදල් හොරාගෙන සැප විඳින්නට සිතයි. නමුත් හොරකමට ආයුෂ නැත. හොරා විඳින්නේ තාවකාලික සැපතකි. ඒ සැප අවසන් වන්නේ මහ දුකකිනි. සක්‌විතිටත්, චන්නටත් වූයේ ඒකය.
ඉංගිරියේ ලොතරැයි පතේ සඳහන් හැඳුනුම්පත ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කිරීමට බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි නිහාල් පෙරේරා මහතාට මෙහි පරීක්‍ෂණ බාර දෙන්නේ ජාතික ලොතරැයි මණ්‌ඩලය කළ පැමිණිල්ලට අනුවය.
පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ හැඳුනුම්පත් අංකය පරික්‍ෂා කරන්නේ ඒ අනුවය. පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන අදාල හැදුනුම්පත් අංකය අනුව පුද්ගලයා හඳුනා ගත්තේය. ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන විට ඔහු කියා ඇත්තේ මීට කලකට පෙර හැඳුනුම්පත නැති වූ බවය. පොලිසිය පරීක්‍ෂණ නතර කරන්නේ නැත. අදාළ සැකකරුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය වන්නේ "චන්න" මීට කලකට පෙර හැඳුනුම්පත ලබා ගත් බවය.
චන්න කොටුවෙන්නේ ඒ පාපොච්චාරණය මතය.
බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි නිහාල් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත කළුතර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරික්‍ෂක නාලක ජී. සුමනරත්න (බේරුවල), පොලිස්‌ පරීක්‍ෂක සාලිය ප්‍රියන්ත (කළුතර දකුණ), උප පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී (මතුගම) සැරයන් අල්විස්‌ (5284) (අළුත්ගම), සැරයන් කාංචන (බේරුවල), කොස්‌තාපල් නිලන්ත (29018) නුගේගොඩ බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඩබ්ලිව් කේ. විතාන, කොස්‌තාපල් ඉන්ද්‍රජිත් (56993) යන නිලධාරීහු "චන්න" අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ ඒ අනුවය.
පරිගණකයද, මුද්‍රණ යන්ත්‍රයද අත්අඩංගුවට ගන්නා පොලිසිය සැකකරු කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 25 වැනිදා සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණය නියෝග කරන්නේය. රාජපක්‍ෂලාගේ චන්න නමැත්තා දැන් කියන්නේ මේ වැඩේ ළඟදීම නතර කරන්නට සිතාගෙන සිටි බවය.
"තණ්‌හාය ජායති සෝකෝ" තණ්‌හාව නතර වෙන්නේ මෙතැනිනි. රුපියල් ශත සොයන්නට කෙටි ක්‍රම, ලෙහෙසි ක්‍රම සොයන කාටත් මෙය පාඩමකි. මේ පාඩම් කොතෙක්‌ ඇසුවත් අදටත් ව්‍යාජ හැඳුනුම්පත් සකසන, ව්‍යාජ මුදල් අච්චු ගසන, ව්‍යාජ ලියකියවිලි සකසන, බොරුකාරයින්, වංචාරකාරයින්, හොරු, ජාවාරම්කරුවන් කොපමණ සිටිත්ද?
චන්න එක අතකට දක්‍ෂයෙකි. සක්‌විතිද දක්‍ෂයෙකි. මේ දස්‌කම හොඳ දෙයකට, සමාජ යහපතට මාරු වන්නේ නම් මොවුනට මීට වඩා හොඳ කලක්‌ යන බව අපට විශ්වාසය.
divaina
Read More »

සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගෙන් සහ පොලිස්‌ ස්‌ථානවලින් පවා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගත් ආකාරය පිළිබඳව රහස්‌ පොලිසිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසය රහස්‌ තොරතුරු රැසක්‌ අනාවරණය කරගෙන ඇත.
විවිධ සංවර්ධන කටයුතුවලට, අවුරුදු උත්සවවලට ඇතුළු නොයෙකුත් පොදු කටයුතුවලට යෑයි කියමින් මෙම මුදල් එකතු කර ඇති බව ද අනාවරණය වී තිබේ.
කැලණිය පොලිස්‌ කොට්‌ඨාසයේ ඇතැම් ස්‌ථානාධිපතිවරුන් සහ සමහර උසස්‌ නිලධාරීන් පවා මෙම සංවිධානාත්මක කණ්‌ඩායම්වලට විශාල වශයෙන් මුදල් ලබාදී ඇති බව ද වාර්තා වෙයි.
අවුරුදු උත්සවවල ත්‍යාග පිරිනැමීම සඳහා වෙසක්‌ පොසොන් උත්සවවල විවිධ සැරසිලි ඉදිකිරීම් සහ කූඩු තරග සඳහා ද පොලිස්‌ ස්‌ථානවලින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් මෙම සංවිධානාත්මක කණ්‌ඩායම ලබාගෙන ඇති බව ද හෙළිවෙමින් පවතී.
කැලණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක මහාපරිමාණ ව්‍යාපාර කටයුතුවල යෙදෙන ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ද මෙම සංවිධානාත්මක පිරිස්‌ මාසිකව කප්පම් මුදල් එකතු කර ඇති බවට තොරතුරු රැසක්‌ හෙළිවී ඇත.
මේ අතර ඇමැති මර්වින් සිල්වා මහතාට සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ රහස්‌ පොලිසිය සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.
කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පෙරේදා (19 වැනිදා) පැමිණි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කැලණිය ප්‍රදේශයේ සිදුවී ඇතැයි කියන කප්පම් ගැනීම්, දූෂණ ක්‍රියා ඇතුළු නොයෙකුත් විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව තොරතුරු රැසක්‌ ලබාදී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.
මේ අතර ප්‍රසන්න රණවීර මහතාගෙන් රහස්‌ පොලිසිය ද ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ. එහිදී රණවීර මහතා තමන් දහදිය මහන්සියෙන් මුදල් උපයාගත් ආකාරය පිළිබඳව ලිතව තොරතුරු ඉදිරිපත් කර ඇත.
ඇමැති මර්වින් සිල්වා මහතාගෙන් ද රහස්‌ පොලිසිය නුදුරු දිනකදී ප්‍රශ්න කර කටඋත්තර ලබාගැනීමට සිටියි. එමෙන්ම කැලණිය සහ ඒ අවට ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ද ප්‍රශ්න කිරීමට රහස්‌ පොලිසිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගනිමින් විවිධ දූෂිත ක්‍රියාවල නිරතවන බවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ප්‍රසිද්ධියේ චෝදනා කිරීම නිසා මහත් ආන්දෝලනයක්‌ පසුගියදා ඇතිවිණි.
Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අසන්තද මැල් මහතා පත්කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (19 දා) තීරණය කළේය.
ඒ අනුව අද (20) සිට අසන්තද මැල් මහතා අදාළ තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත අතර ඔහුගේ සෙසු කමිටු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, දොන් අරුණසිරි සහ හේමන්ත වික්‍රමරත්න පත්කර තිබේ.
හිටපු ශ්‍රී ලංකා වර්ණලාභියකු වන අසන්තද මැල් මහතා මීට පෙර වසර ගණනාවක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කර තිබේ. ඉකුත් 2011 ලෝක කුසලාන සඳහා පත්වූ අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට පෙරද අසන්තද මැල් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
අදාළ තේරීම් කමිටුව වසරක කාලයක්‌ වෙනුවෙන් පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටී.
දුලිප් මෙන්ඩිස්‌ගේ සභාපතිත්වයෙන් යුත් හිටපු තේරීම් ඉල්ලා අස්‌වීමට තීරණය කිරීමෙන් පසු මෙම පත්වීම් සිදුකර බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටී.
Read More »


කොළඹ මහනගර සභාවේ මුදල් කාරක සභාවේ බහුතර බලය විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය.
ඒ (19) පැවැත් වූ 2012 වසරේ කොළඹ මහනගර සභාවේ මහා සභාරැස්විමේදීය.
එහිදී කාරක සභා 16 කට සාමාජිකයින් පත්කර ගැනීමට නියමිතව තිබු අතර මුදල් කාරක සභාවට අදාළ පත් කිරිම් පළමුව සිදු කරනු ලැබිණි.
පැවති රහස් ඡන්ද විමසීමේදී කාරක සභාවේ සාමාජිකයින් සිව්දෙනෙකු විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්විය.
සාමාජිකයින් පස්දෙනෙකුගෙන් හා සභාපතිවරයකුගෙන් සමන්විත මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස නගරාධිපතිවරයා නිලබලයෙන් පත්වේ.
කෙසේ වෙතත් අද පැවති රහස් ඡන්ද විමසීම සාධාරණ නොවන බව පවසමින් කොළඹ මහ නගර සභාවේ පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විරෝධය දැක්වීමත් සමඟ සභාව උණුසුම් විය.
උද්ගත  වු තත්ත්වය මත සභාව මද වේලාවකට කල් තැබීමට සිදුවුණා.
කල්තැබු සභාව යළි රැස්වීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රි අසාද් සාලි විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී සභාව යළිත් උණුසුම් විය.


Read More »

ඉඩම් සහ පොලිස්‌ බලතල නැහැ
තේරීම් කාරක සභාව හමුවේ සාකච්ඡා

ජාතික ගැටලුව විසඳීම සඳහා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එහා ගිය විසඳුමක්‌ ලබාදීමට පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සම්බන්ධතාවකින් යුතු බලතල සහිත සෙනෙට්‌ සභාවක්‌ (උත්තර මන්ත්‍රණ සභාවක්‌) පිහිටුවීම රජයේ අරමුණ බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (19 වැනිදා) පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගිය අවස්‌ථාවේදී එරට අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා මේ බව පැවසූ බවත් කී රඹුක්‌වැල්ල මහතා කෙසේ වෙතත් පළාත් සභා සඳහා ඉඩම් සහ පොලිස්‌ බලතල ලබා නොදීමේ තීරණයේ වෙනසක්‌ නොවන බව ද කීය. අදාළ සෙනෙට්‌ සභාව සුළු ජාතීන් නියෝජන වන පරිදි පත්විය යුතු බවද එමගින් පළාත් සභාව සහ මධ්‍යම රජය අතර මනා සම්බන්ධතාවක්‌ තිබීම අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
මේ සියලු දේ පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනෙන්නේ පාර්ලිමේන්තුවේදී වන බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ තුළ මේ සියලු කාරණා පුළුල් වශයෙන් සාකච්ඡා කළ හැකි බවත් ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Read More »

ටී.වී දෙරණ ආයතනයේ විධායක වාර්තාකාරිණී,ජනප්‍රිය නිවේදිකා ඩිල්කා සමන්මලී මෙනවිය අද කොළඹ ගංගාරාමය ඉදිරිපිට කලා දූපතේදී විවාහය ගිවිසගන්නා ලදී.ඇයගේ අතගනු ලැබුවේ පරිසරවේදී අසේල මුතුමණි‍ගේ මහතාය.

Read More »

ප්‍රභූවරුන් ගුවන් හමුදා හෙළිකොප්ටර් යානාවලින් ගමන් කිරීම වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි විස්‌සක මුදලක්‌ වැය කරන බව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
ගුවන් හමුදාව ස්‌ථාපිත කළ කාලයේ පටන් රාජ්‍ය නායකයින් සහ අනෙකුත් ප්‍රභූවරුන් වෙත ගමන් කිරීමට හෙළිකොප්ටර් යානා පහසුකම් ලබා දී තිබූ බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
ජනාධිපති, අගමැති, විපක්‌ෂනායක, කථානායක, කැබිනට්‌ ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‌ෂක ලේකම්, ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, මහානායක හිමිවරුන්, ආගමික නායකයින් සහ රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලද පුද්ගලයන්ට මෙම පහසුකම් ලබාදෙන බවද ගුණවර්ධන මහතා කීවේය.
පසුගිය වසර තුන තුළදී ගුවන් ගමන් වාර 797 ක්‌, 508 ක්‌ සහ 491 ක්‌ සිදුකර ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
Read More »

දේශපාලනයට ඒමට තමාගේ කිසිම අදහසක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊයේ (18 දා) උදේ  ප්‍රකාශ කළේය.
කවුරු කිව්වත් කවුරු හිතුවත් තමා දේශපාලනය කරන්නේ නැතැයිද රාජපක්‌
ෂ මහතා පැවසීය.
මේ අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද දේශපාලනයට පිවිසෙන ලෙස ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙත ඇරයුම් කරද්දී ඔබට ඕනෑ මාව ආරක්‌ෂක ලේකම් තනතුරෙන් ඉවත් කිරීමටදැයි කියා ගෝඨාභය රාජපක්‌
ෂ මහතා ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
මෙවැනි ආරාධනා රාශියක්‌ ලැබී ඇතත් ගෝඨාභය රාජපක්‌ෂ මහතා දේශපාලනයට ඒමට අකමැති වී ඇත.
Read More »

 හරියට නාඳුනන මන්ත්‍රීවරයකු සමග  ආණ්‌ඩු පෙරළන හැටි කතා කරන්න තරම් මං මෝඩ නෑ
හරියාකාරව නාඳුනන විපක්‌ෂ මන්ත්‍රීවරයකු සමග ආණ්‌ඩු පෙරළන ආකාරය කතා කරන්නට තරම් තමා නුවණ නැති කෙනකු නොවන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී
 එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. 
"ශක්‌තිමත් නායකයෙක්‌ සමග එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් වුවහොත් වත්මන් රජය පෙරළන ආකාරය පිළිබඳව උපදෙස්‌ දෙන්නට සූදානම් යයි මා ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ අඩංගු පුවතෙහි සඳහන් වේ. මෙය සම්පූර්ණ අසත්‍යයකි."
ආණ්‌ඩු හදන හෝ පෙරළන කර්තව්‍යයන්ගෙන් මා දැන් ඉවත් වී ඇත. 2010 පැවැත්වූ ජනාධිපතිවරණ සමයේ දී ආණ්‌ඩු පක්‌ෂයේ අපේක්‌ෂකයා 8 වතාවක්‌ද, විපක්‍ෂ අපේක්‌ෂකයා 5 වතාවක්‌ද, ඔවුන්ගේ මැතිවරණ සටනට උදව් කරන ලෙස මගෙන් කරන ලද ඉල්ලීම්ද මා ප්‍රතික්‌ෂේප කළේ මෙම කාරණා හේතු කොටගෙන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. 
අදාළ පතිරණ මන්ත්‍රීවරයා සත්‍යයෙන් තොර මෙවැනි ප්‍රකාශ පැතිරවීම සම්බන්ධව මම කනගාටු වෙමි. 
මා ඩුබායි ගුවන්තොටුපළේ දී "එමිරේට්‌ස්‌ ගුවන් සේවයේ" යානයකින් කොළඹ බලා පැමිණීමට අසුන්ගෙන සිටින විට, ඔහු මා ළඟට පැමිණ "මම බුද්ධික පතිරණ" යෑයි ස්‌වයං හඳුන්වාදීමක්‌ කර මා සමග සුහදව කතා කළේය. 
මා ඔහු හමුවූ පළමුවන හෝ දෙවන වතාව මෙය විය හැක. මා ඔහුට කියා සිටියේ විපක්‌ෂයේ ප්‍රධානීන් භේද භින්න වී අභ්‍යන්තර සටන් ඇති කරගන්නවා වෙනුවට ශක්‌තිමත් විපක්‌ෂයක්‌ ලෙස ඉදිරිපත්වීම අප රටට අවශ්‍ය බවයි. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කරන්න නම් ස්‌ථාවර රජයක්‌ මෙන්ම ශක්‌තිමත් විපක්‌ෂයක්‌ද අවශ්‍ය බව මම ඔහුට ප්‍රකාශ කළෙමි.
හරියාකාරව නාඳුනන විපක්‌ෂ මන්ත්‍රීවරයකු සමග ආණ්‌ඩු පෙරළන ආකාරය පිළිබඳ කතා කරන්නට තරම් මම නුවණ නැති කෙනෙක්‌ නොවෙමි.

චන්ද්‍රිකා එසේ කිව්වාමයි බුද්ධික පතිරණ කියයි
"හරි නායකයකු සිටිනවා නම් ආණ්‌ඩුව පෙරළන හැටි තමන් කියාදෙන්නම්" යෑයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සමග ස්‌ථිරවම පැවසූ බව මාතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාපැවසීය.
ඒ පිළිබඳව පුවත්පත්වල පළ වූ, සියලු වාර්තා සත්‍ය බවද ඒවා අකුරක්‌ නෑර සත්‍යය බවද කී මන්ත්‍රීවරයා ඩුබායි ගුවන් තොටුපොළේ දී ඇවිද යන අතරේ හිටපු ජනාධිපතිවරිය මුණගැසුණු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Read More »

ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුමක්‌ ලබාදීමට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවසූ බව මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (17 වැනිදා) පැවැසීය.
දෙමළ ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඇතැයිද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් බලය බෙදාහැරීම සුදුසු බවද හෙතෙම විදේශ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී කීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ක්‍රිෂ්ණා මහතා අතර ඊයේ (17 වැනිදා) පෙරවරුවේදී විනාඩි 90 ක්‌ පමණ පුරාවට පැවැති මෙම සාකච්ඡාවේදී ප්‍රධාන ලෙසම සාකච්ඡාවට බඳුන්වී ඇත්තේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධවයි.
එම ජනතාවගේ ගැටලු විසඳීම ඉතාම වැදගත් බව මෙහිදී සාකච්ඡාවී ඇති අතර දෙරට අතර ගිවිසුම් කිහිපයක්‌ සඳහාද අත්සන් තබා ඇත.
දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර සාකච්ඡා ඉදිරියට ගෙනයැම අවශ්‍ය බවද ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙරට මාධ්‍ය හමුවේ පැවැසූ අතර වර්තමානයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉතා යහපත් සම්බන්ධතාවක්‌ ගොඩනැඟී ඇතැයිද සඳහන් කළේය.

ටී.එන්.ඒ. ඉන්දියාවෙන් තල්ලුවක්‌ ඉල්ලයි
උතුර නැගෙනහිර බලය ද්‍රවිඩ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) ලබාගැනීමට ඉන්දියාව මැදිහත් විය යුතු යෑයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු එහි මන්ත්‍රී පිරිස ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා වෙතින් ඉල්ලා ඇත.
ඉන්දීය විදේශ ඇමැතිවරයා හා ද්‍රවිඩ සන්ධානය අතර විනාඩි 40 කට අධික කාලයක්‌ පැවැති සාකච්ඡාවේදී සාමුහික ක්‍රියාදාමයක්‌ ආරම්භ කරන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම විසින් තවදුරටත් පවසා තිබේ. 
ද්‍රවිඩ ජාතිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නිවැරැදි පිළිවෙතක්‌ අනුගමනය කරන ලෙසද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර ඇත.
තමා වෙත යොමු වූ කරුණු  ශ්‍රී ලංකා රජය වෙත යොමු කරන බව ඉන්දීය විදේශ ඇමැතිවරයා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමට පවසා තිබේ. 
මේ අතර මුස්‌ලිම් කොන්ග්‍රසයේ කණ්‌ඩායමක්‌ද ඉන්දීය විදේශ ඇමැති හමුවී සාකච්ඡා කර ඇත.
Read More »

විදුලි බල මණ්ඩලයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ට සියයට 25ක වැටුප් වැඩි වීමක් ජනවාරි මස වැටුපේ සිට ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) නියම කර තිබේ.
විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා පත්කළ ඇමැති අනු කමිටුව ඊයේ (17) රාත්‍රියේ රැස්වී තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වූ මෙම අමාත්‍ය අනු කමිටුවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක,ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු අදාළ විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු සහභාගි වූහ.
විදුලිබල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ජල සම්පාදන මණ්ඩලයේ.
සේවකයින් සඳහා ලබාදුන් සියයට 18ක වැටුප් වැඩිවීම, කාර්ය සාධනය මත ලබාදෙන සියයට 5ක වැටුප් වර්ධනය හා රුපියල් දෙදහස් පන්සියයේ වැටුප් ඉහළ යාම වෙනුවෙන් මෙම සියයට 25ක වැටුප් වර්ධකය ලබාදීමට තීරණය වී ඇත.
සියයට 25ක වැටුප් වැඩිවීමත් එපා කියයි
විදුලි, ඛනිජතෙල් හා ජලසම්පාදන සේවකයිනට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කරයි.  රජය මීට කලින් තීරණය කර තිබුණේ සියයට 18කින් වැටුප් වැඩි කිරීම සඳහාය. නව වැටුප් ක්‍රමය පිළිනොගන්නා බවත් සියයට 45කින් වැටුප් වැඩි කර ගැනීම තම අරමුණ බවත් ලංකා විදුලි එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් හා ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක යන මහත්වරු පවසති.
Read More »

මහනුවර ශ්‍රී දළදා මාළිගාව සතු ඉඩම් ඉඩම් කොටස් කිසියම් පෞද්ගලික ආයතනයකට අලෙවි කර ඇති බවට සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
එහි සභාපති ආර්.එස්.පී.බී. සේනානායක ‍ඊයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස එම කරුණු අනාවරණ කළේය.

"දළදා මාළිගාව සතු ඉඩම් තියෙන ක්‍රම දෙක තුනකටම එතකොට අපිට දැනගන්න ලැබූණා. සමහර ඉඩම් සමහර සමාගම් මහනුවර ප්‍ර‍දේශයේ කාර්යාල පවත්වා ගෙන යන සමහර සමාගම් සඳහා දළදා මාළිගාවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් යන දෙපාර්ශවයම විසින්ම එකතු වෙලා දළදා මාළිගාවට පෙර රජ දරුවන් පූජා කළ ඒ ඉඩම් ඉරහඳ පවතිනාතාක් ඒ පරම අයිතිය ඇතිව පුජා කළ ඉඩකඩම් අන්‍ය ආකාරයකට කුණු කොල්ලයකට මේවා අන්සතු කරලා තියෙනවා. මේක ඇත්තටම බරපතල සිද්ධියක් මං දන්නෑ මේ වගේ ගියොත් එහෙම මොනවගේ තත්ත්වයක් දළදා මාළිගාවට අත්වෙයිද කියලා"
අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි වාර්තා ඉදිරි දිනයේ නිකුත් කරන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි.
 ඒ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පත්‍ර අලෙවියේදී සිදුව ඇතැයි, පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ තිබේ.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක පවසන්නේ,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විසින්, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචාරක ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර, අලෙවි කිරීම එම විමර්ශනය ආරම්භ කිරීමට හේතුවී ඇති බවයි.
මේ වන විට ඒ සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
Read More »

ලොව රටවල් කිහිපයක අතුරුදන් වු ගංඟා පිළිබඳ අසා ඇතත් ශ්‍රී ලංකාවේද එවැනි ගංඟාවක් තිබෙන බව ඔබ නොදන්නවා විය හැකියි.
එහෙත් ලං‍කාවේ රත්නපුර ප්‍රදේශයෙන් ද එලෙස අතුරුදන් වන ගංඟාවක් හමු වී තිබේ.
ශ්‍රි ලංකාවේ බො‍හෝ ගංඟා ඇරඹෙන ශ්‍රී පාද රක්ෂිතයෙන් උපත ලබන ඉඳුරුව ගඟ කළු ගඟ පෝෂණය කරන ප්‍රධාන ජල ධාරාවකි.
රත්නපුර ගිලීමලේ ඉඳුරු ගඟ රක්ෂිතය තුළ ඉඳුරු ගඟ නිහඬව ගලා බසින්නේ, ශ්‍රී ලංකාවේ සුවිශේෂි භූ පිහිටීමක් පිළිබඳව සාක්ෂි සපයමිනි.
ඉදුරුව රක්ෂිතය හරහා චමත්කාර ජනක දසුන් මවමින් ගලා බසින ඉඳුරුව ගඟ එක්තරා ස්ථානයකදී අතුරුන් වෙයි.
එතැන් සිට පොළවට ගිලා බසින ගංඟාවේ ගමන් මග යෙදී ඇත්තේ පොළව අභ්‍යන්තරයෙනි.
ඉඳුරුව ගඟ යළි පොළව  මතුපිටින් දැකගත හැකි වන්නේ,මීටර් 300ක් පමණ දුරකින් පසුවයි.
වියළි කාලයේ පමණක් දැකගත හැකි මෙම සුවිශේෂි ස්ථානය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ උමං අතුර ලෙසයි.
ගංඟාව පොළව තුළට ගලා බසින එම කුහරය දැඩි ගැඹුරකින් යුක්ත බව ද ඔවුහු පවසති.
නිසි ගවේෂණයකට ලක්ව නොමැත උමං අතුරෙන් ගිලෙන්නාවු ඉඳුරුව ගඟ පොළොව තුළ නිර්මාණය කරන්නේ, කුමන පරිසර තත්ත්වයක් දැයි, තවමත් අභිරහසකි.
Read More »

එක්‌සත් ජාතික පක්‍ෂයේ විනය කඩකරන සාමාජිකයන්ට එරෙහිව තරාතිරම නොබලා තීන්දු තීරණ ගැනීමේ පූර්ණ බලය එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට ඊයේ (16 වැනිදා) රැස්‌වූ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තීරණය කළේය. 
මින් ඉදිරියට කිසිදු ක්‍රියාකාරිකයකු පක්‍ෂයේ නිල අනුමැතියකින් තොරව රැස්‌වීම් කැඳවීම, මහජන නියෝජිතයන් සම්මන්ත්‍රණවලට කැඳවීම, මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම, රටපුරා රැස්‌වීම් සංවිධානය කිරීම නොකළ යුතු බවත් යම් අයකු පක්‍ෂයේ නියෝග නොතකා ක්‍රියාකරන්නේ නම් එවැනි අයගේ පක්‍ෂ සාමාජිකත්වය පවා තහනම් කිරීමේ බලය නායකත්වයට පවරා ඇත.
මෙම කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැති අතර එහිදී ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතාගේ සභාපතිත්වයෙන් විනය කමිටුවක්‌ද පත්කරනු ලැබ ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඇතුළු නිලධාරීන් පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණය ස්‌වාධීනව සිදුකළ බවට පිළිගත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය එදින සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට පහරදුන් අය සම්බන්ධව නෛතික හා පක්‍ෂයේ අභ්‍යන්තරිකව ක්‍රියාකළ යුතු බවට තීරණය කළේය.
පක්‍ෂ මූලස්‌ථානයට පහර දීමේ සිද්ධියට අදාළ සම්පූර්ණ වීඩියෝ පටයක්‌ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය හමුවේ පැය භාගයකට අධික කාලයක්‌ පෙන්වා ඇති අතර ඒ අවස්‌ථාවේ පහර දීමට අනුබල දුන්නේ යෑයි පැවැසෙන ඇතැම් සභිකයන් වෙත වාග් ප්‍රහාරද එල්ලවී තිබේ.
පසුගිය කාලය තුළ උපදේශක මණ්‌ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ සියල්ලම කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ එකඟත්වය පළකරමින් පත්වීම් සියල්ලද අනුමත කරන ලදී.
එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 7.3 වගන්තියට අනුව සියලු දෙනා කණ්‌ඩායම් ගොඩනැගීම් හෝ කල්ලිගැසීම්වලින් තොරව ක්‍රියාකළ යුතු බවට වන නීති රීති පද්ධතියක්‌ ද මෙහිදී සම්මත කරගෙන ඇත.
හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් දෙදෙනාටම යළි කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකත්වය ලබාදිය යුතු බවට යෝජනාවක්‌ එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළද ඊට කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අනුමැතිය දීමක්‌ හෝ එය ප්‍රතික්‍ෂේප කිරීමක්‌ සිදුව නොමැත.
ගල්මුල් ප්‍රහාරයෙන් විනාශ වූ පක්‍ෂ මූලස්‌ථානය ගොඩනැගීම සඳහා රට වටේ ගොස්‌ මුදල් එකතු කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේද අනුමැතිය පළවූ අතර මේ වන විට ඒ සඳහා රුපියල් ලක්‍ෂ 9 ක්‌ පමණ එකතුවී තිබෙන බව හිටපු ඇමැති ආනන්ද කුලරත්න මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක්‌ එක්‌ කළ යුතු බවටත්, පක්‍ෂ සාමාජිකයන් හා ජනතාව නොමග යවන ආකාරයේ පක්‍ෂය පිළිබඳ වැරැදි චිත්‍රයක්‌ ලොවට ගෙන යන එක්‌තරා මාධ්‍ය ජාලයක්‌ සම්බන්ධව දැඩි පියවර ගත යුතු බවත් මෙහිදී තීරණය කෙරිණි.
එක්‌සත් ජාතික පක්‍ෂයේ විනය ආරක්‍ෂා කර ගනිමින් සියලු දෙනා කැපවීමෙන් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමට සූදානම් විය යුතු බව මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
පක්‍ෂයේ ජයග්‍රහණය සහ උන්නතිය උදෙසා තමන් දිගින් දිගටම කැපවී ක්‍රියා කළ බවත් ඒ කැපවීම තවදුරටත් එලෙසින්ම ඉදිරියට ගෙනයන බවත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඇතුළු නව නිලධාරී මණ්‌ඩලය පත්කර ගැනීමෙන් පසු පැවැති ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඉතා සුහදව හා සාමකාමීව පවත්වමින් පක්‍ෂයේ උන්නතිය සඳහා වන තීරණ රැසක්‌ ගත් බව එම පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.
Read More »

පක්‍ෂය තුළ පවතින නීති රීති සහ විනය අකුරටම පිළිපදින අතරේ පක්‍ෂය දිනවන ජාතික ව්‍යාපාරය ගම් මට්‌ටමින් ගෙන යන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16 දා)  පැවසීය. ඒ අනුව ඉදිරියේදී රට පුරා රැස්‌වීම් පවත්වමින් පක්‍ෂයේ 
ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකරන බවද කී ඒ මහතා එය කිසිවකුටත් නවතාලිය නොහැකි බවද සඳහන් කළේය.
මේ අතර ඊයේ පැවැති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තමාට හෝ දයාසිරි ජයසේකර මහතාට හෝ විරුද්ධව විනය පරීක්‍ෂණයක්‌ හෝ කිසිදු පියවරක්‌ ගැනීමට තීරණය නොකළ බව ද හෙතෙම කීහ.
පසුගියදා සිරිකොත මන්දිරයට එල්ලවුණු ප්‍රහාරයේ වීඩියෝ පටයක්‌ ප්‍රදර්ශනය කළ බවද කී ප්‍රේමදාස මහතා එය "ඒ පැත්තෙන් වීඩියෝ" කළ එකක්‌ බවද වැඩිදුරටත් කියා සිටියේය. 
Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us