Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට්‌ අද විජයග්‍රාහී අවස්‌ථාවක පසුවනුයේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමිනි. ඔහු කළ කී දේ තේරුම් ගැනීමට අපහසු වූ ඇතැම් අය පැවැසූවේ" ඕවත් හරි යන වැඩද යනුවෙනි" ඔහුට අවශ්‍ය වුයේ අසරණ රෝගීන් සුව කිරීමේ නව මංමාවත් සොයා ගැනීමය.
ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක්‌ අන් අයගේ වැරදි සහගත සිතුවිලි අභිබවා ජයගත් බව ඔහු පසුගිය සතියේ පැවසූවේ ඉමහත් උද්දාමයකිනි. දැවැන්ත අභියෝගයන් හමුවේ මගේ නම බේරා ගත්තා, ඔහු පැවැසූවේ මොනතරම් සතුටින්ද?
ජනාධිපතිවරයා මෙම අභියෝග හමුවේ ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීම වැදගත්ම අවස්‌ථාව විය. විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු නම් කරන රෝගීන් 15 දෙනකු සනීප කිරීමට මා භාරගන්නවා. ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මෙම අභියෝගය භාරගත්තේ ඔහු කෙරෙහි තැබූ අචල විශ්වාසය පිළිබිඹු කරමිනි.
"රෝගවලින් පෙළෙන මිනිසාව" බේරා ගැනීමේ ශක්‌තියක්‌ මා තුළ ඇති බව ඔප්පු කිරීමට මෙය ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌ වශයෙන් මා සලකනවා. ඔහු පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි. 
"මොන වගේ රෝගද මෙම රෝගීන්ගෙන් ඇතැමෙකුට වැළඳී තිබුණේ" මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සමහරුන්ට ඉවසිය නොහැකි කොන්දේ අමාරු, හමේ රෝග තිබූ අතර පිළිකා රෝගීන්ද සිටියා.
නොබෝදා පාර්ලිමේන්තුවේදී විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයේදී ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයද ඒකමතිකව එය පිළිගත්තේ වයිට්‌ට ඔවුන්ගේ ප්‍රශංසාව මහ ඉහළින් පුද කරමිනි. ඒ. එච්. එම්. අස්‌වර් පෙන්වාදුන් පරිදි මෙවැනි අවස්‌ථාවන් දුලබ බව පෙනී යයි. යෝජනාව ඉදිරිපත් කළ පාලිත රංගෙ බණ්‌ඩාර, වයිට්‌ මෙරට පමණක්‌ නොව පිටරටවල රෝගීන්ට ප්‍රතිකාර කළ අවස්‌ථා එමට බවත් මොහුගේ සේවය ආණ්‌ඩුපක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු මෙන්ම නීතිපතිවරයා ඇතුළු රටේ ජනතාව පිළිගෙන ඇති බවත් පැවසීය. ඔහු විසින් වයිට්‌ට පිරිනමන ලද ප්‍රශංසාත්මක ලිපි රැසක්‌ සභාගත කරන ලදී. මෙම සේවා අගයකිරීමේ ලිපි පිරිනමනු ලබා තිබුණේ අමාත්‍ය ලක්‍ෂමන් සෙනවිරත්න සහ බන්දුල ගුණවර්ධන, ලාල් වික්‍රමතුංග ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයින් වන කුමාර සන්ගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන් විසිනි.
වයිට්‌ට විරුද්ධ චෝදනා සියල්ලක්‌ම සත්‍යයෙන් තොර ඒවා බවත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඉන්දීයන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කාර්, ඔහුගේ බිරිය වන අංජලිකාද සමග ලංකාවට පැමිණ ඇති බවද රංගෙ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැවැසීය. මගේ නම සියලු චෝදනා පරදවමින් පිරිසිදු වීම මට ඉමහත් සැනසුමකි. උත්තරීතර පාර්ලිමේන්තුවේදීම මගේ සේවය අගැයීම සතුටට කරුණකි. සියලු විවේචන හමුවේ ජනාධිපතිතුමා මා සමග හිටියා. ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසය අචලයි. සත්‍ය ජයගන්නා බව මම දනිමි. වෛද්‍ය වයිට්‌ පවසයි.
ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි තර්ජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳව ජනාධිපතිතුමා ආරක්‍ෂාව සැලසිය යුතු බවත් ඒ. ඩී. චම්පික පේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ සියලු ආරක්‍ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරීගෙන යන බවත්ය. අපි ඔහුගේ සේවය අගය කරනවා. 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අනෝමා ගමගේ ද කියා සිටියේ මෙම කීර්තිමත් වෛද්‍යවරයාට ආරක්‍ෂාව සැලසීම ජාතික කාර්යභාරයක්‌ බවයි. ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම වෛද්‍යවරයාගේ ආරක්‍ෂක සේවය ඉවත් කර ඇති බවයි. ඔහුද පෙන්වා දුන්නේ මෙම ජනප්‍රිය වෛද්‍යවරයා රැකගත යුතු බවය.
ඔහුගේ ආරක්‍ෂක සේවය ඉවත් කර ඇද්දැයි විමසූ විට වයිට්‌ කියා සිටියේ අසාධාරණ විවේචන එල්ල කරනු ලැබූ පසු මෙය ඉවත් කර ඇති බවය. 
වයිට්‌ගේ සේවය එක ලෙස ආණ්‌ඩුපක්‍ෂයට මෙන්ම විරුද්ධ පක්‍ෂයට අවශ්‍ය නිසා ඔහු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වශයෙන් සැලකිය යුතු බව රාමනායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත රත්නායක කියා සිටියේ වයිට්‌ අද්විතීය නාමයක්‌ දිනාගත් වෛද්‍යවරයෙකු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වුණු ඔහුගේ පුතා සුව කළ එකම වෛද්‍යවරයා වයිට්‌ බවයි.


කෙසේ වෙතත් පසුගිය දිනක නෙත් ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහනෙන් ඹහු පිළිබදව සදහන් කලේ පහත පරිදිය. 

Read More »

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ඩී. ආර්. විඡේවර්ධන මාවතේ තැපැල් මූලස්‌ථානය අසල පිහිටි පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය නාගරික සංවර්ධන අධිකාරිය විසින් කඩා ඉවත් කිරීමේදී එහි ගබඩා කර තිබූ තැපැල් දෙපාර්තමේන්තුව සතු රුපියල් ලක්‌ෂ 150 කට අධික වටිනාකමින් යුත් පරණ යකඩ තොගයක්‌ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් හොර රහසේම තැපෑලෙන් පිටකර රැගෙන ගොස්‌ ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌ ට පැවසීය.
මෙම පරණ යකඩ තොගය ගබඩා කර තිබී ඇත්තේ පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු ගොඩනැඟිල්ලේ ආපනශාලා ගොඩනැඟිල්ල අසලය. මෙම යකඩ තොගය කළු කඩයට ගියාද එසේත් නැත්නම් කිසියම් පිරිසක්‌ විසින් රහසිගත ස්‌ථානයක සඟවාගෙන සිටිනවාද යන්න පිළිබඳව මේ වන තුරුත් දැන ගන්නට නැත.
මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම යකඩ තොගය අතුරුදන් කිරීමේ ජාවාරම පිටුපස තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සම්බන්ධයක්‌ ඇති බවයි. අලුත් තැපැල්පතිවරයකු තැපෑලට පත්වුවද පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ තවමත් නතර වී නැති බව මෙයින් මනාව ඔප්පු වන බව තැපැල් වෘත්තීය සමිති නායකයෙක්‌ ට පැවසීය.
මේ පිළිබඳව තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ, පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු ගොඩනැඟිල්ලෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්‌ඩලය ඉවත් කර ගැනීමෙන් පසු සිදුවූ දේවල් තමන් නොදන්නා බවයි.
සබැදි පුවත්- කෝටියක බඩු සමඟ තැපෑලේ ගොඩනැඟිල්ල කඩා ඉවත් කරයි
Read More »

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 
මෙම වෛරසය පරිගණකයට ඇතුළුවීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි. 
http://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්ෂිත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි. 
ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ( FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි. 
එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.
http://www.dns-ok.us/ 

එහිදී 
DNS Resolution = GREEN   ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත
DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.
Read More »


පසුගිය සතියේ ඉන්දියාව විසින් ගුවන්ගත කළ අග්නි මිසයිලයට වඩා බලවත් මිසයිලයක්‌ ශ්‍රී ලංකාවේ තිබෙනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ (25) පෙරවරුවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරිමට පෙර පැවති සාකච්ඡාවේදීය.
රනිල් වික්‍රම සිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ "ඒ බව ඉන්දියාවටත්, චීනයටත්, බටහිර ලෝකයටත් පැවසීමට තමන් කැමැති බවත් ඒ මිසයිලය අන් කිසිවක්‌ නොව මෙරට ජීවන මිල ඉහළ යැමේ මිසයිලයයි. අග්නි මිසයිලය ඉහළට ගොස්‌ කඩා වැටෙනවා. නමුත් මේ මිසයිලය කඩා වැටීමකින් තොරව ඉහළටම යනවා. එසේ වන විට නිවසේ ආර්ථිකය කඩා වැටෙනවා" යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ආර්ථික විචාරකයන් පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු තුලත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණු ආණ්ඩු තුලත් දිගින් දිගටම ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගිය ආකාරය දැකගතහැක්වූ බවයි.

Read More »

තිරිගු පිටි කිලෝවේ මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කරයි. මේ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 98.50කි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම හා තිරිඟු පිටි කිලෝවට රුපියල් 10 බැගින් සෙස් බද්ද අය කිරීම නිසා පිටි ඉහළ දැමීමට සිදුවූ බව සමාගම කියයි.
Read More »

ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් ලෝක උරුම නකල්ස්‌ රක්‌ෂිත සංවේදී කලාපයේ ඉදිකර ඇති හෝටලයට එරෙහිව නීති මගින් කටයුතු කර ඇති බවත් ඉදිරියේදී එය රජයට පවරා ගන්නා බවත් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (25 වැනිදා) සඳහන් කළේය.
අදාළ ඉදිකිරීම සිදු කළ සුදුගලවත්ත භූමියේ මුල් හිමිකරු වන රෝයි ද සිල්වා යන අය එම ඉඩම රොෂාන් ගුණතිලක මහතා වෙත පැවරීමේදී නීති විරෝධීව කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේ ඊයේ (15 වැනිදා) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස්‌ දැක්‌වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේ මෙම ඉඩමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉඩමේ මුල් හිමිකරු පරීක්‍ෂණ කටයුතු සඳහා කැඳවා ඇතත් ඒ සඳහා පැමිණීම ඔහු විසින් ප්‍රතික්‌ෂේප කර ඇති බවයි.
එබැවින් අදාළ ඉඩම සම්බන්ධව නීති මගින් කටයුතු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලග්ගල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දන්වා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ලෝක උරුම නකල්ස්‌ වනපෙතේ අඩි 3500 කට ඉහළ කලාපය සංරක්‌ෂිත වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට යාබද කලාපය පරිසර පනත මගින් නකල්ස්‌ සංවේදී කලාපය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම නීති විරෝධී හෝටලය ඉදිකර ඇත්තේ එම කලාපය තුළයි.
නකල්ස්‌ සංරක්‌ෂිත කලාපයට දැඩි බලපෑමක්‌ එල්ල කළ එනසාල් වගාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවූ බවත් ඒ අනුව නකල්ස්‌ ඉහළ කොටසේ මිනිස්‌ ක්‍රියාකාරකම් අවසන් කිරීමට හැකිවූ බවත් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් පැවැසීය.
'රජය තීරණයක්‌ ගතහොත් ඒ ගැන කිසිවක්‌ කීමට නොහැකියි' - හිටපු ගුවන් හමුදාපති
මේ පිළිබඳව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී හිටපු ගුවන් හමුදාපති එයර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම පැවැසුවේ රජය මේ පිළිබඳව යම් තීරණයක්‌ ගන්නේ නම් එම තීරණය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඒ පිළිබඳව තමන්ට කිසිවක්‌ කීමට නොහැකි බවත්ය.
Read More »

රියැලිටි ගායන තරගයක් හරහා ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ගායන ශිල්පිනියක, අවසරයකින් තොරව බොහෝ සංගීත ප්‍රසංගවලදී සිය ගීත ගායනා කරන බව, ප්‍රවීණ ගායන ශිල්පිනියක වන ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඉකුත් සතියේදී මාධ්‍ය කවුළුවේ පළවූ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළාය. එහිදී ඇය එම ගායන ශිල්පිනියගේ නම සඳහන් කර නොතිබුණද, එකී ගායන ශිල්පිනිය ‘සිරස සුපර් ස්ටාර්’ දෙවැනි අදියර හරහා ජනතාව අතරට පැමිණි අමිලා නදීශානි බව, එම සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියහ. මෙහි දැක්වෙන්නේ, එම චෝදනාවෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අමිලා නදීශානිගෙන් කළ විමසුමකි.

රියැලිටි ගායන තරගයක් හරහා ජනතාව අතරට පැමිණි ගායන ශිල්පිනියක් සංගීත ප්‍රසංගවලදී තමන්ගේ ගීත ගායනාකර මුදල් උපයන බවට චෝදනාවක් ඇන්ජලින් ගුණතිලක මහත්මිය විසින් එල්ලකර තිබෙනවා. ඒ ගැන ඔබට කියන්නට තිබෙන්නේ මොනවාද ?
මම හිතන විදියට ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඒ මම ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. නමුත්, මම ඒ විවේචන වැඩිපුර ගණන් ගන්නේ නැහැ. ඒ වගේම ඒ මා ගැන නොවෙයි කියලා තියෙන්නේ කියලා බොරු කියන්නත් මට අවශ්‍යතාවයක් නැහැ. ඇන්ජලින් ගුණතිලක මහත්මියට මම වැඩිහිටියෙකුට ලෙස ගරු කරනවා. ඒ විදියට විවේචනය කිරීම සම්බන්දයෙනුත් මම ඇයට විරුද්ධව කිසිවක් කියන්නට යන්නේ නැහැ. මට දැන් මගේ ගීත ඕනෑ තරම් තියෙනවා. ඒ ගීතයි මම ප්‍රසංගවලදී ගායනා කරන්නේ ඒත් ඒ ඇතැම් ප්‍රසංගවලදී අපට නිතරම මුණනොගැසෙන සංගීත කණ්ඩායම්වල සංගීතය යටතේ ගීත ගායනා කරන්න සිදුවෙනවා. එවැනි අවස්ථාවලදියි ඔය කියන විදියට වෙනත් අයගේ ගීත ගායනා කරන්න සිදුවෙන්නේ.
ඇයි, එවැනි සංගීත කණ්ඩායම් සමග කටයුතු කරනවිටද එවැනි අවශ්‍යතාවයක් මතුවන්නේ ?
හේතුව මේකයි. ෆ්ලෑෂ් බෑක්, සනිධප, ඕල්රයිට් වගේ සංගීත කණ්ඩායම් මට නිතරම සංගීත ප්‍රසංගවලදී මුණගැසෙනවා. ඒ සංගීත කණ්ඩායම් මගේ ගීත හොඳින් අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ නිසා ඒ සංගීත කණ්ඩායම් සමග ප්‍රසංගයකදී ගීත ගායනා කරනවිට ඔවුන් වාදනය කරන්නේ මගේම ගීතයි. ඒත් ප්‍රසංගවලදී කලාතුරකින් මුණගැසෙන සංගීත කණ්ඩායම්වලට මගේ ගීත අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මම වේදිකාවට නැග්ගාම ඔවුන් වාදනය කරන්නේ මම ‘සුපර් ස්ටාර්’ තරගවලදී ගායනා කරපු, ඔවුන්ට හුරුපුරුදු පැරණි ගීතයි. ඒ නිසයි මට එවැනි අවස්ථාවලදි ඒ පැරණි ගීත ගායනා කරන්න සිදුවෙන්නේ.
ඒ කියන්නේ, ඔබ ප්‍රසංගවලදී වේදිකාවට ගොඩවන්නේ ගායනා කරන ගීත පිළිබඳව පූර්ව දැනුමක් නැතිවද ?
බොහෝ වෙලාවට අපි මුළු දවසේම ප්‍රසංගවලට සහභාගිවන නිසා ඒ හැම සංගීත කණ්ඩායම් සමගම ප්‍රසංගයට පෙර සංවාදයක යෙදෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ විදියට ඔවුන් වේදිකාවේදී පැරණි ගීත වාදනය කරනවිට, මම කියන්නේ මගේ ගීත විතරයි කියලා වේදිකාවෙන් බැහැලා යන්න බැහැ. මොකද අපට හැකිවිය යුතුයි, ලංකාවේ තිබෙන සෑම සංගීත කණ්ඩායමක් සමගම ප්‍රසංගවලට සහභාගිවන්න. ඒ වගේම අපි නැගී එන සංගීත කණ්ඩායම්වලටත් අතදිය යුතුයි. මම බොහෝ සංගීත කණ්ඩයම්වලට මගේ ගීත ඊ.මේල් කරලා තියෙනවා. ඒත් කාර්යබහුල බව නිසා බොහෝ සංගීත කණ්ඩායම්වලට ඒ ගීත පුරුදු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 
මගේ හැම ප්‍රසංගයකදීම වගේ “මඩේ ලගින තාරාවන්” කියන ගීතය නම් ගායනා කරන්න කියලා මට ඉල්ලීම් ඉදිරිපත්වෙනවා. මම ගෞරවයෙන් සිහිපත්කරනවා, ඒ ගීතය ගායනා කරන අනුලා බුලත්සිංහල මහත්මියව. මොකද තමන්ගේ ගීතයක් ගායනා කරනවා කියලා ඇය කවදාවත් මට කිසිම චෝදනාවක් කරලා නැහැ. 
කොහොම වුණත් මට පමණක් නොවෙයි, සංගීත ප්‍රසංගවලදී ගායන ශිල්පීන් බොහෝ දෙනකුට මේ ගැටලුව ඇතිවෙනවා.
කෙසේ වෙතත්, ඔබ සඳහන් කළ ආකාරයේ කලාතුරකින් හමුවන සංගීත කණ්ඩායම්වල ක්‍රියාකලාපය හේතුවෙන් දෝෂාරෝපණයට ලක්වන්නට සිදුවන්නේ ගායන ශිල්පීන්ට නේද ?
ඔව්. ඒ සංගීත කණ්ඩායම්වලට කවදාවත් වෘත්තීය මට්ටමට පැමිණෙන්න නොහැකිවුණොත්, ඉදිරියටත් ඒ තත්ත්වය ඇතිවේවි. ඒත් එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ වැරැද්දක් කියලා කියන්නත් බැහැ. මේක ලංකාවනේ. ලංකාවේ කලාකරුවන්ට ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ හැමදේම නිරාකරණය කරගෙන ඉදිරියට යන්න අමාරුයි.
රියැලිටි ගායන තරග කෙරෙහි ජනතාව තුළ තිබූ ආකර්ෂණය මේවනවිට අඩුවී ඇති බවට මතයක් තිබෙනවා. රියැලිටි ගායන වැඩසටහනක් හරහා ජනතාව අතර පැමිණි ගායන ශිල්පිනියක ලෙස ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?
දැන් හැම නාලිකාවෙන්ම වගේ රියැලිටි තරග විකාශනය වන නිසා, ප්‍රේක්ෂකයො ඒ හැම නාලිකාවටම බෙදිලා ගිහින් තියෙනවා. මොන නාලිකාවේ විකාශයවන තරගය බලනවාද කියලා හිතාගන්න බැරි තත්ත්වයකයි ප්‍රේක්ෂකයොත් ඉන්නේ. ඕනෑම දෙයක ජනප්‍රියත්වය කලක් යද්දි අඩුවෙනවා. ඒත් සුපර් ස්ටාර් වැඩසටහනේ ජනප්‍රියත්වය තවමත් අඩුවෙලා නැහැ. අපි සහභාගිවුණු වටයේදීත් අපට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර පුදුමාකාරයි. කලාලෝලී ජනතාව තවමත් ඒ වැඩසටහන සමග රැඳී ඉන්නවා. ඒත් මම හිතනවා එහි මීළඟ අදියර තවත් අවුරුදු ගණනක් ගතවෙලා  පටන්ගත්තොත් හොඳයි කියලා.
source- lakbima
Read More »

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඩී. ආර්. විඡේවර්ධන මාවතේ තැපැල් මූලස්‌ථානය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් දේශීය පාර්සල් අංශ ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය විසින් තැපැල් සේවා අමාත්‍යාංශය සතු රුපියල් කෝටියකට අධික භාණ්‌ඩ ද සමඟ පසුගිය 20 වැනිදා සවස කඩා ඉවත්කර තිබේ.
මෙම භාණ්‌ඩ අතර පරිගණක, කාර්යාල උපකරණ, රථවාහන අමතර කොටස්‌ ලිපි ලේඛන ඇතුළු භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ තිබී ඇත.
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා දේශීය පාර්සල් අංශය එම ස්‌ථානයෙන් කඩිනමින් ඉවත්කර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් තැපැල් දෙපාර්තමේන්තුවටත් තැපැල් සේවා අමාත්‍යාංශයටත් දැනුම් දී තිබිණි. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් සේවකයන්ගේ විරෝධය මැද දේශීය පාර්සල් අංශ ගොඩනැඟිල්ලේ තිබූ තම භාණ්‌ඩ කඩිනමින් ඉවත්කර ගන්නා ලදී.
නමුත් තැපැල් සේවා අමාත්‍යාංශයට දේශීය පාර්සල් අංශයේ තිබූ රුපියල් කෝටියක්‌ පමණ වටිනා තම භාණ්‌ඩ ඉවත්කර ගැනීමට නොහැකි විය. මේ සඳහා සෘජු ලෙසම හේතුවී ඇත්තේ තැපැල් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති කඹ ඇදීමයි.
තැපැල් සේවා අමාත්‍යාංශය සතු භාණ්‌ඩද සමඟ දේශීය පාර්සල් අංශය කඩා ඉවත්කරද්දී තැපැල් සේවා අමාත්‍යාංශයේ කිසිම නිලධාරියකු එම භාණ්‌ඩ රැකගැනීමට කටයුතු කර නැත. මේ හේතුවෙන් රුපියල් කෝටියකට අධික පාඩුවක්‌ තැපැල් සේවා අමාත්‍යාංශයට සිදුවී තිබේ.
Read More »

"මගේ නම යොදාගෙන මත් කුඩු පාර්සලයක්‌ එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මම වැරදිකාරියක්‌ නොවුණත් එම මඩ ප්‍රචාරයෙන් මගේ රැකියාව අහිමි වීම ගැන මට ඇත්තේ විශාල කනගාටුවක්‌" යෑයි ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය  ඊයේ (23 දා) කියා සිටියාය. මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වා අවසන් කිරීමටත් කලින් සමහරු මාව වැරදිකාරියක්‌ බවට නිගමනය කළා. එය මහත්සේ ප්‍රසිද්ධියට පත් වුණා. මා සේවය කළේ සවුදි අරාබි තානාපති කාර්යාලයේ. ඊයේ සිට මගේ රැකියාවත් අහිමි වුණා. ඇයි සමාජය මේ විදිහට සලකන්නේ යෑයි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය ශෝකයෙන් යුතුව කියා සිටියාය.
Read More »

කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිදුවන සෑම කටයුත්තක්ම ආසන සංවිධායකවරයා හරහා සිදුවිය යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. සංවර්ධන කටයුතු ඇතුළු සෑම කාර්යයක්ම ඊට අයත් වන බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි. 
ආසන සංවිධායකවරයෙකු ඉවත් කළ හැක්කේත් ,සංවිධායකවරයෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේත් ජනාධිපතිවරයාට පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ අද(23) කැලණිය ශ්‍රී.ලං.නි.ප සංවිධායක මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ කැලණිය ආසන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ පක්ෂයට ආසන සංවිධායකවරයෙකුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව හෙතෙම අවධාරණය කළේය. 
ඒ නිසාම ඉදිරියටත් කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කටයුතු කරනු ඇති බවත්,පක්ෂයේ සෙසු ක්‍රියාකාරීන් ක්‍රියා කළ යුත්තේ ආසන සංවිධායකවරයාගේ අනුදැනුම මත බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 
තම පක්ෂයේ ආසන සංවිධායකවරයකුට හෝ මැති ඇමතිවරයකුට එරෙහිව චෝදනා ඇත්නම්,ඔවුන් සමග ගැටලු ඇත්නම් එකී ගැටලු පක්ෂය තුළම විසඳාගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. 
වත්මන් රජය පෙරළීම සඳහා විදෙස් බලවේග ක්‍රියාත්මක වන බවත්,එකී කිසිදු බලවේගයකට ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 
එසේ වුවද පක්ෂයේම ඇතැම්විට තමන්ගේම ක්‍රියා කලාපයන් හේතුවෙන් රජය පෙරළීමට හැකිවෙනු ඇති බැවින් ඒ තමන් කරන කියන දේ පිළිබඳ මීට වඩා වගකීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 
කප්පම් ගැනීම,අක්‍රමිකතා හා දූෂණ චෝදනා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී.ලං.නි.ප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍යයට කියා සිටියේය. 

මර්වින් සිල්වා මහතාට එරෙහිව පවතින දූෂණ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ජයවීර,උප සභාපති චමිල දුමින්ද,ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර,ප්‍රා.මන්ත්‍රී හසිත කැලුම් මඩවල,ප්‍රා.මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරුන් නැඟී සිටියද රාජපක්ෂවරුන් බලයේ සිටිනතුරු තමාට අත තියන්නට කිසිවෙකුටත් හැකියාවක් නැති බව මර්වින් සිල්වා මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේය. 
එය යථාර්ථයක් බවට ඒත්තු ගන්වමින් කලක් නිහඬව සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණියේ යළි දේශපාලනය ආරම්භ කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. 
Read More »

ජනප්‍රිය ගායන ශිල්පි ශතිස් පෙරේරා මහතා අද අලුයම කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 
කලකට ඉහතදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතෙකු වන ඔහු උපත ලබා තිබුණේ 1969 වසරේ මැයි 29 වැනි දාය. 
එබැවින් මිය යන විට ඔහු 42 වන වියෙහි පසුවිය. 
එක්දරු පියෙකු වන ශතිස් පෙරේරා මහතා රෝගාතුරුව මාසයකට අධික කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. 
දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් තීරණය කර නොමැති අතර ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දෙන බව පවුලේ ඥාතියෙක් ප්‍රකාශ කළේය. 
Read More »

වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය අතර ඉදිරි තරග වර්ෂය (2012/2013) සඳහා වන තරග ගිවිසුමට අදාළව විශේෂ සාකච්ජාවක්‌ අද හෝ හෙට (23 හෝ 24) පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් තමන්ට පිරිනමා ඇති වාර්ෂික තරග කොන්ත්‍රාත් මුදල සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බව ප්‍රකාශ කරන මාලිංග එම කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වන බවට වාර්තා පළවූ නමුත් ඔහු සමග සාකච්ජාවකින් එකඟත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ඊයේ පස්‌වරුව වන විට ලැබුණු විශ්වාසදායක අභ්‍යන්තර ආරංචි මාර්ගයක සඳහන් විය.
ජාතික මට්‌ටමේ ක්‍රීඩකයන් තරග කොන්ත්‍රාත් පදනම යටතේ කාණ්‌ඩගත කිරීමේදී වසරකට ඇමෙරිකානු ඩොලර් 100,000 ක්‌ පිරිනැමෙන අතර එහි ඉහළම කාණ්‌ඩයට මාලිංගව ඇතුළත් කර ඇති නමුත් ඔහු මේ වන විට ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වලින් සමුගෙන සිටීම හේතුවෙන් ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40%ක්‌ පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ සඳහා අදාළ මුදලින් 60%ක්‌ ද එක්‌දින ක්‍රිකට්‌ සඳහා 20%ක්‌ සහ පන්දුවාර 20 සඳහා 20%ක්‌ වශයෙන් ගෙවනු ලැබේ. 
ඒ අනුව මාලිංගට හිමිවනුයේ එක්‌දින සහ පන්දුවාර 20 වෙනුවෙන් පිරිනැමෙන 40%ක ප්‍රමාණය පමණි.
එම මුදල තමන්ට ප්‍රමාණවත් නොවන බව පවසමින් වාර්ෂික මධ්‍යම තරග කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වන බවට මාලිංග පවසා තිබුණද නියමිත සාකච්ජාව මගින් ඇතිවිය හැකි එකඟත්වයකට අදාළ මුදලක්‌ හෝ නොමැතිනම් වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ වෙනුවට තරගාවලියෙන් තරගාවලියට බලපාන කොන්ත්‍රාත් ක්‍රමයකට ශ්‍රී ලංකා කණ්‌ඩායමට මාලිංගගේ සේවය ලබාගැනීමේ හැකියාව තිබේ.
අයි.පී.එල්. තරගාවලිය යටතේ ඩොලර් මිලියන 1.1 ක්‌ වටිනා ගිවිසුමකින් මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරනු ලබන මාලිංග ආබාධයකට ප්‍රතිකාර ගැනීම පිණිස මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර සති දෙකක පමණ ප්‍රතිකාර කාලයකින් පසු ඔහු නැවත අයි.පී.එල්. තරගාවලියට එක්‌වීමට නියමිතය. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ භෞත චිකිත්සකවරයා යටතේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංගගෙන් කරන ලද විමසීමේදී "අලූත් තරග කොන්ත්‍රාත් ගැන තීරණයකට එන්න තව කල් තිබෙනවා. මේ දක්‌වා මාලිංග අපට නිලවශයෙන් යමක්‌ ප්‍රකාශ කර නැහැ. අපිට එක්‌ ක්‍රීඩකයෙක්‌ වෙනුවෙන් විශේෂයක්‌ කරන්න අමාරුයි. ඒත් අපි ඇහුම්කන් දෙන්න සූදානම්" යෑයි පැවසීය.
Read More »

හලාවත-කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට සැක පිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන ජෙහාන් මුබාරක් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 
ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් 2.00 ට පමණ මයික්කුලම ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇති බව  පවසයි. 
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් කළ එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. 
අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය-වතුවත්ත පදිංචි කරුවකු බව කියන ප්‍රදීප් කුමාර නමැති අයෙකු වන අතර තුවාල ලැබූ පසු පැදිකරු වන්නේ වතුවත්ත පදිංචි එම්.පී මාකස් උදයකුමාර නමැති අයෙකි. 
අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් මහතා විසින් බවත්,ඔහු විදේශිකයන් සමග විල්පත්තු වනෝද්‍යානය නැරඹීම සඳහා ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් හලාවත පොලීසිය කියා සිටියි. 
මිය ගොස් හා තුවාල ලබා ඇති යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා යමින් සිට ඇති බව දැනට කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසන බව අප වාර්තාකරු සඳහන් කරයි. 
හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප ඊ.එම් ඒකනායක මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

Read More »

‘ගැබ්බර මිනිසා’ ලෙස ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් නම් කළ එම සිඟිත්තියගේ බර රාත්තල් 8 ක් සහ අවුන්ස 9 කි.
තෝමස් බෙටී ලිංග පෙරැළියකට ලක් වූ අයෙකි. 1974 වසරේ දී හවායිහිදී ඔහු උපන්නේ කාන්තාවක ලෙසය. වයස අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වූයේ ටේ‍්‍රසී ලැගොන්ඞීනෝ යන නමිනි. හෝමෝන ප‍්‍රතිකර්ම මගින් ඔහු පිරිමියකු වූයේ ඉන්පසුවය. එහෙත් කාන්තාවක සතු අවයව ඔහු වෙනස් කර ගත්තේ නැත. ඔහුට දරුවකු බිහි කළ හැකි වූයේ ඒ නිසා ය.
2002 වසරේදී ඔහු නීත්‍යනුකූලව පිරිමියකු බවට පත් වූ අතර නම තෝමස් බෙටී යනුවෙන් වෙනස් කර ගත්තේය. ඉන්පසු නැන්සි නමැති තරුණිය සමඟ ඔහු විවාහ වූයේය. ඔහුට දාව සුසාන්ට උපන් නීරෝගී දරුවන් ද සිටී. තමාටම දරුවකු ලබා ගැනීමේ ආසාවෙන් පෙළුණු ඔහු කෘති‍්‍රම ක‍්‍රමවේදයකට අනුව ගැබ්බර වූයේ 2007 වසරේදීය.


Read More »

අයි.පී.එල්. පන්දුවාර 20 ක්‍රිකට්‌ තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල් එල්ල කළ හයේ පහරකින් ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි දැරියක්‌ තුවාල ලබා ඇත.
රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක්‌ එල්ල කරන ලදී. එහිදී ඔහු විසින් එල්ල කළ සිව්වැනි හයේ පහර ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි ටියා නම් දැරියගේ නාසයේ වැදී ඇය තුවාල ලබා බැංගලෝර් රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.
තරගය අවසානයේදී අදාළ සිද්ධිය දැනගත් ක්‍රිස්‌ ගේල් මහත් කම්පාවට පත්ව ටියා ප්‍රතිකාර ගනිමින් සිටි රෝහල වෙත ගොස්‌ ඇයගේ සුව දුක්‌ විමසා ඇති බව වාර්තාවේ. ක්‍රිස්‌ ගේල් දැකපු ගමන් ටීනා පවසා ඇත්තේ, "ඔයා මේ ගැන දුක්‌ වෙන්න එපා. දිගටම ඒ වගේ හයේ පහරවල් ගහන්න." යනුවෙනි.
රෝහලේ සැහැල්ලුවෙන් සිටි ටියාට ගේල් පවසා ඇත්තේ, "මට ඒක හැගුම් බර අවස්‌ථාවක්‌. ඔයාට ඉක්‌මන්ට සනීප වෙයි." යනුවෙනි. දැවැන්ත හයේ පහර එල්ල කරන මේ දැවැන්ත ක්‍රීඩකයාගේ සංවේදීතාව මහත්මා ක්‍රිකට්‌ ක්‍රීඩාවටද වැදගත් පණිවිඩයකි.
Read More »

ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පදිංචිව සිටි කොල්ලුපිටියේ හඩ්සන් පාරේ පිහිටි අංක 67 නිවස විදේශීය සංචාරකයන්ගේ තිප්පොළක්‌ බවට පත්වී තිබූ බව එම නිවස අසල පදිංචිකරුවන් පිරිසක්‌ ඊයේ (20 වැනිදා) සවස පැවසූහ.
මෙම සංචාරකයන්ගෙන් වැඩි දෙනකු තරුණ ජෝඩු බව ද ඔවුන් නිතරම මෙම නිවසේ උත්සව පවත්වා විනෝද වන බව ද ඔවුහු කියා සිටියහ.
ඔවුන් නිතරම හායි... බායි කියා අසල්වාසීන් අමතන බව කී එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ද පැවසුවේ අංක 67 නිවස අයිතිකරු පිටරට පදිංචි වී සිටින බවය.
මෙම නිවස ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීවීල් රියක රියෑදුරකු කීවේ මෙම නිවස පරීක්‍ෂා කිරීමට පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙහි පැමිණි බවය.
සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය මෙම නිවසේ වසර දහයකට පමණ උඩදී පදිංචි වී සිටි බව ද ත්‍රීවීල් රියෑදුරකු කීවේය.
මෙම නිවසට අප යන විටදී වසා දමා තිබූ අතර නිවසේ කිසිවකු නොසිටියේය.
නිවසට ඉදිරිපස සහ දකුණුපසින් ප්‍රධාන ගේට්‌ටු දෙකක්‌ තනා තිබිණි.
මේ අතර ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ කොල්ලුපිටියේ ලිපිනයට ලැබුණු හෂීස්‌ පාර්සලය පිළිබඳව ප්‍රකාශයක්‌ කිරීමට ඇය ඊයේ නීතිඥවරයකුගේ මාර්ගයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණි නමුත් පොලිසිය එය ප්‍රතික්‍ෂේප කර ඇත.
මත්කුඩු පාර්සලය පිළිබඳව තමාගේ නම ගෑවීම නිසා මෙසේ පොලිසියට පැමිණි බව ඇය සඳහන් කළාය.
Read More »

මම නැතිවෙලා නැහැ  

මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලයපිලිබඳ සිදුවීම මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මේ අතර ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මිය එම චෝදනා සියල්ලම ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඇගේ ප්‍රකාශය බලන්න පහතින් 
මට මේ සිද්ධිය ආරංචි උනේ අයිලන්ඩ් පුවත්පතේ නියෝජිතයන් මාර්ගයෙන්.විස්තර මම අද වෙනතුරුත් දන්නේ නැහැ සියටට සියයක්.නමුත් මගේ නමට පාර්සල් එකක එවල තියෙනවා කියල මට ආරංචි උනා..
67 හඩ්සන් පාර කොළොඹ තුනට.දැන් මේකේ සම්බන්ධතාව තියෙන්නේ අවරුදු 10 කට උඩදී මම මේ නිවසේ පදිංචි වෙලා හිටියා.ඒ අවරුදු 10 තිස්සේ කිසිම සම්බන්ධයක් නැහැ ඒ ගෙදර කට්ටිය එක්ක හෝ එතන වාසය කරන කව්රුත් එක්ක.ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ.මම කිසිම ලියුමක් කාටවත් දීල නැහැ පාර්සල් එකක බාර ගන්න.
ඔබේ නමින් මෙයට පෙර මෙවැනි පාර්සල් ලැබී ඇති බව පැවසෙනවා ?
මම දැන හිටියේ නැහැ..මම අවරුදු 10 කේ ගෙදර හිටියේ නැහැ.ලෝකේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට පාර්සල් එවන්න පුළුවන්.නමුත් මම සම්බන්ධ කියල තියෙන ප්‍රශ්නේ හින්ද තමයි මම උත්තර දෙන්නේ.මම මේ කිසි දෙකට සම්බන්ධ නැහැ.මම දන්නේ නැහැ මම රෙන්ට් ඔවුට් කරලා තිබුනේ විදේශගත පවුලකට.ඉතින් ඊට පස්සේ කව්ද මෙතන පදිංචි වෙලා තියෙන්නේ කියල මම දන්නේ නැහැ.. ඔයගොල්ලෝ තම කියන්නේ මම මිසින් කියල..ඔයෝගොල්ලම දැන් මාව හොයාගෙන
Read More »

නිළියකගේ නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන  යාමට පැමිණ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශයට පෙරේදා (18) කොටු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ පිහිටි නිවසක බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
නිවසේ හිමිකරු අදාළ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළිය බවත් තානාපති කාර්යාලයේ සේවය කරන විදෙස් කාන්තාව එම නිවස කුළියට ගෙන ඇගේ සැමියා සමග පදිංචිව සිටින බවත් සඳහන්ය.
ශ්‍රී ලාංකික වන ඇගේ සැමියා මේ දිනවල විදෙස් ගතව සිටී. ඇගේ මිතුරන් දෙදෙනක් වන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉකුත් 04 වෙනිදා මෙරටට පැමිණ නතරවී සිට ඇත්තේ එම නිවසේය.
අවුරුදු 25ත් 20ත් අතර වයස්වල පසුවන එම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා පෙරේදා (18) සවස මධ්‍යම තැපෑලට ගොස් තැපෑලට ලද පාර්සල් තුනක් මුදාගැනීමට ගිය අවස්ථාවේදී අහඹු ලෙස එම පාර්සල් රේගු පරීක්ෂාවට ලක්වී මෙම හෂීස් තොගය හමුවී තිබේ.
එම පාර්සල් තුන ලැබි ඇත්තේ නිළියගේ නමිනි. ඒ කොල්ලුපිටියේ නිවසේ ලිපිනයටය. ඒ බව තැපෑල අදාළ ලිපිනයට ලිපියක් මගින් දැනුම්දීමෙන් පසු එම දැනුම්දීමේ ලිපියද රැගෙන පාර්සල් තුන තැපෑලෙන් නිදහස් කර ගැනීමට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාය. එම පාර්සල් තුන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබාදීමේ බලය පැවරීමේ ලිපියක්ද ඔවුන් දෙදෙනා රැගෙනවිත් ඇති බවත් එම ලිපිය නිළිය විසින් ලියා ඇති ආකාරයේ එකක් බවත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය පවසයි.
එම ලිපිය සැබෑ ලෙසම නිළිය විසින් ලියන ලද්දක්ද? නිළියගේ නමින් එම පාර්සල් නිළියගේ නිවසේ ලිපිනයට මෙම බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් විසින් ගෙන්වා ඇත්තේදැයි මතෛක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් නිළියගෙන්ද තානාපති කාර්යාල සේවිකාවගෙන්ද ප්‍රශ්න කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
අදාළ පාර්සල් තුන පරීක්ෂා කිරීමේදී පාර්සල්වල විදෙස් සඟරාවක්, හඳුන්කූරු පෙට්ටියක් සහ කෘත්‍රිම ස්වර්ණාභාරණ කිහිපයක්  තිබුණු බවත්, ඒ පාර්සල් තුනේ වූ සඟරාවල පිටු කපා සකස් කළ කුටි තුළ හෂීීස් සඟවා තිබුණු බවත් රේගු නිලධාරීන් පවසයි.
පැකට් අටක අසුරා තිබුණු එම හෂීස්වල බර ප්‍රමාණය ග්රෑම් 366කි. වටිනාකම රුපියල් 75,000ක් පමණ වන බව වැටලීමට නායකත්වය දුන් රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
එම පාර්සල් පරීක්ෂාකරණ මොහොතේ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පලා ගිය බවත් අනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයා පාර්සල් තුනද තුරුළුකරගෙන පලා යාමට උත්සාහ දරා තිබෙන බවත්, එහිදී දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව අත්අඩංගුවට ගැනුන බවත් අලහප්පෙරුම මහතා කීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමටත් මෙම ජාවාරම පිටුපස ඇති සැඟවුණු පුද්ගලයන් සොයා ගැනීම සඳහාත් රේගු පරීක්ෂණ ක්‍රියාත්මකය.
රේගු මත්ද්‍රව්‍ය අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතාගේ උපදෙසින් රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් ඔහු ඇතුළු සහකාර රේගු අධිකාරීවරුන් වන ටී.එම්.ජී. විජේකුලසූරිය, තිස්ස දසනායක යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි.


Read More »

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් වශයෙන් තීරු බදු සහන යටතේ මෝටර් රථ ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය සහ එමඟින් ගෙන්වූ වාහන දෙවැනි පාර්ශ්වයකට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව හෙළි වී තිබේ.
මෙම බලපත්‍රය මිලදී ගැනීම සඳහා මහා පරිමාණ වාහන ආනයනකරුවන් විසින් වෙනම බ්‍රෝකර්වරුන් පවා යොදවා තිබේ.
මෙම බලපත්‍රයක් රුපියල් ලක්‍ෂ 7 සිට 10 දක්වා වූ මිල ගණන්වලට අලෙවි කරන බව හෙළිව තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රේගුව හරහා කළ සොයා බැලීම් වලදී ද හෙළිවූයේ බලපත්‍රය ලබා ගැනීමේ සුදුසුකම් ලත් නිලධාරීන් වැඩි පිරිසක් එය විකුණන බවයි.
වාහනයක් මෙරටට ගෙන්වීමේදී රේගු ගාස්තු හරහා රජයට විශාල ආදායමක් ලැබෙයි.
එම ආදායම පසෙකලා රජය රාජ්‍ය නිලධාරීන්ට එම සුවිශේෂී වරප්‍රසාදය ලබා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරට කරන ගෞරවයක් වශයෙන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය එම බලපත්‍රය ලබා දෙයි. විවිධ වූ කොන්දේසි යටතේ එම බලපත්‍රය හිමිවෙයි. ඒ යටතේ වසර තුනක් යනතුරු වාහනය වෙනත් අයෙකුට පැවරිය නොහැකිය.
2010 වර්ෂයේ නිකුත් වූ නව චක්‍රලේඛය යටතේ මේ වන විට රාජ්‍ය විධායක ශ්‍රේණියේ නිලධාරීන් අටදහසක් පමණ වාහන බලපත්‍රය ලබාගෙන තිබේ.
දොළොස් දහසක් පමණ ඒ සඳහා ඉල්ලුම් කර තිබේ. ඔවුන්ට ද මේ වන විට එම බලපත්‍ර නිකුත් කෙරෙමින් පවතින බව මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා තීරු බදු අංශයේ නිලධාරියෙක් පැවසීය. මෙම බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ වූ දින සිට රාජ්‍ය විධායක නිලධාරීන් ලක්‍ෂ ගණනකට නිකුත් කර තිබේ.
ඇතැම් චක්‍රලේඛවලින් වසර පහකට පසු යළි බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව සලසා දී තිබිණි.
තීරු බදු සහන වාහන බලපත්‍රය රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන්නේ ප්‍රබල කොන්දේසි ගණනාවකට යටත්වය. බලපත්‍රය හිමි රාජ්‍ය නිලධාරි නමට හැර තවත් පුද්ගලයකුට එම මෝටර් රථය පැවරිය නොහැකිය.
එතෙක් රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් එම කොන්දේසිවලට පටහැනිව ක්‍රියා කරති.
බලපත්‍ර යටතේ ලබාගත් මෝටර් රථ විවෘත ලිපි ලේඛන යටතේ නියමිත කාලයට පෙර විකුණා ඇති බව හෙළිවන්නේ වසර තුන ඉක්මවීමෙන් පසු මිලදී ගත් පුද්ගලයාගේ නමට ලියාපදිංචි කර ගැනීමට යාමේදීය.
වාහන ආනයනකරුවන් ද වටිනා සුඛෝපභෝගී වාහන එම බලපත්‍ර යටතේ ආනයනය කර අධික ලාභ ලබමින් අලෙවි කර තිබේ.
තවද බලපත්‍රය හිමි රාජ්‍ය විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන්ගේ බලපත්‍රය හෝ වාහනය විකුණා ඔහුගේ වාහන පහසුකම් සඳහා ආයතනයේ හෝ දෙපාර්තමේන්තුවේ වාහන භාවිත කිරීම ද විශාල වශයෙන් සිදු කෙරේ. රාජ්‍ය නිලධාරීන් මේ හරහා සිදු කරන වංචා සොයා බැලීමට බලය ඇති වගකිවයුතු අංශ සිටියද ඒ පිළිබඳ සොයා නොබැලීම නිසා බලපත්‍ර විකිණීම බාධාවකින් තොරව සිදු කරන බව ද හෙළි වී ඇත.
Read More »

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටියදී එරට ගැට්වික් ගුවන් තොටුපලේදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකරන ලද එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට හදවත් සැත්කමකට භාජනය කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
‍ගැට්වික් ගුවන් තොටේදී සිහිමුර්ජා වී ඇද වැටීම හේතුවෙන් ජයලත් ජයවර්ධන මහතා ලන්ඩන‍යේ සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණ.
ඒ අනුව දැනට එම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඒ මහතාට අදාල සැත්කම සිදු කිරීම සඳහා වෙනත් රෝහලකට මාරුකර යැවීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී මෙරට ප‍්‍රමුඛ පෙලේ හෘද රෝග විශේෂඥයෙකු පැවසුවේ ජයවර්ධන මහතාගේ වයස් කාණ්ඩවලදී ඇතිවන හෘදයාබාධවලින් 80%ක් පමණම බයිපාස් ශල්‍යකර්මයක් සිදුකල යුතු ම්ට්ටමේ ඒවා වන බවයි.

Read More »

ප්‍රසිද්්ධ නිළියකගේ නමට ආ හෂීස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් හා එය බාර ගැනීමට ආ විදේශිකයකු ඊයේ (18) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සඟරා තුනක ඇතුළු පිටුවල අඟල් දෙකක පමණ හතරැස් කොටු කපා එම කොටස ඉවත් කර ‘හෂීස්’ පැකැට්ටු ඒ තුළ බහා සඟරා සහිත පාර්සල් තුනක් එවන මුවාවෙන් මේ මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. මේ මත්ද්‍රව්‍ය බහා තිබූ සඟරාවක් පිටු 150කින් පමණ සමන්විත ය.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයා හා පාර්සල් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදීමෙන් පසු එම පාර්සල් හෂීස් බවට හඳුනාගෙන ඇත.
ඉන්දියාවෙන් එවා ඇති මේ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් තුන බාර ගැනීමට යැයි අවසර දි විදේශිකයන් දෙදෙනකු සැකකාර නිළිය විසින් කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට එවා ඇතැයි පැවැසේ.
එහිදී පාර්සල් බාර දීමට යැයි නම්කර තිබූ ප්‍රධාන සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කරද්දී පලාගොස් ඇති අතර ඔහුගේ සහායට පැමිණි විදේශිකයා අත්අඩංගුවට පත් විය.
මේ පාර්සල් තුන ප්‍රසිද්ධ නිළියකගේ නමට එවා තිබුණු බව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කෙළේ ය.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය පරීක්‍ෂණ පවත්වයි.
Read More »

බිත්තරයක් වෙනුවට පැටවකු බිහිකළ කිකිළියක් ගැන අපූරු කතාවක් වැලිමඩ නැදුන්ගමුව කෙරදිමුල්ල පදිංචි ඊ. එම්. රංජිත් ඒකනායක මහතාගේ නිවෙසින් අසන්නට ලැබේ.
බිත්තරයක් වෙනුවට කිකිළි පැටවකු බිහිකළ කිකිළිය එම මොහොතේදීම මරණයට පත්ව තිබේ.
වැලිමඩ නැදුන්ගමුව කෙරදිමුල්ලේ ප්‍රදීපා රෝහිණී ඒකනායක මහත්මියට අයත් කුකුළු කොටුවේ මේ උපත සිදුවී ඇත.
 “නිවැසියන්ගේ පරිභෝජනයට අවශ්‍ය කුකුළු බිත්තර ලබා ගැනීම සඳහා ගම් කුකුළන් 10ක් පමණ අපි ඇතිකරනවා. කිකිළියන් 6ක් පමණ ඒ අතර සිටිනවා.
මෙයින් කිකිළියන් 5ක් බිත්තර දැමුවා. ඒත් මෙම කිකිළිය පමණක් බිත්තර දැමුවේ නෑ”.
“මෙම බිත්තර දමන වයසේ සිටි කිකිළිය නිතරම කාලය ගත කළේ වෙනමයි. 16 වන දින උදෑසන සිට කිකිළිය වැටි වැටී ඇවිදිමින් කෑම සොයා යන අන්දම දුටුවා. එදා සවස 2ට විතර විශ්ව පුතා ඇවිත් කීවා කිකිළිය කූඩුව ඇතුළේ වැටී සිටිනවා.
කුකුළු පැටවකුත් කූඩුව ඇතුළේ ඉන්නවා කියා. ඒ අනුව අපි ඇවිත් බලනවිට කිකිළිය මිය ගිහින්.
කුකුළු පැටවකු නිරෝගීව එහා මෙහා ඇවිදින බව දැක්කා.”
“මේක අපිට අදහාගන්න බැරි වුණා. එම කිකිළිය හිටපු කූඩුවේ වෙන කිකිළියන් නැතුව මේ පැටවා කොහොමද ඇතිවුණේ කියා. අපි අහලා ඇත්තේ කිකිළියන් බිත්තර දමන බව විතරයි. ඒත් අපේ කිකිළිය බිත්තරයක් වෙනුවට කිකිළි පැටවකු බිහි කරලා.”
“අපි මේ නිසා කිකිළියගේ බඩ පැලුවා තවත් පැටවුන් ඉන්නවාද බලන්න, මොකද කිකිළියන් විසින් බිත්තර රාශියක් බිහි කරන නිසා. වෙනත් බිත්තර තිබුණේ නෑ. අපි වැලිමඩ පශු වෛද්‍යවරයාට දැනුම්දුන්නා. ඊයේ (18) එම වෛද්‍යවරයා පැමිණියා. එතෙක් මියගිය කිකිළිය නිවසේ ශීතකරණයේ තබා ගත්තා.” රෝහිණී ඒකනායක මහත්මිය කීවාය.
මැලිමඩ පශු වෛද්‍ය පී. ආර්. යාපා මහතා “මගේ ජීවිතයට අත්දුටු ප්‍රථම අත්දැකීම තමයි” කිකිළියක් බිත්තරයක් වෙනුවට පැටවකු බිහිකළා කියන ;දය.
මම මෙම කිකිළියගේ සිරුර කපා පරීක්‍ෂා කර බැලුවා. කිකිළියගේ කුස තුළ සැකසෙන බිත්තරය ක්‍රමානුකූලව එළියට ස්වභාවික ලෙසින් ගමන් කිරීම වෙනුවට මෙම කිකිළියගේ කුස තුළම බිත්තරය තැන්පත්වී තිබෙනවා. ඒ අනුව බිත්තරය තුළ පැටවකු නිර්මාණය වීමේ ක්‍රියාවලිය කුස තුළ සිදුවී තිබෙනවා. එම බිත්තරය දින 21 කාලයක් කුස තුළ තැන්පත්ව තිබී ඇති අතර පැටවකු බිහිවී ඇති බව පේනවා.
මේ පැටවා බිහිවීම නිසා කිකිළියගේ කුස තුළ පැටවා සිටි ජම්බාරිය නම් නාලය පුපුරායාම නිසා කිකිළිය මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් නිරෝගී පැටවකු එම කිකිළිය බිහිකර තිබෙනවා.
ලෝකයේ වෙනත් රටවල හෝ දේශීය වශයෙන් හෝ මෙවන් අන්දමේ සිද්ධියක් ඇතිවුණා ද කියා මා දන්නේ නෑ. මා ඇසු දුටු පළමු සිද්ධිය නම් මෙය යයිද පශු වෛද්‍යවරයා කීය.
විශ්ව ඉඳුවර තේජාන් ඒකනායක දරුවා ද (09) මේ අහඹු සිද්ධිය මුලින්ම දැක ඇත.


Read More »

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයා වන නූරනියා හසන් මහතා හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 
ඔහු සමග වෑන් රථයේ ගමන් ගත් තවත් 5 දෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. 
අද අලුයම අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී මෙම පිරිස ගමන්ගත් වෑන් රථය ලොරියක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බව සඳහන් වේ. 
කොළඹ සිට යාපනය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත්, ඒ මොහොතේ වෑන් රථයේ නුරානියා හසන් මහතා ඇතුළු 6 දෙනකු ගමන් කරමින් සිට ඇති බවත්, වෑන් රථයේ හැපී ඇති ලොරි රථ රියදුරාද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් කියැවෙයි. 






Read More »

නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.
එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා. 
නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. 
දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.
දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා.
මේනකගේ පාර්ශවයෙන් එම 
කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි වාර්තා වෙන්නේ.

Read More »

පාර්ලි‍මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිංගප්පුරුවේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ, මේ බව දැනුම් දෙනු ලැබිණි
පසුගිය ඔක්තෝබර් 8 වැනි දින සිද්ධියෙන් පසු දුමින්ද සිල්වා සිංගප්පුරුවේ එලිසබෙත් රෝහලේ දෙවැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව, සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සහකාර පොලිස් අධිකාරී අධිකාරීවරයා තවත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ලැබුවේ,  දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වාගෙන් ලබාගත් කටඋත්තරයක් මගින් බවය.
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය දුමින්ද සිල්වාගේ පියා දෙන ලද දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව තහවුරු කළේය.
දුමින්ද සිල්වාගේ තත්ත්වය තවමත් යහපත් නොමැති  බවත් ඔහුට තවත් බරපතල සැත්කමක් කිරීමට ඇති බවත් නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට දන්වා සිටියේය.
මේ අවස්ථාවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පැවසුවේ මේ සිද්ධියේ ආරම්භයේ සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා  ආරක්ෂා කිරීමට තැත්කළ බවය.
මෙහිදී හේමන්ත වර්ණකුලසුරිය යළිත් අධිකරණයට කරුණු දක්වමින් දුමින්ද සිල්වා අධිකරණය මඟහරින සැකකරුවෙකු නොවන අයකු බවත්, ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ රෝගී තත්ත්වය නිසා බව ද සඳහන් කළේය.
මේ අවස්ථාවේ ටිරන්ත වලලියද්ද පැවසුවේ, දුමින්ද සිල්වා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර, ඒ සදහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගන්නා ලෙසය.
ඊට පිළිතුරු දුන් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ දුමින්ද සිල්වා සැකකරුවෙක් මෙන්ම වින්දිතයෙක් බවය.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි යැයි මේ දක්වා ප්‍රකාශ කර නොමැති නිසා වරෙන්තු නිකුත් කිරීමට නොහැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
යළිත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 24 වැනි දින කැඳවන බව ප්‍රකශ කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කර සිටියේය.
පසුගිය නඩුවාරයේදී  පැමිණිල්ල කැඳවු අවස්ථාවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා අදාළ වාර්තා සියල්ලක්ම අධිකරණයට භාරදීම සඳහා රැගෙනවිත් තිබුණු බව ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා සදහන් කළේය.
එහෙත් ඔහුට විවෘත අධිකරණයේදී එය භාර දීමට නොහැකි වී ඇති බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවැසීය.
පසුව එම නිලධාරියා සිය නිල මැදිරියේදී, අදාළ වාර්තා තමන් වෙත ඉදිරිපත් කළ බවත්, එය විවෘත අධිකරණ‍යේ අද දිනයේ භාර දීමට තමා  දැනුම් දුන් බවත්, ඔහු උසාවිය මගහැර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

Read More »

පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඊයේ (17 වැනිදා) සවස අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.
ඊයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා යන මහත්වරුද වාහන ආනයනකරුවන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වූහ.
Read More »

දඬුගම්ඔයේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු අද පස්වරුවේ සොයා ගැනිණි.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් දෙදෙනා සොයාගනු ලැබිණි.
මීගමුව කලපුව ආශ්‍රිත කඩොලාන නැරඹීමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු හා තොටියෙකු ඊයේ පස්වරුවේ මෙම අනතුරට මුහුණ දුන්නේය.
ඒ සීදූව දඬුගම්ඔය හරහා ඇද තිබෙන රැහැනකින් ආරක්ෂාවීමට යාමේදි ඔරුව පෙරළීමෙනි.
ඔයට ඇඳවැටුණු තිදෙනෙකු දිවි බේරා ගත්තේය.
එහෙත් අනෙක් දෙදෙනා ඔයේ ගිලී අතුරුදන් විය.
නාවික හමුදාව සහ පොලිසිය මැදිහත්ව කිමිඳුම්කරුවන් යොදවා අද පස්වරුවේ සිරුරු ගොඩ ගැනිණි.
සිද්ධියෙන් මියගිය 24 හැවිරිදි සුරේන්ද්‍ර මිලින්ද කෘෘස් ජා-ඇල කනුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ පවුලේ බාලයා වූ ඔහු ලබන ජූනි මස විවාහවීමට නියමිතව සිටියේය.
අනතුරෙන් මියගිය අනෙක් පුද්ගලයා ගොඩිගමුව, අකරගම ප්‍රදේශයේ පදිංචි 27හැවිරිදි රොෂෙල් ප්‍රනාන්දු නැමති අයෙකි.
අවිවාහක පුද්ගලයෙකු වූ ඔහු සුරේන්ද්‍රෙග් සමීපතම මිතුරෙකි.
ඔවුන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහලට යවා තිබේ.
Read More »

කතරගම තම්මැන්නා භූමියේ අංක 02 ඉඩම් කැබැල්ලේ රහසිගතව ඉල්ලම් හාරා ඉල්ලම් පස්‌ හොරෙන් ප්‍රවාහනය කරමින් සිටි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනාද මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවකයන් දෙදෙනා හා බුත්තල ව්‍යාපාරිකයා අද (17 වැනිදා) දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා නියෝග කළේය. මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ මෙම මැණික්‌ ඉඩම් පසුගියදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. අවුරුදු නිවාඩුවට මෙම මැණික්‌ ඉඩම් තුළ ඉල්ලම් හෑරීම නවතා තිබියදී ඇමැති ආරක්‌ෂකයන් නීති විරෝධී අයුරින් මෙම අන් සතු ඉඩම්වලින් ඉල්ලම් පස්‌ රැගෙන ගොස්‌ ඇති අතර කතරගම පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. 
මේ වන විට රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‌ෂක නිලධාරියකු වන හේරත් මුදියන්සේලාගේ විඡේකෝන් බණ්‌ඩාර දිසානායක, මුදියන්සේලාගේ කරුණාරත්න සහ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවයේ නියුතු කංකානම් ගමගේ දයානන්ද, වික්‍රමආරච්චිගේ ලෙනාඩ් හා බුත්තල ප්‍රදේශයේ ඩී. චාමින්ද යන පිරිසයි. 
මෙම වැටලීම් සිදු කළේ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති අයි. එච්. ටී. බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන්ට කතරගම ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු මතයි.
Read More »

කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ කෞතුක භාණ්‌ඩ සොරකම සම්බන්ධයෙන් එම භාණ්‌ඩ භාරව සිටි සහකාර කෞතුකාගාර අධ්‍යක්‍ෂවරයා විසින් පොලිසියට සහ රහස්‌ පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයන් සම්බන්ධව සැකයක්‌ මතුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
මෙම භාණ්‌ඩ සොරකම් කිරීමට පෙර දේශපාලනඥයකු පැමිණ ඒවා නැරඹූ බවද ඔහු එම භාණ්‌ඩ පිළිබඳව දැඩි ඇල්මකින් සිටි බවද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ කෞතුකාගාර නිලධාරියා අදාළ දේශපාලනඥයා සමග සමීප සබඳතාවයක්‌ පවත්වන්නකු බවටද තොරතුරු අනාවරණයවී තිබේ.
මෙම කෞතුක භාණ්‌ඩ සොරකම් කර ඇති ආකාරය පිළිබඳව දැනට සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුව හෙළිවී ඇත්තේ කෞතුකාගාරයේ සේවය කරන නිලධාරියකුගේ සහාය නොමැතිව මෙම සොරකම සිදුකිරීමට නොහැකි බවය. මන්දයත් ඇතැම් භාණ්‌ඩ සොරාගෙන ඇත්තේ එම භාණ්‌ඩ සුරක්‍ෂිතව තැබූ සේප්පු යතුරු දමා විවෘත කිරීමෙන් බව පෙනී යැමය. එබැවින් එම සේප්පුවල යතුරු සොරකමට සම්බන්ධ පුද්ගලයනට ලැබුණේ කෙසේදැයි සැකයක්‌ පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෞතුකාගාරයෙන් අතුරුදන්වී ඇති අනුරාධපුර යුගයට අයත් රන්කාසි, නුවර යුගයට අයත් නුගවෙල අධිකාරිවරයා සතුව තිබූ කස්‌තාන සහ අසිපත් ලංකාවේ දැනට හමුවී ඇති එකම හස්‌ මුද්ද ඇතුළු මෙම වටිනා කෞතුක භාණ්‌ඩ තොගය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තක්‌සේරු කර ඇත්තේ රුපියල් ලක්‍ෂ 40 ක මුදලකටය.
Read More »

ඉතිහාසය විසින් ඉල්ලා සිටින්නේ නම් ජීවිත පරිත්‍යාගයකට වුව යැමට සුදානම් යෑයි ජනතා විමුක්‌ති පෙරමුණෙන් වෙන්ව ගිය කැරලිකාර කණ්‌ඩායමේ කථිකයකු වූ චමීර කොස්‌වත්ත ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණය දෙදරවමින් කියා සිටියේ ජවිපයේ මිය ගිය සාමජිකයන් සිහි කරමින් කැරලිකාර කණ්‌ඩායම පැවත්වූ "ඉල් මහ" සමරුවේදීය.
එහෙත් ඉතිහාසය ඉල්ලන සහ චමීරට දැනෙන දේ කුමක්‌ වුවත් මෙහිදී රටට පැහැදිලිවම අනාවරණය වූයේ කුමක්‌ද? ඒ අන් කිසිවක්‌ නොව කැරලිකාර පිලේ පිබිදීමත් සමග ජවිපෙය තුළ මහා පිපිරුමක්‌ සිදුවී තිබෙන බවය.
එසේ වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනතා විමුක්‌ති පෙරමුණ "ඉල් මහ" සමරු උත්සව දෙකක්‌ පවත්වමින් කැරලිකාර පිල සුගතදාස ක්‍රීඩාංගණයට එක්‌වෙද්දී සෝමවංශ අමරසිංහ කණ්‌ඩායම කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ "ඉල් මහ" සමරුව පැවැත්වීම තුළිනි. 
ජීවිත පවා අහිමි කෙරුණු අතීත මතකයන් සමග සමාජවාදී දේශපාලනයේ නොනැවතීම පෙරට පැමිණි දේශපාලන පක්‍ෂයක්‌ වූ ජනතා විමුක්‌ති පෙරමුණ තුළ පැහැදිලි බෙදුම් ඉරක්‌ සටහන් වූයේ එලෙසිනි.
එය සිදු වූයේ කෙසේද? එකී වෙන්ව යැමේ පෙර ගමන්කරුවා වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ පැරණි නායකයකු යෑයි කියන පසුගිය හය වැනිදා (2012 - 04 - 06) දක්‌වා සැඟවුණු චරිතයක්‌ව සිටි කුමාර කරුණාරත්න නොහොත් වන්නිනායක මුදියන්සේලාගේ දස්‌කොන් නොහොත් රත්නායක මුදියන්සේලාගේ දයාලාල් නොහොත් කුමාර් මහත්තයා නොහොත් කුමාර් ගුණරත්නම්ය.
රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යන නමින් ඉකුත් 2000 - 10 - 29 වැනිදා නිකුත් කෙරුණු අංක එන්. 1938494 දරණ ගුවන් බලපත්‍රය මගින් ඕස්‌ටේ්‍රලියාවට ගොස්‌ සිටි කුමාර් ගුණරත්නම් සිය පස්‌වන ව්‍යාජ නාමයද භාවිත කරමින් දැනට අනාවරණය වී තිබෙන පරිදි 2011 සැප්තැම්බර් 04 වැනිදා අංක එන්. 1016123 දරණ ගුවන් බලපත්‍රය යොදාගෙන නොයෙල් මුදලිගේ ලෙසින් "ඇඩ්ඩ්‍රස්‌ නැති" මිනිසකු සේ මෙරටට පැමිණීමත් සමග ජනතා විමුක්‌ති පෙරමුණේ පෙරකී පුපුරා යැමේ ආරම්භය සටහන් විය.
එහිදී සිදුවූයේ කුමක්‌ද? ගුණරත්නම් සැඟවී කසේ ගැසීය. පුබුදු ජයගොඩ, දිමුතු ආටිගල, චමීර කොස්‌වත්ත ඇතුළු ජවිපයේ ක්‍රියාකාරීව සිටි බහුතර කණ්‌ඩායමක්‌ රහසේම ගුණරත්නම් පෙරටුකොටගෙන පෙරහරේ ගියහ. 
එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්‌ද? ගුණරත්නම් සමග පෙරහරේ ගිය චමීර කොස්‌වත්ත ගැලරිය පිනවමින් කියූ ඉතිහාසය විසින් ඉල්ලා සිටින ජීවිත පරිත්‍යාගයට ජවිපෙ කැරලිකාරයින් සැරසෙද්දී නොයෙල් මුදලිගේ නොහොත් කුමාර් ගුණරත්නම් සුපුරුදු ලෙසම ඉතිහාසයේ පරිදි ජනතා විමුක්‌ති පෙරමුණ නැමැති වාම බලවේගය සුණුවිසුණු කර දමා ඕස්‌ටේ්‍රලියාවට ඉගිල යැම නොවන්නේද?
නොයෙල් මුදලිගේ නොහොත් ප්‍රේම කුමාර් ගුණරත්නම් ප්‍රධාන නළුවා සහ දිමුතු ආටිගල ප්‍රධාන නිළිය ලෙස රට ඉදිරියේ සිටියදී රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක්‌ සේ ඇදී ගිය ඔවුන් දෙදෙනා පැහැරගෙන යැමේ කථාව අද නිමා වී ඇත්තේ ඉහත අකාරයෙන් නොවේද?
එහිදී ජවිපෙය විනාශ කර දමමින් ප්‍රේමකුමාර් ගුණරත්නම් පෙරටු කොට ගත් සෙස්‌සන් තනන්නට හැදූ පෙරටුගාමී සාමාජවාදී පක්‍ෂය නමැති වමේ බලවේගයට අත්වූයේ කුමණ ඉරණමක්‌ද? 
අප පිළිගන්නා මිනිස්‌ සිරුරේ දකුණතටත් වමතටත් හිමි ප්‍රධාන කාර්යයන්a දෙකක්‌ ඇත්තේය. පෙරටුගාමී ලෙස වමෙන් යන්නට ගොස්‌ සිය පක්‍ෂ මහ සම්මේලනයට තෙදිනක්‌ තිබියදී අතුරුදන්ව අවසානයේ කොළඹ අපරාධ කොට්‌ඨාසයෙන් මතුවී ඕස්‌ටේ්‍රලියාව බලා ඉගිල ගිය කැරලිකාර කණ්‌ඩායමේ නායකයා යෑයි කියූ කුමාර් මහත්තයාගේ සමුගැන්මත් සමග ජවිපෙන් ඉවත් වූ එකී වමේ පිරිසට හිමි වූයේ සිරුරේ වමට හිමි තැන නොවන්නේද? 
මේ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන ගියා යෑයි කියන නාටකය ඇරඹෙන්නේ කෙසේද? එය සිදු වන්නේ ඉකුත් හත් වැනිදා දිනය තුළය. ඒ වන විට තමන්ගේම මෑණියන් සහ බිරිඳ විසින් කිසිසේතම ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි කී කුමාර් ගුණරත්නම් සිට ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසකය.
එම නිවසේ හිමිකරු නිවස බලා කියා ගැනීමේ වගකීම වැලිවේරිය ප්‍රදේශයේ ජවිපෙ කැරලිකාර පිලේ ක්‍රියාකාරිකයකු වූ සුරංග නමැත්ත්කුට භාර දී තිබී ඇත. මේ සුරංග යනු කලකට පෙර ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරමින් බියගම ප්‍රාදේශීය සභාවේ සිටි මන්ත්‍රීවරයෙකි.
නිවස බලා ගැනීම සඳහා සුරංගට යතුර භාර දුන්නා මිස තමන් කිසිසේත්ම එහි කුමාර් ගුණරත්නම් නමැත්තකු පදිංචිව සිටින බවට දැන නොසිටියේ යෑයි කුමාර් පැහැරගත්තායි ප්‍රචාරය වීමෙන් පසුව පරීක්‍ෂණ පැවත්වූ පොලිස්‌ කණ්‌ඩායම් හමුවට පැමිණි එම නිවසේ හිමිකරු කියා සිටියේය.
ඉකුත් හත් වැනිදා පෙරවරුවේ කුමාර් ගුණරත්නම් පැහැර ගැනීමේ කථාව කරලියට පැමිණියේ කුමාර් මහත්තයා එලෙස කිරිබත්ගොඩ නිවසේ සිටියදීය. ඒ සමගම කොට්‌ටාව ප්‍රදේශයේ දේශපාලන කටයුත්තකට සහභාගි වී ආපසු නිවසට යැමට බස්‌ රථයක ගමන් කරමින් සිටියදී දිමුතු ආටිගලවද පැහැර ගෙන ගොස්‌ ඇතැයි කියෑවෙන්නට විය.
කුමාර් හා දිමුතු මෙසේ පැහැර ගැනුනේ යෑයි කියෑවෙන්නට වීමත් සමග පොලිසිය පරීක්‍ෂණ ආම්භ කළේය. පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ යෑයි කියා ගත් පිරිසක්‌ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන ගොස්‌ ඇතැයි කියමින් ජවිපෙ කැරලිකාර පිල මෙහිදී Rජුවම පොලිසිය හා රජය වෙත ඇඟිල්ලද දිගු කළේය.
චුතවීම් සහ ප්‍රතිසන්ධිද සහිතව අපූරුවට කියෑවෙන්නට වූ මේ කථා සමග අන්ද මන්ද වූ පොලිසියද හැකි වෙර යොදා මේ ගැටලුවට පිළිතුරක්‌ සොයන්නට උත්සාහ දැරුවේය. 
පොලිස්‌a පරීක්‍ෂණ ආරම්භ වීමත් සමග ගුණරත්නම් සිටි බව කියූ කිරිබත්ගොඩ නිවස අසළ නිවසක සිටි අයකු ඉදිරිපත් වී කුමාර් පැහැරගත් දින අලුයම තමන්ගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් කණ්‌ඩායමක්‌ විදුලි පහන් නිවා දමන ලෙසට තර්ජනය කරමින් නිවසේ රැඳී සිට හිමිදිරියේ පිටවී ගිය බවට ප්‍රකාශයක්‌ දී තිබුණේ මේ අතරේය.
එහිදී සන්නද්ධව සිටි තවත් පිරිසක්‌ තමන්ගේ නිවස අවට ප්‍රදේශවල රැඳී සිටි බවට වූ ප්‍රකාශයක්‌ද හෙතෙම කර තිබිණි. කුමාර් සහ දිමුතු පැහැර ගත්තේ යෑයි කියන සිද්ධියේ සියලු කථා ඉකුත් හත් වැනිදා උදැසන සිට දිගහැරෙන්නට වූයේ එලෙසිනි.
එහෙත් මොන කතා කීවද මෙවන් සිද්ධියකදී මුලින්ම කළ යුතු දේ ජවිපෙ කැරලිකාරයන්ටත් දිමුතු ආටිගලගේ බාප්පාටත් සිහි වූයේ මොවුන් දෙදෙනා පැහැරගත්තා යෑයි වාර්තා වීමෙන් පිළිවෙළින් පැය දොළහකට පමණ සහ පැය විස්‌සකට පමණ පසුව වීම මෙහිදී සිදුවූ කැපීපෙනෙන සිද්ධියකි..
අප එසේ කියන්නේ ප්‍රේමකුමාර් සහ දිමුතු ආටිගල දෙදෙනා පැහැරගෙන ගිය කථාව නිල වශයෙන් පොලිසියට පැමිණිල්ලක්‌ ලෙස ලැබී ඇත්තේ එවන් කාල පරාසයකින් පසුව බව පැහැදිලිව අනාවරණය වී තිබෙන බැවිනි. පෙරටු ගාමී ගමනක්‌ යන්නට ගිය සමාජවාදීනට මෙකී අතපසු වීම සිදුවුණේ කෙසේද? එය ඔවුන් හිතාමතා කළ අතපසු කිරීමක්‌ද? නැතහොත් මළ මිනී, රුධිරය සහ කුමන්ත්‍රණ මතින් ගමන යැමේ චිරාත් කාලීන ක්‍රමවේදය අනුවම එය සිදුවූයේද? 
මෙම සිද්ධියේදී පොලිස්‌ පැමිණිලිවලට ප්‍රථම ජවිපෙ කැරලිකාරීන් ගමන් කරනු ලැබුවේ මාධ්‍ය හමු වෙතය. එතෙක්‌ සැඟව සිටි කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූපද කරලියට පැමිණියේ ඉන් පසුව විය. කෙසේ හෝ අවසානයේ මෙකී සිදු වීමට ලැබෙන්නට වූයේ "උණු කැවුම්" ප්‍රතිචාර නිසා මේ දෙස රටම බලා සිටියේය.
මේ අතරේ ඕස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටි කුමාර් ගුණරත්නම්ගේ බිරිඳද "අනේ මගේ සැමියා බේරා දෙන්න යෑයි කඳුළු පෙරාගෙන එරට මාධ්‍ය හමුවේ හඬා වැටෙන්නට වූයේ කුමාර් දිමුතු කතාව සැණෙකින් ජාත්‍යන්තර තලයටද ඔසවා තබමිනි.
එහෙත් එසේ හඬා වැටුනු කුමාර් ගුණරත්නම්ගේ බිරිඳ මීට මාස කිහිපයකට ඉහත ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවක සිදුවූ රහස්‌ පොලිසියේ ප්‍රශ්න කිරීමකදී කට ඇර කියා සිටියේ කුමක්‌ද?
"අපෝ මගේ මහත්තයා කුමාර් එක්‌ක මම 2000 වසරේ සිට කිසිදු සබඳතාවක්‌ නොපැවැත්වූයේ යෑයි එහිදී කියා සිටි ඇය කුමාර් ඉන්නේ කොහොදැයිවත් නොදන්නා බවද පවසා සිටියාය.
මේ අතරේ තමන්ගේ පුත්‍රයා ශ්‍රී ලංකාවේ නොමැති බව පසුගිය කාලයේ පුන පුනා කියා සිටි කුමාර් ගුණරත්නම්ගේ මව වන වල්ලිඅම්මා රාජමුණි ගුණරත්නම්ද මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් 88-89 භීෂණයේදී මියගිය සිය වැඩිමහල් පුත්‍රයා වූ රංජිතම්වද සිහිකර කුමාර්ව සොයා දෙන ලෙස හඬාවැටෙමින් රටටම කියන්නට වූවාය. 
සියලු දෙනා එක්‌වී මෙසේ වෙස්‌ මාරුකරමින් එදා නැතැයි කියූ සහ මෙදා සිටිතැයි කියූ මේ කුමාර් ගුණරත්නම් නොහොත් ඉකුත් දසවැනිදා කොළඹ අපරාධ කොට්‌ඨාසයෙන් මතුවූ ඕස්‌ටේ්‍රලියානු පුරවැසි නොයෙල් මුදලිගේ යනු කවරෙක්‌ද?
ඉකුත් 1965 වසරේ නොවැම්බර් මස 18 වැනිදා කෑගල්ල අඟුරුවැල්ලේ විසූ ගුණරත්නම් පවුලේ පියාට දාව වල්ලිඅම්මා රාජමුණි ගුණරත්නම් නම් වූ මව පිරිමි දරුවකු මොලොවට බිහි කළාය. 
හේ නමින් කුමාර් ගුණරත්නම් නම් වූ අතර ඔහුට රංජිතම් ගුණරත්නම් නමින් වැඩිමල් සොයුරෙකු සහ නෙරංජනී ගුණරත්නම් නමින් බාල සොයුරියකුද වූහ.
ගමේ වූ සුන්දර පරිසරයේ හැදී වැඩුණු කුඩා ගුණරත්නම් කල වයස පිරෙද්දී කෑගල්ල ශාන්ත මරියා විදුහලට ඇතුළත් කෙරුණු අතර 1971 -01 - 02 වැනිදා සිට 1980 - 12 - 03 දින දක්‌වා ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය හැදැරීය.
ඉන් අනතුරුව 1981 - 06 - 15 දින සිට 1985 - 03 - 22 දක්‌වා පින්නවල මධ්‍යමහා විදුහලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබන කුමාර් ගුණරත්නම් 1985 වසරේදී උසස්‌ පෙළ ඉහළින් සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ ඉංජිනේරු උපාධිය හැදැරීම සඳහා ශිෂ්‍ය අංක ඊ/85/58 යටතේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු ලෙසිනි.
මේ කාලය වන විට කුමාර් ගුණරත්නම්ගේ සොයුරා වූ රංජිතම් ගුණරත්නම් යනු ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයකු වන අතර හේ ශිෂ්‍ය සංගම් ප්‍රධානියා ලෙසද ක්‍රියා කරන්නේය.
විශ්වවිද්‍යාලයට ඇඅතුළත් වීමෙන් පසුව සිය සොහොයුරාගේ මග ගනිමින් ජනතා විමුක්‌ති පෙරමුණට එක්‌වන කුමාර් ගුණරත්නම් ජවිපෙ හා බද්ධව ප්‍රථම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකුව සිටි 1988 වසරේදීය.
ඒ ජවිපෙයේ කණ්‌ඩායමක්‌ සමග පැමිණ පල්ලේකැලේ යුද හමුදා කඳවුරට එල්ල කරන ප්‍රහාරයක්‌ සමගිනි. මෙම ප්‍රහාරයෙන් පසුව කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසක්‌ පොලිසියට කොටු වන්නේ නොසිතූ ලෙසිනි.
එහි ප්‍රතිඵලයක්‌ ලෙස පල්ලේකැලේ කඳවුරට පහර දීමේ වරද හමුවේ ඉංජිනේරු උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කුමාර් ගුණරත්න අවසානයේ බෝගම්බර බන්ධනාගාරයේ නවාතැන් ගන්නේය.
ඒ වන විට ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්‌ ලෙස දමනය කළ නොහැකි දඩබ්බරයකු බවට පරිවර්තනය වී සිටි කුමාර් ගුණරත්නම් බන්ධනාගාරය තුළදී මුණ ගැසෙන දරුණු අපරාධකරුවකු වූ රාගම සෝමේ සමග එකතු වී උමගක්‌ හාරා බෝගම්බර බන්ධනාගාරය බිඳ පැන යන්නේය.
මේ අයුරින් බන්ධනාගාරයෙන් පැන යන ගුණරත්නම් එහිදී සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නේ ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශය වේ. 
මේ කාලය වන විට හිටපු ජනපති ජේ. ආර් ජයවර්ධන මහතා හා ඉන්දීය අගමැතිව සිටි රාජීව් ගාන්ධි මහතා අතර 1987 වසරේ අත්සන් තැබුණු ඉන්දු ලංකා සාම ගිවිසුම අනුව ඉන්දීය සාමසාධක හමුදාවද මෙරටට පැමිණ තිබිණි.
ඉන්දු ලංකා සාම ගිවිසුමද මුල් කර ගනිමින් ඒ වන විට ජවිපෙ තුළ පවතින්නේ දැඩි මත ධාරී ඉන්දීය විරෝධී බවකි. කන්තලේට පැන එන කුමාර් ගුණරත්නම් ජවිපෙයේ ප්‍රබලයකු ලෙස ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් සිය භූමිකාව යළි අරඹන්නේ ත්‍රිකුණාමලය ජවිපෙ දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස "ගැමුණු" යන නාමයෙන් පෙනී සිටිමින්ය.
එසේ සිටියදී 1988 වසරේ අගභාගයේදී දිනෙක තවත් ජවිපෙ සාමාජිකයන් කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ කල්ලාර් යුද හමුදා කඳවුරට ප්‍රහාරයක්‌ එල්ල කර ඉන් පැහැර ගන්නා අවි තොගයක්‌ද යොදා ගනිමින් පසුව ත්‍රිකුණාමලය ජවිපෙ සන්නද්ධ අංශය ආරම්භ කරන්නේද මේ ගුණරත්නම්ය.
කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ජවිපෙය තුළ ප්‍රබලම චරිතයක්‌ වී පෙරට එන්නේ මෙකී කල්ලාර් හමුදා කඳවුරු ප්‍රහාරයත් සමගිනි. 
එලෙස පෙරට එන අතරේ ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුමට හරියට දෙවසරක්‌ පිරෙද්දී ත්‍රිකුණාමලය 93 කණුව අසළදී බිම් බෝම්බයක්‌ අටවා ඉන්දීය සාම සාධක හමුදා ට්‍රක්‌ රථයක්‌ සුණු විසුණු කර දැමීමට හෙතෙම සමත් වන අතර එහිදී මිය යන ඉන්දීය හමුදා භටයන්ගේ ගණන 14 කි.
එකල ජවිපෙය අනුගමනය කළා වූ ඉන්දීය විරෝධී දැඩි මතධාරී බව හමුවේ ගුණරත්නම් ඇතුළු කල්ලියක්‌ එය සිදු කළද මුලින්ම එය බැරවූයේ එල්ටීටීඊයේ ගිනුම වෙතය. මේ අතරේ ත්‍රිකුණාමලය වරාය ආසන්නයේදී තවත් ඉන්දීය සාම සාධක හමුදා ට්‍රක්‌ රථයක්‌ පිපිරවීමට ගුණරත්නම් කල්ලිය ක්‍රියා කරන අතර එහි වගකීමද හැරෙන්නේ එල්ටීටීඊය දෙසටමය.
කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්යා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය දක්‌වා පැමිණෙන්නේ එලෙසිනි. 
ගුණරත්නම් මෙසේ ඉදිරියට එද්දී ඉහත කී ඉන්දීය සාම සාධක හමුදාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙක සිදු කරනු ලැබුවේ එල්ටීටීඊය නොව ජනතා විමුක්‌ති පෙරමුණ බව ඉන්දීය රෝ ඔත්තු සේවය අනාවරණය කරගනු ලබන්නේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
මෙහිදී රෝ ඔත්තු සේවයේ ඇස යොමු වන්නේ ගුණරත්නම් දෙසටය. එහි අවසන් ප්‍රතිපලය වන්නේ ඒ වන විට ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය තෙක්‌ පැමිණ සිටි ගුණරත්නම් එකල ජවිපෙ මර්දනය කිරීමට වෙහෙස ගනිමින් සිටි හමුදාව වෙත සමීප වීම වන්නේය.
එකී සමීප බව ත්‍රිකුණාමලය ජවිපෙ ක්‍රියාකාරීන්ගේ මළගම බවට පත් කෙරෙමින් අවසානයේ ගුණරත්නම්ගේ ගමන නිමා වෙන්නේ සැබෑ පාවා දෙන්නකු ලෙස ක්‍රියාකාරී වී ඕස්‌ටේ්‍රලියාවට පැන ගොස්‌ කසාදයක්‌ බැඳ ගැනීමෙනි.
කුමාර් ගුණරත්නම්ගේ අතීත කතාව එසේ වෙද්දී ඔහු පැහැර ගත් බව කිය සද්ධිය හමුවේ ශ්‍රී ලංකාවේ ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ මූඩි රොබින් මහත්මිය කුමාර් කෙරෙහි උපන් ශෝකයෙන් තමන්ගේ රටේ පුරවැසියකු ශ්‍රී ලංකාවේදී අතුරුදන්ව ඇතැයි ප්‍රකාශයක්‌ කෙරුවේ ඉකුත් අට වැනිදා විය.
එම ප්‍රකාශයත් සමග ඔහු සොයා දෙන ලෙස විදේශ අමාත්‍යංශය හරහා රජයට නිල දැනුම් දීමක්‌ කිරීමටද මූඩි රොබින් මහත්මිය පියවර ගනු ලැබුවේ කුමාර්ගේ බිරිඳගේ විරහා වේදනාව ඉවසා දරාගත නොහැකි වීමෙන් විය යුතුය.
එකී දැනුම් දීමත් සමග ඕස්‌ටේ්‍රලියානු පුරවැසියකු ශ්‍රී ලංකාවේදී අතුරුදන්ව ඇති නම් ඔහු පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස රජය මූඩි රොබින් මහත්මියට දන්වා යෑව්වේය. ඕස්‌ටේ්‍රලියානු මල්ලේ සිටි බළලා ඉන් පිටතට පැන්නේ රජයේ එකී දැනුම් දීමත් සමගිනි.
කුමාර් ගුණරත්නම් කෙනෙකු නොව ඕස්‌ටේ්‍රලියානු පුරවැසි නොයෙල් මුදලිගේ ශ්‍රී ලංකාවේදී අතුරුදන්ව ඇති බැවින් ඔහු සොයා දෙන ලෙස ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌වරිය එහිදී කියන්නට වූයේ බිමටම වැටුණු ඇඳිවත දැතින් ඔසවා විලි වසා ගනිමිනි. මින් කියෑවෙන්නට වූයේ කුමක්‌ද? කුමාර් ගුණරත්නම්ගේ රහසිගත ලංකාගමනය මුල සිටම ඕස්‌ටේ්‍රලියානු රජය දැන සිටි බව නොව්ද? 
මූඩි රොබින්ගේ එම කතාවත් සමගම එතෙක්‌ අතුරුදන්ව සිටි කුමාර් ගුණරත්නම් නොහොත් ඕස්‌ටේ්‍රලියානු පුරවැසි නොයෙල් මුදලිගේ ඉකුත් නවය දින රාත්‍රි කොළඹ දෙමටගොඩ අපරාධ කොට්‌ඨාසයෙන් මතුවෙද්දී දිමුතු ආටිගල ඊට පසුදා පැහැරගත් අයගේ භාරයේ සිට කෙලින්ම මාදිවෙල පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකින් මතුවූයේ අරුම පුදුම ලෙසිනි.
ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්පසුව කියන්නට වූයේ කුමක්‌ද? ආයුධ සන්නද්ධව සිටි රජයේ ආරක්‍ෂක අංශ වගේ පිරිසක්‌ තමන්ව පැහැරගෙන ගොස්‌ ඉදිරි දේශපාලනය ගැන ප්‍රශ්න කළ බවකි.
එහිදී කොටි හිතවාදී ඩයස්‌පෝරාව සහ ජවිපෙ කැරලිකාරයන් අතර ඇති සබඳතාවක්‌ පිළිබඳවද ප්‍රශ්න කළේයෑයි ඔවුහු කියන්නට වූහ. රටේ නීතියක්‌ තිබියදී කුමාර් හා දිමුතු කවුරුන් විසින් හෝ සැබැවින්ම පැහැර ගත්තා නම් එය වැරදිය. එහෙත් මොවුන් කියනා සන්නද්ධ කණ්‌ඩායම හෝ කවුරුන් වේවා කළ මේ ප්‍රශ්න කිරීම නම් සාධාරණය.
අප එසේ කියන්නේ එල්ටීටීඊයේ සොහොන් කොත්වලට ඉටි පහන් දල්වමින් ජවිපෙන් කැඩී ගිය කැරලිකාරයන් ඉකුත් කාලයේ සිය දේශපාලන ගමන ආරම්භ කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබූ නිසාය. 
මේ බිමට එරෙහි දහසක්‌ කුමන්ත්‍රණ දියත් වෙද්දී සිරගත කොටි ත්‍රස්‌තයන් පිළිබඳ සොයා බලමින්, මියගිය ත්‍රස්‌තවාදීන්ට පිං අනුමෝදන් කරන අතරේ උන්ගේ මානව අයිතීන් පිළිබඳවද කතා කරමින් දේශෙද්‍රdaහී ගමනක නොගිය බව ජවිපෙ කැරලිකරුවන්ට හදවතට එකඟව සහතික විය හැකිද?
අවසානයේ කුමාර් ගුණරත්නම් ද්විත්ව චරිතයකට පණ පෙවූ රටම බලා සිටි දිමුතු කුමාර් නාඩගම නිමා වූයේ කුමාර් ඕස්‌ටේ්‍රලියාවට පිටුවහල් කෙරෙමිනි. මෙහිදීත් එදා පාවා දෙන්නකු ලෙස මෙරටින් ඕස්‌ටේ්‍රලියාවට පැන ගිය කුමාර් ගුණරත්නම් නැවතත් ඔස්‌ටේ්‍රලියාව බලාම ඉගිලි ගියේය.
ඒ කෙසේද? එදා පාවා දීමෙන් වනසා දැමුවා සේම රෝහණ විඡේවීර නමැති වටිනා මිනිසා සිය ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගූ ජනතා විමුක්‌ති පෙරමුණ නමැති ජාතිකවාදී වාම බලවේගය සුණු විසුණු කර දමමිනි. 
එහෙත් කුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ නමැත්තා මෙවර ලංකාවට ගොඩ බැස්‌සේ මේ ටික කිරීමටම පමණක්‌ද? අද එය රට හමුවේ තිබෙන බරපතල ගැටලුවකි. ඔහු මෙවර රහසේ උපන් බිමට පැමිණ සැඟව සිටියේ විජාතික කුමන්ත්‍රණකරුවකු ලෙස ප්‍රබල භූමිකාවක්‌ රඟ දැක්‌වීමට විය නොහැකිද? එසේ නම් කුමාර් දිමුතු නාඩගම හමුවේ පරාජයට පත්ව ඇත්තේ එකී කුමන්ත්‍රණය බව අප සිහි තබා ගත යුතුය.

සමන් ගමගේ
Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us