Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ඉන්දියාවේ ප්‍රකට ප්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක්‌ වන ‘ජලක්‌ දික්‌ලා ජා’ හි (Jhalak Dikhla Ja) විසිවැනි වැඩසටහන් මාලාව සමග එක්‌වීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.  නැටුම් සහ ගැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සංදර්ශණ ඇතුළත් මෙම වැඩසටහන සඳහා ඉන්දියානු සුප්‍රකට නළු නිළියන් වන මධුරි ඩික්‌සිත්, රේඛා, කරන් ජොහාර් වැනි නළු නිළියන් සමඟ සනත් ජයසූරිය සහභාගී වීමට නියමිතය.
මෙම වැඩසටහනේදී සනත් ජයසූරිය සුදු කමිසයකින්, සුදු කලිසමකින්, සුදු රවුම් හිස්‌ වැසුමකින් සහ රත්තරන් පාට සපත්තු පැළඳ නර්තනයේ යෙදීමට සූදානමින් සිටියි.
43 හැවිරිදි සනත් ජයසූරියට නැටුම් සහ ගැයුම් පිළිබඳව විශේෂ පුහුණුවක්‌ නැතත් මෙම සංදර්ශණය උදෙසා විශේෂ පුහුණුවක්‌ ලැබීමට නියමිත බව වාර්තා වේ.
එසේම මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන පූර්ව ප්‍රචාරක දර්ශන පෙළකටද සනත් මේවන විට ඉදිරිපත්ව ඇත.  
Read More »



අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින ඕනෑම පරිගණකයකට ඉතාම වේගයෙන් හොර රහසේ ඇතුළු වි පරිගණකය භාවිතා කරන්නාගේ තොරතුරු සහ එම ස්ථානයෙ සිදුවන සියලුම සිදුවිම දැනගත හැකි ලොව භයානක ‘ෆ්ලෙම්ස්‘ නැමැති වෛරසයක් පිළිබඳ මේ වන විට තොරතුරු හෙළි වි තිබේ.
මෙතෙක් භයානක ලෙස සැලකූ සියලු වෛරස්වලට වඩා සිය ගුණයකින් ප්‍රබල මේ වෛරසය රාජ්‍ය රහස් සොයා ගැනිම සඳහා භාවිත කර ඇති බවට තොරතරු හෙළි වි ඇතැයි ජාවා තාක්ෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන මහතා දිනමිට ඊයේ (30) පැවසීය.
මේ වෛරසය මිට වසර පහකට ඉහතදි නිර්මාණය කර පරික්ෂණ මට්ටමේ ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු ලැබි ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විටත් මේ වෛරසය යොදා ගනිමින් ඉරානයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය මට්ටමේ තොරතුරු ලබා ගෙන ඇතැයි ද සිරිබද්ධන මහතා කීවේය.
මේ වෛරසය පාලනය කරන ස්ථානයේ සිට ඕනෑම රටක අන්තර් ජාලයට සම්බන්ධවී ඇති පරිගණක මඟින් සිදුවන දේ ඇහුම්කන් දිය හැකි අතර, එම වෛරසය ඇතුළුවන පරිගණකය ස්වංක්‍රීයව ශ්‍රවණ උපකරණය ලෙස පරිවර්තනය වන බවද සිරිබද්දන මහතා කීය.
ෆ්ලෙම් නැමැති වෛරසය වැළකිම සඳහා ප්‍රතිආරක්ෂණ මෘදුකාංගයක් නිර්මාණය කිරිමට කැස්පස්කී ආයතනය ලබා දී ඇති බවත් ඉෂාන්ත සිරිබද්දන මහතා වැඩිදුරටත් කීවේය.
Read More »

දිවයිනේ තැනින් තැන මැණික්‌, රත්‍රං වැනි දේ හමුවෙමින් පවතිද්දී වයඹ ප්‍රදේශයේ ළිඳකින් තෙල් මතුවීමේ සිද්ධියක්‌ කටුපොත නෙත්තිපොලගෙදරින් වාර්තා වේ.අඩි හතළිස්‌ දෙකක්‌ පමණ ගැඹුරු පැරැණි ළිඳකින් මෙසේ ඛනිජ තෙල්වලට සමාන යම් ද්‍රව්‍යයක්‌ ජලයේ මතුපිට පාවීම හේතුවෙන් එහි අයිතිකරුවන්ට ළිඳ අතහැර දැමීමට සිදුව ඇත.
මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පී. ටී. එම්. ධර්මාවතී මහත්මිය මෙසේ කියයි. මේ ළිඳ හැත්තෑව දශකයේ පමණ ඉදිකරන ලද්දක්‌. ඒ කාලේ වතුර හොඳට තිබුණා. ඒත් ජලය ප්‍රමාණවත් නොවූ නිසා මීට වසර දොළහකට පමණ පෙර නැවත ගැඹුරු කළා. එම වතුරද මේ වන තුරුම හොඳින් පැවතුණා. ඒත් මීට සති තුනකට පමණ පෙර සිට ජලය මත තෙල් වැනි යමක්‌ පාවීමට පටන් ගත්තා. අපි මුලදී හිතුවේ ජලය සමග කිවුල මිදී ඇත කියලා. ඒත් එම පාවෙන ද්‍රව්‍ය භූමිතෙල් හෝ ඩීසල් වලින් නිකුත් වන සුවඳක්‌ පැවතීම නිසා අපි ළිඳේ ජලය හිස්‌කර පිරිසිදු කළා. ඒත් අලුත් වතුර සමගත් ඒ තෙල් වර්ග උනනවා.
මේ සිද්ධිය අපට අදහා ගන්න බැහැ. අවට කිසිම ළිඳක මේ වගේ වෙලා නැහැ. අපි අහලත් නැහැ මේ ප්‍රදේශයේ මේ වගේ දෙයක්‌ සිදුවුණා කියලා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකතුමාටත් අපි මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒත් තවම ආවේ නැහැ පරීක්‍ෂාකර බලන්න.
එහි පදිංචි ධම්මිකා රණසිංහ මහත්මිය(- මෙම සිද්ධිය නිසා අපේ ගෙදරට දැන් ලොකු ජල ප්‍රශ්නයක්‌ ඇතිවෙලා. අවට නිවෙස්‌වල ළිංවලින් වතුර ගෙනත් තමයි දැන් ගෙදර පාවිච්චි කරන්නේ. මීට ඉස්‌සර අපේ ළිඳේ වතුර මේ ප්‍රදේශයේ හොඳම වතුර වශයෙන් කවුරුත් පිළිගත්තා. ඒත් දැන් තෙල් මිශ්‍ර ජලය නිසා කිසිම කෙනෙකුට පාවිච්චියට ගන්න බැහැ.
මෙසේ ළිඳක්‌ තුළින් තෙල් මතුවීම ප්‍රදේශයේ කිසිම ස්‌ථානයකින් මීට පෙර වාර්තාවී නොමැති නිසා ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ එය දැකබලා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.
Read More »

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමේ පුවතක් මෙයට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා.අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇති අතර මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.ඒ අනුව අනුෂ්කා සොනාලි සායක්කාර ගේ පියා වන චන්ද්‍රසිරි සායක්කාර මහතා ගොනු කල පැමිණිල්ලකට අනුව එම නඩුව පසුගියදා විභාගයට ගැනුන අතර එහිදී ටෙලි නිළිය තම වරද පිළිගෙන ඇත.එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මුදල් ඉල්ලා ඇති නමුත් සිය පියාට කිසිදු කරදරයක් අනුෂ්කා විසින් කර නොමැති බවයි.ඒ අනුව ඉසිරියේදී සිය පියාගේ නිවසට යාමෙන් ඇය වැලකි සිටින බවට නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත.එයට අනුශ්කාගේ පියාද එකඟ වී ඇති අතර අනුෂ්කා සොනාලි හට රුපියල් 1000 ක ගාස්තුවක් ගෙවීමට නියමකර ඇත.
Read More »

තමන් කැමති ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමට ශ්‍රී ලාංකිකයකුට නිදහසක් ඇතැයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
 ඔහු මෙම අදහස් පළ කළේ, බී.බී.සි. රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
බී.බී.සි.
ඔබ පිළිගන්නවද?  ශ්‍රී ලංකාවේ උතුර දිගු කාලීනව දෙමළ ප්‍රදේශ ලෙස දැකිය යුතුයි කියලා

ආරක්ෂක ලේකම්
ඇයි එසේ විය යුත්තේ, දකුණේ නම් මම ඉපදුන හම්බන්තොට මගේ කුඩා කාලයේ ඒ ප්‍රදේශවල කිසිදු දෙමළ පවුලක් මා දුටුවේ නැහැ. නමුත් අද දෙමළ පවුල් රැසක් එහි සිටිනවා. ඇයි ඒ එහෙම නම් මේ තත්ත්වය උතුරේ සිදුවිය නොහැකි ඇයි ?
ඔබ ශ්‍රී ලාංකික පුරවරසියෙක් නම් ඕනෑම තැනකට ගොස් දේපොළ මිලදී ගන්න ඔබට පුළුවන් විය යුතුයි. මම කතා කරන්නේ බලහත් කාරයෙන් කරන පදිංචි කිරීම් ගැන නොවෙයි. මම  කතා කරන්නේ රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත් වීමට ශ්‍රී ලාංකිකයකුට ඇති අයිතිය පිළිබඳවයි.
බී.බී.සි.
ලේකම්තුමනි, මට ඔබගෙන් මානව හිමිකම් පිළිබඳ කරුණු කිහිපයක් විමසන්න අවශ්‍යයි. අතුරුදන්විමේ සිදුවීම් රැසක් තිබෙනවා. ඔක්තෝබර්වලින් පසු වාර්තා වු වැඩි දෙනා කොළඹ
ආරක්ෂක ලේකම්
ඒක වැරදි චෝදනාවක්
බී.බී.සි.
මේක වැරදි චෝදනාවක් නොවෙයි. මම පීඩාවට පත්වුවන් හමුවුණා.
ආරක්ෂක ලේකම්
කේන්ති ගන්න එපා. සාමන්‍යයෙන් මටයි කේන්ති යන්නේ, ඉතින් ඔබ කේන්ති ගන්න එපා. මම ආරක්ෂක ලේකම්වරයා ලෙස මේවා පිළිබඳව පරීක්ෂණ කළා. ඔබ මේ අය කියන කථා සැලකිල්ලට ගන්න එපා. මම කියන දේ අහන්න. එල්.ටී.ටී.ඊ.යේ වළිග කොට මේ වගේ බොරු කියන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්න
බී.බී.සි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහ විදේශ රටවල් රැසක් කියා සිටියා. යුද්ධය අවසානය කරා යාමේදී දහස් ගණනක් හෝ දහස් ගණනක් සිවිල් වැසියන් මිය යාම පිළිබඳව කිසියම් ආකාරයක වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍ය බව
ආරක්ෂක ලේකම්
මේ කාරණේදී එය ඉතා වෘත්තිය මට්ටමින් විමසා බලාඇතැයි, මම විශ්වාස කරනවා. ඒ මොකද බරපතල චෝදනා නැගුවා සිවිල් වැසියන්ට හානිවීම පිළිබඳව
බී.බී.සි
ශ්‍රී ලංකාව ඒකට මොක ද කරලා තියෙන්නේ,
ආරක්ෂක ලේකම්
අපි බොහෝ දේ සිදු කර තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ ප්‍රෙද්ශයේ සංගණනයක් කර තිබෙනවා. මෙම ප්‍රෙද්ශවල මෙම සංගණනයට සහභාගීවූ නිලධාරීන් සියලු දෙනා දෙමළ නිලධාරීන්
බී.බී.සි
නමුත් පෙනී යන ආකාරයට අටදහසක් නව දහසක් අතර සිවිල් වැසියන් මිය ගියා. මේ වගේ දෙවල්වලට වගකිව යුත්තන්ට දඩුවම් පැමිණවීම සඳහා මොනව ද කරලා තියෙන්නේ,
ආරක්ෂක ලේකම්
වැරදි වචනයක් සිවල් වැසියන් නොවෙයි ඔබ හිතනව ද? ගැටුම් තිබුණේ ශ්‍රී ලංකා හමුදාව සහ සිවිල් වැසියන් අතර කියා ඔබ ඒක විශ්වාසකරනවා ද? ගැටුම තිබුණේ ශ්‍ර ී ලංකා හමුදාව සහ ඔවුන් හා සමාන සන්නද්ධ ත්‍රස්ත සංවිධානයක් අතර
මකත තියා ගන්න. කිසිවෙක් කිසිවෙක් කතා කළේ නැහැ. 7000ක් කියන මේ විෂම ප්‍රමාණය ඇතුළේ සටන්කරුවන්ද සිටින බව ඔබ හිතනව ද හමුදාව සටන් කළෙ මන:කල්පිත හමුදාවක් සමග කියා කෝ එකකොට සටන්කරුවෝ 
Read More »

තුවාල ලැබූ ව්‍යාපාරිකයා කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගංකන්ද මහතා මගේ නහය එක දිගටම සපා කෑ නිසා ඇති වූ තුවාලවලට රෝහලේදී මට මැහුම් දාන්න පවා සිද්ධ වුණා යෑයි කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ වී. ටී. තිවාකරන් මහතා ඊයේ (28 දා) ප්‍රකාශ කළේය.
මට මේ වගේ දෙයක්‌ ඔහු කරාවි යෑයි හිතුවේ නැහැ. අප ටේබල් එකක්‌ ළඟ කතා කර කර හිටියේ.
ගංකන්ද මහතා මගෙන් ඇහුවා රාජුරාධා කියන අය යාළුවෙක්‌ද කියලා. මම කිව්වා යාළුවෙක්‌ නොවේ මගේ හොඳම නෑදැයෙක්‌ කියලා. පෞද්ගලික දේවල් අපට අහන්න අයිතියක්‌ නැහැ. අහලා වැඩකුත් නැහැ. කියලා ඔහු මට පහරදීලා එකපාරටම මගේ නහය සපා කාගෙන උන්නා. මම කිව්වා අපි ගහ ගන්නවානම් ගහගමු කියලා. එතකොට එයා ශබ්ද නැතිව හිටියා. එතැන හිටපු හුඟ දෙනෙක්‌ මේ ආරවුල බේරුවා. මගේ නහයෙන් ලේ ගැලුවා.
මට කියන්න කෙනෙක්‌ නැහැ. කොල්ලුපිටිය පොලිසියේ ගිහින් පැමිණිලි කෙරුවා. කොළඹ ජාතික රෝහලේ මා ප්‍රතිකාර ගත්තා. ඊට පසු පෞද්ගලික රෝහලක නතර වුණා.
Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කොන්ත්‍රාත්ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයන්ට දිගින් දිගටම නීති පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කිරීම සම්බන්ධව එම ක්‍රීඩකයෝ දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
වාර්ෂිකව අත්සන් තැබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේදී ක්‍රමානුකූලව වැඩි විය යුතු සියයට 10 ක කොන්ත්‍රාත් මුදල මෙන්ම ක්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් නිසි ලෙස ලබා නොදීත් මෙආකාරයෙන් කටයුතු කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක්‌ බවද ඔවුහු කියා සිටියහ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රිඩකයන් හට අවසරයිකින් තොරව මාධ්‍ය හමුවේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියටද මුඛවාඩම් දැමීමටද එම බලධාරීන් කටයුතු කර තිබීම ඒ අතර සුවිශේෂී වේ.
ක්‍රිකට්‌ ආයතනය ප්‍රකාශ කරන ආකාරයට මින් ඉදිරියට කණ්‌ඩායම් නාකයා, පුහුණුකරුවා හෝ ක්‍රීඩකයකු මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අතිරේක ප්‍රධාන විධායක නිලධාරියා වන අජිත් ජයසේකරගෙන් අවසර ලබාගත යුතු තත්ත්වයක්‌ මේ වන විට පවතින බව වාර්තා වේ.
මෙවැනි තහංචි දැමීමක්‌ ඉකුත් කාලයේ නොතිබූ අතර එයද අසාධාරණ මෙන්ම අනවශ්‍ය මුඛ වාඩම් දැමීමක්‌ බව එම ක්‍රීඩකයෝ සඳහන් කර සිටියහ.
2011 වසරේ විස්‌ඩන් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්‌කාර නම් කළද ඔහු සමගින් සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා ගැනීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මීට පෙර පියවර ගත්තේය.
ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර අත්සන් තැබීමට නියමිත කොන්ත්‍රාත්තුවෙහි විනිවිදභාවය සම්බන්ධ ගැටලූ පැන නැගීම මත එය අත්සන් කිරීමද මේ දක්‌වා ප්‍රමාද වී තිබේ. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සංගමය ක්‍රිකට්‌ ආයතනයෙන් මේ වන විටත් ප්‍රශ්න කර තිබෙන බව දැන ගන්නට ලැබී තිබේ.
මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධව තම අප්‍රසාදය පළ කළ වේග පන්දු යවන ලසිත් මාලිංග කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ඉකුත්දා ප්‍රතික්‍ෂේප කළේය. මාලිංග සමග අනුගතව යමින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එය ප්‍රතික්‍ෂ්ප කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වේ.
එසේ ප්‍රතික්‍ෂේප කරන ලබන ක්‍රීඩකයන් වෙතොත් ඔවුන්ට ව්‍යායාම් කිරීම වෙනුවෙන් පාලක මණ්‌ඩලය සතු කායවර්ධනාගාරය, රක්‍ෂණාවරණය මෙන්ම භෞත චිකිත්සකවරයාගෙන් ප්‍රතිකාර ගැනීමද තහනම් කිරීමට ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. මෙය පිටුපස ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළම බලධාරියාත් සිටින බව සඳහන්ය.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි එම ක්‍රීඩකයන් පිරිස, "අපි සල්ලිවලට පෙරේතයි කියලා ගොඩක්‌ අය අපිට චෝදනා කරනවා. එහෙම නම් අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක්‌ සල්ලි නැතුව ක්‍රීඩා කළා. අපි ඒ සම්බන්ධව කිසිවක්‌ කතා කළේ නැහැ. ඒවා ගැන අපි ලෝකයාට කියන්න ගියෙත් නැහැ. එහෙම කරලත් අපිට විරුද්ධව මේ වගේ දේවල් කිරීම කිසි විටෙකින්වත් අනුමත කරන්න බැහැ" යනුවෙන් සඳහන් කර සිටියේය.
Read More »

ද්‍රවිඩ ව්‍යාපාරිකයකුගේ නාසය සපාකා පහර දීමේ සිද්ධියක්‌ පිළිබඳ රත්නපුර දිස්‌ත්‍රික්‌ එජාප පර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගංකන්ද මහතා සැකපිට අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පෙරේදා (26 දා) රාත්‍රියේ මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර නාසය තුවාල වූ ව්‍යාපාරිකයා ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
පොලිසිය කියන අන්දමට මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බීමතින් පසු වී ඇත. සිද්ධියෙන් පසු ගංකන්ද මන්ත්‍රීවරයාගෙන් මේ වන තුරුත් කිසිදු ප්‍රකාශයක්‌ ගෙන නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
උඹ මගේ නෑදෑයෙක්‌ දැයි කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කර ඇති බවද නෑදැයෙක්‌ නෙවේ යෑයි කීම නිසා මෙසේ නාසය සැපූ බවද ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
නාසය තුවාල වූ ව්‍යාපාරිකයා කොළඹ පදිංචි දිවාකරන් නමැති අයෙකි.
මෙම සිද්ධිය පිළිබඳව ගාලු මුවදොර හෝටලයේ සේවකයන්ගෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබේ.
Read More »

වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්‌ ලබාගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ පුද්ගල අතුරුදන්වීම නතර කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුකරවීම සඳහා රජයට පක්‍ෂ වෘත්තීය සමිති 25 ක්‌ රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්‌ පැවැත්වීමට තීරණය කර ඇත.

වැඩකරන ජනතා බලවේගය නමින් සංවිධානය වී ඇති මෙම වෘත්තීය සමිතියෙහි සාමාජිකයන් ලෙස රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවක සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය, රජයේ කළමනාකරණ සහකාර නිලධාරි සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා දුම්රිය ස්‌ථානාධිපති සංගමය, එක්‌සත් ලංකා වතු කම්කරු සමිතිය, සංස්‌ථා හා පොදු සේවක සංගමය, එක්‌සත් වතු කම්කරු කොන්ග්‍රසය, ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනය, ජාතික අධ්‍යාපන ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමය, ආමර්වීදිය ලොරි රථ රියෑදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ කළමනාකරණ සහකාර සේවා සංගමය, එක්‌සත් රාජ්‍ය සේවා සේවක සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, සුවසේවා දුරකථන ක්‍රියාකරු සංගමය, ආයෝජන මණ්‌ඩල සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය, කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලීය සේවක සංගමය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය, ආණ්‌ඩුවේ කම්කරු සමිති සම්මේලනය, දුම්රිය සේවක සංගමය, ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය, එක්‌සත් විදුහල්පති සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදී වානිජ හා කර්මාන්ත සේවක සංගමය යන වෘත්තීය සමිති කටයුතු කරති.

මෙලෙස තම වෘත්තීය සමිති වැඩකරන ජනතා බලවේගය සමඟ එක්‌ව උද්ඝෝෂණ පවත්වනු ලබන්නේ රජය නිවැරැදි මාවතකට ගෙන එමින් රජයට විරුද්ධ ප්‍රතිගාමී සැලසුම් පරාජය කිරීමට බව ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සම්බන්ධව නිකුත් කළ නිවේදනයට අත්සන් තැබූ වෘත්තීය සමිති සභාපතිවරු සහ මහලේකම්වරු සඳහන් කර සිටිති.
Read More »

අද මාධ්‍ය නිදහසක් නොමැති බවත්,සියලුම මාධ්‍ය ආණ්ඩුවට කඩේ යමින් සිටින බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
එසේ වුවද මිනිසුන්ට කඩේ යා නොහැකි තරමට බඩු මිල ඉහළ ගොස් ඇති බව හෙ‍තෙම කියා සිටියේ ඊයේ(24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලිතාවක් නොමැති බවද විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය. 
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නිසි තොරතුරු ජනතාවට ලබා නොදුන් බවට රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට චෝදනා කළේය. 
ෆොන්සේකා නිදහස් කරවාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා මීට පෙරාතුව ජනාධිපතිවරයා විසින් කිසිදු කොන්දේසියක් නොදැමූ බව ප්‍රකාශ කළ වග සිහිපත් කළ වික්‍රමසිංහ මහතා,ඉල්ලූ දේ ලැබුණු බවත්,එසේ ලැබුණාට ජනාධිපතිවරයාට ස්තූති කළ බවත් සිහිපත් කළේය. 
දැන් මේ ලැබී ඇති කොන්දේසි සහිත,එසේත් නැතිනම් සීමා සහිත නිදහස ගැන සිතන විට ටිරාන් විසින් ඉල්ලා ඇත්තේ මේ ආකාරයේ නිදහසක්දැයි ප්‍රශ්නයක් පැනනඟින බව ඔහු පෙන්වාදෙන්නේය. 
එසේ නොමැතිනම් තමන් ඉල්ලුවේ මෙවැනි නිදහසක් නොවන නමුත් ලැබුණේ මෙවැනි නිදහසක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කරුණු පැහැදිලි කළ යුතුව ඇති බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 
සරත් ෆොන්සේකා මහතාට නිදහසක් හිමිව නැති බවත්,සිදුව ඇත්තේ ඉදිරියට ඇති සිරදඬුවම් කාලය ඉවත් කිරීම පමණක් බවත්ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
Read More »

එක්‌සත් ජාතික පක්‍ෂයේ වැඩි මන්ත්‍රීවරුන් පිsරිසක්‌ සරත් ෆොන්සේකා මහතා සමග එක්‌වී සේවය කිරීමට කැමැත්ත පළකර ඇතැයි සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය  ඊයේ (24 දා) ප්‍රකාශ කළාය.
මෙම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මේ පිළිබඳව මෙතෙක්‌ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර නැතැයි කී අනෝමා ෆොන්සේකා මහත්මිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුට සමීප මන්ත්‍රීවරුන් සිය අදහස්‌ මෙතෙක්‌ ඉදිරිපත් කර නැතැයි ද කීවාය.
සරත් ෆොන්සේකා මහතා මේ දිනවල සිදුකරගෙන යනු ලබන ආගමික වතාවත් අවසන් කිරීමෙන් පසු දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඇය කිවාය.
මේ දිනවල සරත් ෆොන්සේකා මහතා මහා සංඝරත්නයේ අදහස්‌ ලබා ගන්නා බව ද සඳහන් කළාය.
Read More »


මෙරට දේශපාලන සිරකරුවන් නොමැති බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් නැමැත්තා කුමන ගනයේ සිරකරුවෙක්දැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න
කළේය.
ඒහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
Read More »

ශ්‍රී ලංකාවට ඇති අපරාධ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන අන්තර්ජාතික පරීක්ෂණයට රජයට සහය දෙන්නැයි සරත් ෆොන්සේකා පවසන්නේ, කාගේ උවමනාවටදැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කරයි.
 
එම පෙරමුණේ සභාපති අමාත්‍ය විමල් විරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ, පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

’’ෆොන්සේකා මහත්තයා කියනවා. බොහොම නිර්භීතව මම සූදානම් ඒ ගැන ඕනෑම පරීක්ෂණයකට ගිහිල්ලා මුහුණ දෙන්න. ජාත්‍යන්තර පරික්ෂණයකට රජය සහය දෙන්න ඕනි කියලා. මේ යුද අපරාධ ගැන චෝදනා ගැන ඇත්ත කතාව අවසන් දින කිහිපයේ මං ලංකාවේ හිටියේ නෑ. මං හිටියේ චීනේ ඒ නිසා ඒ කාලේ තුළ වෙච්ච දේවල් ගැන අවසාන වගකීම මට ගන්න බැහැ. එතුමා එළියට ආපු ගමන් ඇයි මේ අන්තර්ජාතික යුද අපරාධ චෝදනා ගැන අන්තර්ජාතික පරීක්ෂණයකට සහය දෙන්න කියන්නේ, ඒ කාගේ කොන්ත්‍රාත්තුවක් ද’’
Read More »

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක මාස තුනක කාලයක් තිස්සේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට (25) යළිත් දිවයිනට පැමිණෙන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය පවසයි.මේ වන විට සුවය ලබමින් සිටින අමාත්‍යවරයා ඉක්මනින්ම සුපුරුදු පරිදි රාජකාරිවල නිරතවන බවද අමාත්‍යංශය පවසයි.
තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ හෙට (25) දහවල් මාධ්‍ය හමුවක් කැඳවා තොරතුරු ඉදිරිපත් කිරීමටද කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපේක්ෂා කරයි.
සිය පුතාගේ පාදයේ ශල්‍යකර්මයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නවාතැන්ගෙන සිටි හෝටලයේ බැල්කනියෙන් ඇදවැටීම නිසා අස්ථි බිඳීමට ලක්ව මාස තුනක් තිස්සේ ප්‍රතිකාර ලබාගත්තේය.
Read More »

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් ගලාබසින කැලණි ගඟෙන් ගොඩ දමනු ලබන වැලි ආශ්‍රිතව කුඩා රන් කැබැලි හමුවීමට පටන් ගැනීම නිසා මේ දිනවල දෙදහසකට අධික ජනතාවක්‌ රන් කැබැලි සෙවීමේ කටයුතුවල නිරතව සිටිති.
ඕවිටිගම වැලි තොටුපොළ ආශ්‍රිතව මැණික්‌ ගැරීමේ නිරතව සිටි පිරිසකට මෙලෙස රන් කැබැලි හමුවී ඇත.
ඒ සමඟම අති විශාල පිරිසක්‌ කුමාරිමුල්ල ප්‍රදේශයට පැමිණ රත්තරන් කැබැලි සෙවීමේ නිරතවීමට පටන් ගෙන තිබේ.
දිනකට රුපියල් තුන්දහසක පමණ රන් කැබැලි හමුවන බව එම කටයුතුවල නිරත පිරිස පවසති. මෙම රන් කැබැලි මතුවීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම දිසාපතිවරයා සහ පරිසර අධිකාරියේ නිලධාරීන් එහි පැමිණ තොරතුරු සොයා බැලූ අතර පරිසරයට හානියක්‌ නොවන ලෙස අදාළ කටයුතුවල නිරත වන ලෙස ඔවුනට උපදෙස්‌ දී තිබේ.




Read More »

තම සැමියා නිදහස් කර ගැනීමේ ක්‍රියාදාමයේදි කිසිදු වැඩක් නොකර කෑකෝ ගැසීම පමණක් කළ පිරිසක් සිටි බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
Read More »

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබීමේ අවස්ථාවට සහභාගී වූ පිරිස අතර බෙදා හැර තිබූ අපූරු පෝස්ටරයක් විය.
එහි වූයේ, ‘සිරකල නොහැකි හඬ – ජෙනරාල් සරත් ෆොන්සේකාගේ හඬ, සජිත් පේ‍්‍රමදාසහේ හඬ, මාධ්‍ය හඬ සිරස’ යනුවෙනි.

Read More »

සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී  සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා  බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය.
තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි.
ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය.
යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය.
‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ.
‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“
යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්‍රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ.
තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.
video
Read More »

ලන්ඩනයේ පදිංචි අප්‍රිකා ජාතික යුවලක් කාසි දමා රෙදි සෝදා ගන්නා මධ්‍යස්ථානයටක ගියහ. මාස දහ අටක් වයසැති ඔවුන්ගේ පුතා ද ඔවුන් සමග ගියේය. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර වශයෙන් කාසියක් දැමූ මව කිලිටි රෙදි මල්ලේ යමක් සොයන්නට වූවාය. ඒ අතර පියා දරුවා ඔසවා යන්ත්‍රයට දැමුවේය. එසේ කළේ විහිළුවටය. යන්ත්‍රය ක්‍රියාත්මක වී කැරකෙන්නට විය. ළමයාද කැරකෙන්නට විය. වම්පියෝ අන්දුන්කුන්දුන් වූහ. යන්ත්‍රය නවත්වන්නට උත්සාහ කළහ. බැරි වූ තැන ආධාර ඉල්ලා කෑ ගැසූහ. ලොන්ඩරි හිමියා සොයා ගියහ. ඔහු අවුත් යන්ත්‍රය නතර කළේය. ළමයා එළියට ගත්තේය. ඒ දරුවාගේ ජීවිතය යන්තම් බේරුනේය.

Read More »

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ පස්වරුවේ සිය නිවස පැමිණියේය.
ප්‍රජාතන්ත්‍රවදී ජාතික සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, විශ්‍රාමික අගවිනිසුරු සරත් එන් සිල්වා, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්‍ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු ද එහි පැමිණ සිටියහ.

පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිටපු හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

’’තවම මම හරියට දන්නනෙ නැහැ. මට මොන ආකාරයේ නිදහසක් ලැබිල තියෙන්නේ කියලා දේශපාලනය ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යා හැකි නිදහස මට  දුන්න ද කියන එක තවම මට ප්‍රශ්නයක් මොන ආකාරයේ බාධා ආවත් ජනතාවට අවශ්‍ය අරමුණු ශක්තිය වෙනුවෙන් ගෙනයන දේශපාලන සටන සුදුසු දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ගෙන යන ව්‍යාපාරය පැකිලීමකින් තොරව ඉෂ්ට කරනවා. මා එක්ක රැඳිල ඉන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. මම රටට කෙළෙහිගුණ සලකනවා. දේශපාලනඥයින්ගේ ගොදුරක් වු ජනතාවට සතුටක් ප්‍රීතියක් වසන්තයක් ඇති කරන්න මගේ ජීවිතේ කැප කරනවා කියලා. මේ අවස්ථාවේදී පුන පුනා ප්‍රකාශ කරන්න කැමතියි’’
Read More »

ජනතා පරමාධිපත්‍යයේ බලය සාධාරණව ජනතාව වෙනුවෙන් පරිහරණය කළ යුතු යැයි ඝාතනයට ලක්වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.
 
ඇය ඒ බව පවසන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

හිරුණිකා  ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යොමු කළ තම ලිපිය ආරම්භ කර ඇත්තේ, 2011 වසරේ ඔක්තෝම්බර් මස 08 වැනි දින තම දින පොතේ තැබූ සටහනක් උපුටා දක්වමිනි.

ඇය පවසන්නේ, එදින ඇගේ දින පොතෙහි - The Day I Lost My Soul - හෙවත් එම දිනය තම ආත්මය අහිමි වූ දිනය ලෙස සටහන් කර ඇති බවයි.

එමෙන්ම පසුගිය මාස 07ට පියෙකු අහිමි වුණ දියණියක ලෙස දුක් වේදනා ගැරහිලි මඩ තර්ජන ගර්ජන ඇතුළු සියලු දේට මුහුණ දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන්ය. 

එම ලිපියේ දැක්වෙන්නේ, එවැනි දෑට තමන් තවමත් මුහුණ දෙන බවත් මෙතෙක් තමන් ජීවිතයේ මුහුණ දුන් දුක්ඛ්‍යදායි කටුකම අත්දැකීම එය බවත්ය.

ජනාධිපති මෙන්ම රටේ අනෙකුත් වගකිව යුතු අංශ අද පරිහරණය කරමින් සිටිනුයේ, ජනතා පරමාධිපත්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම ලිපියෙන් ජනාධිපතිතුමාට පෙන්වා දෙන්නීය.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ ලිපියෙහි මෙසේද සඳහන්ය.

’’ප්‍රවෘත්තිවල මගේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දුටු විට මට මාවම පාලනය කර ගත නොහැකි වුණා. මට බෙරිහන් දී අඩන්න ඕන වුණා. කෑ ගහන්න ඕන වුණා. ඒත් මගේ හඬ පිට වුණේ නැහැ. 80 දශකයේ සිට මගේ පියාගේ දේශපලන ගමන කුමන එකක්  ද කියා කොලොන්නාවේ ජනතාව පමණක් නොව මුළු රටම දන්නා කරුණකි. 79 යු. එන්. පී. ආණ්ඩු රජයන කාලේ ශ්‍රී ලංකා මිනිස්සු ගෙවල්වලින් එළියට එන්න බිය වී සිටි කාලයේ ඒ තර්ජන ගර්ජන මැද බිය නොවී ජනතාව එක්රැස් කර පාරට බස්සා. නිල් කොඩියක් පළවෙනියට කොලොන්නාවට දැම්ම එකම නායකයා මගේ පියායි. මාස 07 ක් තිස්සේ මම හැමදාම කන්නලව්වක් සේ කියා සිටින්නේ, ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට ගෙන එන්න කියායි. දැන් දැන් මේ නඩුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවය හා දුමින්ද සිල්වා ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් අතර කෙරෙන නඩුවක් වී හමාරය’’

හිරුණිකා මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය.

’’මේ ලිපිය කාගේවත් බලපෑමකට උවමානාවකට ලිවූ ලිපියක් නොවන අතර  මගේ සිතේ තිබෙන සියලුම දේ මම මේ ලිපියට එක් කළෙමි. ජනාධිපතිතුමනි, දැන් ඔබේ වාරයයි. ඔබ තීරණය කරන්න මෙය කියවා ඉරා පසෙක තබනවා ද, කෝප ගෙන ක්‍රියාත්මක වෙනවා ද, දෙතුන් පාරක් නොව දහස් වරක් සිතා සාධාරණය ඉෂ්ට කරනවා ද '' 
Read More »

චක්‍රලේඛයක අඩුපාඩු නිසා රජයට අධික වියදමක්
වසරකට රු. ලක්‍ෂ 6ක් පමණ දීමනා ලබන නිලධාරීහු විසිදහසක්
ක්ෂේත්‍ර රාජකාරියේ නොයෙදෙන රජයේ විධායක නිලධාරීන් දහස් ගණනක් ප්‍රවාහන සහ ඉන්ධන දීමනාව ලබා ගැනීම නිසා රජයට අති විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුවී ඇති බව රජයේ විගණන අංශ පෙන්වා දෙයි.
රජයේ විධායක නිලධාරීන්ගේ වැටුපට ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් තිස් දහසක් සහ ඉන්ධන දීමනා ලෙස දහ අට දහසක් වශයෙන් රුපියල් හතළිස් අටදහසක් එකතු වෙයි.
ඒ අනුව වසරකට එක් නිලධාරියකුට රුපියල් පන් ලක්‍ෂ හැත්තෑදහසක් ගෙවනු ලබයි. රාජ්‍ය ආයතනවල මෙම දීමනාව ලබන නිලධාරීන් විසිදහසක් පමණ සිටිති.
ඒ අතරින් වැඩි පිරිසක් ක්ෂේත්‍ර රාජකාරියේ නොයෙදෙන අය බවද හඳුනාගෙන තිබේ. ඇතැම් පිරිස් දිනපතා නිවසේ සිට රාජකාරියට යාමට ඒමට පමණක් සීමා වූ අය වෙති. නිල නිවාසයේ සිට රාජකාරි ස්ථානයට පයින් ඇවිදගෙන යන නිලධාරීන් ද ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් කියති. එම දීමනාව ලබන ඇතැම් නිලධාරීන්  ආයතනය සතු නිල වාහන, තීරු බදු රහිත වාහන ලබා ගැනීමේ බලපත්‍ර පමණක් නොව ආයතනය හෝ දෙපාර්තමේන්තුව සතු සංචිත වාහන ද ලබා ගන්නා බව හෙළි වී තිබේ.
එම ආයතන සහ දෙපාර්තමේන්තුවල සංචිත වාහන පදවන රියැදුරන්ගේ සංගමය පවසන්නේ බොහෝ නිලධාරීන්ට ලබා දී ඇති නිල වාහනයේ කාර්මික දෝෂයක් බව පවසා සති අන්තයේදී සංචිතයෙන් සුඛෝපභෝගී වෑන් රථ ලබාගෙන නෑ හිතමිතුරන් සමඟ විනෝද ගමන්වල යෙදෙන බවයි. (1999/6) චක්‍රලේඛයෙන් රජයේ විධායක නිලධාරීන් සඳහා ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව ලබා දිය යුතු බව සඳහන් වෙයි. එහෙත් එම දීීමනාව ලැබිය යුතු නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි මට්ටම් සහ දුර ප්‍රමාණය එම චක්‍රලේඛයේ සඳහන් කර නොමැත
මේ නිසා 99/6 චක්‍රලේඛයේ සියලු අඩුපාඩු සංශෝධනය කර මෙම නිශ්ඵල වියදම් නවත්වා ගැනීමෙන් රජයට විශාල ආදායමක් ඉතිරි කර ගත හැකි බව ද විගණන අංශ පෙන්වා දෙයි.
Read More »

අවුරුදු දහයක්‌ සිරගත කර එල්ලූවත් හිතේ ඇති ධෛර්යය අඩුවන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (21 දා) නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයේ දොරටුවෙන් පිටතට ආ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය. සිරකරුවන් පිටවන දොරටුවෙන් පිටතට පැමිණි සරත් ෆොන්සේකා මහතා මෝටර් රථයක නැගී එහි රැස්‌ව සිටි විශාල ජනතාව අමතමින් මෙසේ ද කීය. ජනතාව මා වෙනුවෙන් වගුරපු කඳුළු, හෙළු සුසුම් මම හොඳින් දන්නවා. මට ඒවා  අමතක නැහැ. ආර්ථික ප්‍රශ්නවලින් ජනතාව පෙළෙන බව මම දන්නවා. මම ජනතාව වෙනුවෙන් ඉදිරියෙදිත් කටයුතු කරනවා. මෙතැන මාව තව අවුරුදු දහයක්‌ හිරකරලා හිටියත්, මාව එල්ලුවත් මගේ ධෛර්යය නැති වෙන්නේ නැහැ.
මේ රට යහපත් රටක්‌ බවට පත්කරන්න, ජනතාවට සැප සතුට ලබා දෙන්න මගේ ඉදිරි ජීවිතය කැපකරනවා.
මගේ කැපවීම කිසිම කෙනෙකුට නතර කරන්න බැහැ. ජනතාව වෙනුවෙන් මම දිවි හිමියෙන් ඉදිරියෙදිත් කටයුතු කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ස්‌ථාපිත කිරීම සඳහා මම යළිත් ජනතාව අතරට පැමිණෙනවා. රට මුදාගත් රණවිරුවන්ට වගේම මගේ රටේ ජනතාවටත් මම ණය ගැතියි. ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය ඉදිරියේදී කැප කරන්න මම සූදානම්.
Read More »

සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් කටයුතු කළේ,  කිසිදු ගෞරවයක් අපේක්ෂාවෙන් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි
Read More »

ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරග පාවාදීම හෙළිවෙයි
මුම්බායිහිදී අත්අඩංගුවටපත් ඔට්ටුකරුවෝ පවසති
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් මුදලට පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට ඉන්දියානු රුපියල් කෝටි 10ක මුදලක් ගෙවූ බව පසුගියදා මුම්බායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ ඔට්ටුකරුවෙකු පවසා තිබේ.
පසුගිය සති අන්තයේදී ඉන්දියානු ‍පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මුම්බායි හිදී ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානයකට කඩා වැදුණු අතර, එහිදී දේවේන්ද්‍ර කොතාරි සහ යෝගේන්ද්‍ර ජලන් නමැති ඔට්ටුකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය. දූෂණ මර්දන ඒකකයට ලැබුණු ඔත්තුවක් අනුව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයාට අමතරව ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකුටද තරග පාවාදීමට මුදල් ගෙවූ බව සැකකරුවන් පවසා තිබේ.
මෙවර තරගාවලියේදී මේවන විට තරග පාවාදීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500ක් වැය කර ඇති බව සැකකරුවන් හෙළිකර ඇති අතර, සියලුම තරග පැවැත්වෙන ස්ථාන ආශ්‍රිතව තම නියෝජිතයන් සිටින බවද අනාවරණය කර තිබේ.
මෙම මෙහෙයුමේදී ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානයේ තිබි ලැප්ටොප් පරිගණක දෙකක්, පටිගත කිරීමේ යන්ත්‍ර කිහිපයක්, පරිගණක, ජංගම දුරකතන 25ක් සහ ලක්ෂ ගණනක මුදල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට නොගැනීමටද රුපියල් කෝටියක පමණ අල්ලසක් ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති බවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියකු පවසා ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමන්ට කර නැති බවයි.
“මේ වගේ දෙයක් වෙලා තියෙනව නම් ඉන්දියාවෙන් අපිට දැන්විය යුතුයි. එවිට කරන්නේ මොනවද කියලා තීරණයක් ගත හැකියි. තාමත් එහෙම කිසිම දෙයක් දන්වලා නැහැ.” යැයි පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන ඉන්දීය දූෂණ මර්දන ඒකකයේ ඉහළම නිලධාරියකු පවසා ඇත්තේ මෙම සිදුවීම ඔප්පු වුවහොත් එය ලොව ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරග පාවාදීමේ සිදුවීම ලෙස සැලකිය හැකි බවයි.
Read More »

2012 වසරේ ලන්ඩන් හි පැවැත්වෙන ඔලිම්පික්‌ ක්‍රීඩා තරග සජීවී ලෙස විකාශනය කිරීම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවට හැර වෙනත් කිසිදු තැනැත්තකුට ප්‍රදානය කිරීම තහනම් කරමින් කොළඹ වානිජ මහාධිකරණය ආසියා පැසිපික්‌ බ්‍රොaඩ්කාස්‌ටින් යුනියන් සමාගමට ඊයේ වාරණ නියෝගයක්‌ නිකුත් කළේය.
එම නියෝගය ලබන 31 දා තෙක්‌ දැනට බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව විසින් ගෙනුකර තිබූ පෙත්සමක ඇතුළත් කරුණු හා එම සංස්‌ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වාචිකව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් එම නියෝගය නිකුත් කරන ලදී.
ආසියා පැසිපික්‌ බ්‍රොaඩ්කාස්‌ටින් යුනියන් සමාගමේ මහා ලේකම් ආචාර්ය ජවාඩ් මොටානි සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජෝන් බාර්ටන් යන මහත්වරුන්ද එම නියෝගයට යටත් කර ඇත. ජෝන් බාර්ටන් කලින් එම්.ටී.වී. ආයතනයේ සේවය කළ අයෙක්‌.
ලන්ඩන් ඔලිම්පික්‌ තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනියට ලබාගැනීම සඳහා ඉහත කී ඒසියන් පැසිපික්‌ සමාගම සමග 2011 දෙසැම්බර් 06 දා ගිවිසුමකට එළඹුණ බවත් එමගින් විකාශන අයිතිය පූර්ණ වශයෙන් රූපවාහිනි සංස්‌ථාවට ලබාදුන් බවත් ඒ අවස්‌ථාවේදී විකාශන අයිතිය ලබාගැනීමට වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක්‌ ඉදිරිපත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ගිවිසුම් ප්‍රකාරව බලපත්‍ර ගාස්‌තුව වශයෙන් ඇමරිකන් ඩොලර් 35,000 ක මුදලක්‌ද ගෙවා විකාශන අයිතිවාසිකම් ලබාගැනීමෙන් අනතුරුව තවත් තරගකාරී විකාශන සමාගම් 02 ක්‌ වන "කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌" හා එම්.ටී.වී. සමාගම ඔවුන්ගේ රූපවාහිනි නාලිකා හරහා ඔලිම්පික්‌ ක්‍රීඩා තරග විකාශනය කිරීමට කැමැත්තක්‌ දක්‌වන අතර ආසියා පැසිපික්‌ යුනියන් ආයතන මාධ්‍ය නිලධාරීන් එම ආයතන දෙකටත් ක්‍රීඩා විකාශනය කිරීමට අවස්‌ථාව සලස්‌වා දීමට සූදානම් වන බව රූපවාහිනියේ නිලධාරීන්ට දැනගන්නට ලැබුණ බවත් වෙනත් තැනැත්තකුටද මෙම කාර්ය පවරනු ලැබුවහොත් රූපවාහිනියට විශාල පාඩුවක්‌ වන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ලන්ඩන් ඔල්ම්පික්‌ ක්‍රීඩා තරග ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ විකාශය කිරීමට යොදා ගත හැකි රට පුරාම ජනතාව නරඹන විද්යුත් මාධ්‍ය ආයතනය රජයට අයත් ශ්‍රී ලංකා රූපවාහිනිය බවත් මීට පෙර අවස්‌ථා කීපයකදී විවිධ තරග විකාශනය කර ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Read More »

ලිපි ලේඛනවලට ජනපති හෙට අත්සන් තබයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හෙටට (19 දා) යෙදෙන යුද විජයග්‍රහණ සැමරුම් දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නිදහස ලබාදීමට නියමිතය.

නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපතිවරයා එදිනම (19 දා) අත්සන් කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පෙරේදා (16 දා) රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ඇමැතිවරුන් සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී මේ පිළිබඳව අදහස්‌ පළකර තිබේ.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම පිළිබඳව පෙරේදා (16 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමේ එක්‌ අවස්‌ථාවකදී අනෝමා ෆොන්සේකා මහත්මියද ඊට එක්‌වී ඇත. මෙම සාකච්ඡාවේදී නිදහස ලබාගැනීම හෝ නිදහස ලබාදීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් කොන්දේසි ඉදිරිපත් වී නැතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


Read More »

මා කීවේ ඛනිජ සම්පත් රජය සතු කර ගත යුතු

බව මිස පුරාවස්තු විනාශ කළ යුතු බව නොවේ


සර්පයෙක් අල්ලාගත යුත්තේ බෙල්ලෙන් මිස වලිගයෙන් නොවේ. වලිගයෙන් ඇල්ලුවොත් වෙන්නේ විනාශයක්. අන්න ඒ වගේ පුරාවස්තු හා නිධාන පිළිබඳ මා කළ ප්‍රකාශයක් වලිගයෙන් අල්ලාගෙන අද ඇතැම් මාධ්‍ය ක්‍රියාකරන බව පෙනී යනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවසූහ.
වැරදි ලෙස අවබෝධ කරගැනීම හා නිවැරදි අවබෝධයක් ගැනීමට නොහැකිවීම සියල්ලට මුලයැයි ද උන්වහන්සේ පවසති. එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේද පැවැසූහ.
පුරාණයේ යම් රජෙක්, ඇමැතියෙක්, පුරෝහිතයෙක් හෝ වැද්දෙක් හෝ කළ නිර්මාණයක් තිබේනම් එය පුරාවස්තුවක් ලෙස සැලකෙනවා. අනුරාධපුර, ‍පොළොන්නරුව, සාංචිය, කුසිනාරා හා ඉන්දුනිම්න, ග්‍රීක, මිනෝවති ආදී ශිෂ්ටාචාරවලින් දක්නට ලැබෙන්නේ ඒ පුරාවස්තුයි. අවුරුදු සියයකට පෙර කළ නිර්මාණයක් වේ නම් එය පුරාවස්තුවක්.
“නිධානයක් කියන්නේ කිසියම් නිර්මාණයකින් තොරව ‍පොළොව යට ඇති ධනයකටයි. ‍පොළොව යට ඇති රන්, රිදී, මුතු මැණික් මිනිරන් ලෝහ තෙල් ආදිය නිධාන ලෙස සැලකෙනවා. දැන් ‍පොළව යටින් නිර්මාණයක් නොකළ රන්පත් ඉරු මැණික් ආදිය හමුවුණොත් එය නිධානයක් ලෙස සලකනවා. එසේම රනින් කළ මුදුවක් හමුවුණොත් එය අවුරුදු සියයට වඩා පැරිණි නම් එය පුරාවස්තුවක් ලෙස නම් කළ හැකියි.
මම ප්‍රකාශ කළේ ‍පොළව යට ඇති ඛනිජ සම්පත් කැණීම් කර ඒවා රජය ගෙන මහජනයාගේ යහපතට යෙදවිය යුතුයි කියා මිස පුරාවස්තු විනාශ කළ යුතුයි කියා නොවේ. පුරාවිද්‍යා ස්ථාන කැණිම් කිරීම් විද්‍යානුකූලව හා ශාස්ත්‍රාණුකූලව කළ යුත්තක්.
පුරා විද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කිරීම රජයේ වගකීමක් වගේම ‍පොළොව යට ඇති ඛනිජ සම්පත් ගොඩගෙන ජාතියේ යහපතට යෙදවීමත් රජයේ වගකීමක්. රජය යනු මහජනතාවයි. දැන් අපි ඉන්න රත්නපුර ප්‍රදේශයේ මැණික් ගෙඩි ‍පොළව යට  තිබෙනවා. ඒවා බලපත්‍ර සහිතව ගොඩගැනීම වරදක් නොවේ. දැන් පස් කැපීමක් කළ යුත්තේ බලපත්‍ර ඇතිවනේ.
කෞතුකාගාර යනු ජාතික සම්පතක්. ඒ ජාතික සම්පත ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටයි. රජය යනු ජනතාව නම් ජනතාව සතුදේ ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. ඒ නිසා තමයි කෞතුකාගාර අයිති රජයට කියා මම කිව්වේ. කෞතුකාගාර ආරක්ෂාකිරීම රජයේ වගකීමක් කිව්වා. ඒවා විකුණාගෙන කෑම රජයේ වගකීමක් කියා මම ප්‍රකාශකර නෑ”
එහෙත් අද ඇතැම් මාධ්‍ය වැරදි අවබෝධ කරගැනීම් නිසා සියල්ල පටලවාගෙන ක්‍රියාකරන බව පෙනෙනවා. එය හරියට සර්පයාගේ බෙල්ලෙන් අල්ලා නොගෙන වලිගෙන අල්ලා ගත්තා වගෙයි.
video

Read More »

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත කොන්දේසි විරහිතව ඉක්මනින් නිදහස ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. 
ඊයේ(16) රාත්‍රියේ තමන් ජනාධිපතිවරයා හමුවූ බවත්, සරත් ෆොන්සේකා මහතා වෙත හැකි ඉක්මනින් නිදහස ලබාදෙන බවට ඔහු එහිදී සහතික වූ බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළ බව ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරයි. 
මේ සම්බන්ධව ජනාධිපති කාර්යාලය අදහස් දැක්වීමක් සිදුකර නොමැති බව ද එම පුවත් සේවය සඳහන් කරයි. 
කෙසේවෙතත් දින කිහිපයක් ඇතුළත සරත් ෆොන්සේකා මහතාට කොන්දේසි විරහිතව නිදහස ලබාදෙන බවට ඊයේ(16) නිල වශයෙන් තහවුරු කර තිබූ බව ද ඒ.එෆ්.පී වාර්තා කරයි. 
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ(16) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.


Read More »

නිදහස හිමිවුවහොත් සරත් ෆොන්සේකා යළි දේශපාලනයට පැමිණෙයි ද?
 එකී පැනයට  අනෝමා ෆෝනසේකා මෙලෙස පිළිතුරු ලබාදුන්නාය
’’මං හිතන්නේ, මට 100%ක් මේකට වචනයක් කියන්න බෑ. එතුමා කවදාවත් රට ජාතිය ගලවා ගැනීමට උරදුන්න කෙනෙක් ඉතින් ඉදිරියටත් ඒ පියවර ගනියි කියන අදහස මගේ තියෙනවා. හැබැයි එකේ වචනය කෙලින්ම ගන්න ඕනේ මගෙන් නෙවෙයි. ජෙනරාල්තුමාගෙන් ’’

විශ්‍රාමික අගවිනිසුරු සරත් එන්. සිල්වා

 ’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ කිසියම් තැනැත්තෙක් අධිකරණයක් විසින් හය මාසයකට අධික වු දඩුවමක් පමුණුවනු ලැබුවේ නම් ඒ දඬුවම ලබන වරදට දඬුවම් සීමාවක් වශයෙන් අවුරුදු 2කට ඉක්මවන කාලයක් තිබෙනවා. නම් එතකොට ඒ හය මාසයකට දඬුවමක් ලබීම හේතුවෙන් ඒ තැනැත්තා ඒ දඩුවමකට අමතරව තව නුදුසුදුකමකට යටත් වෙනවා නම් ඔහු ඡන්ද දායකයෙක් බවට පත් වීමේ නුසුදුස්සෙක් බවට පත් වෙනවා. ඡන්ද දායකයෙක් වීමේ නුසුදුස්සෙක් වීමේ තවත් ඵල විපාලයක් තමයි ජනාධිපති මැතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරනටයකට හෝ වෙන කිසියම් මැතිවරණයකට  ඉදිරිපත් වීමකට හැකියාවක් නැහැ. ඒ දඬුවම ලැබි අවුරුදු 7ක් ගතවෙන තුරු ඒ නුසුදුකම සම්බන්ධයෙන් සමාවක් දීමට ජනාධිපතිට විශේෂ බලයක් තියෙනවා. මේ 34 වෙනි වගන්තියේ ව්‍යවස්ථාව යටතේම එතකොට ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් විශේෂ සමාවකත් දියයුතුයි. තවත් එකක් තියෙනවා. ඒ සමාව දිමේදී අර තිබෙන නුසුදුසුකමට යටත්ව තිබෙන කාලසීමාව ඒ කියන්නේ, අවුරුදු 7ක කාලසීමාව අඩුකිරීමටත් ජනාධිපතිතුමාට බලයක් තියෙනවා ’’
Read More »

ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.
එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ
මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.
ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.
නමුත් ඔහු විසින් අනතුරු අඟවා තිබුනේ විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත්විය යුතු බවයි.>2007 වසරේ පැවැති සිරස කුමරිය තරගයේ “ඡවි කල්‍යාණිය” කොටසේ දෙවැනි ස්ථානය හිමිවු ඇය ස්වර්ණවාහිනි නාලිකාවේ “රසලිය” වැඩසටහන මම වසර 2 ක් පුරා නොකඩවා ඉදිරිපත් කර තිබුණා




Read More »

මහ බැංකුව මගින් නිකුත් කෙරෙන රන් පැහැති රුපියල් 5 කාසිය දියකොට දම්වැල් සාදා විකිණීමේ ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක වේ. බස් නැවතුම්පොළ, පදික වේදිකාවල, දුම්රියපොළවල් හා වෙනත් ජනාකීර්ණ ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක වේ.
පල්ලෙකැලේ ස්ථානයක මෙය නිෂ්පාදනය කෙරෙන බවට ඒවා අලෙවි කරන පුද්ගලයෝ ප්‍රචාරයක් ද ගෙන යති. රටේ මාරු කාසි හිඟයක් පවතින අවස්ථාවක මෙවැනි දේ සිදුකිරීම සාධාරණ දැයි පාරිභෝගිකයෝ ප්‍රශ්න කරති.
රටේ නීතියට පටහැනි මෙවැනි දේ කිරීම ගැන මහා භාණ්ඩාගාරය සොයා බැලිය යුතු බව ද පෙන්වා දෙති.
රුපියල් 5 කාසි එකකින් චේන් පොටක් සාදා එය රුපියල් 100/- බැගින් අලෙවි කරන අතර මහජනතාව ද එය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව කරන ලද පරීක්‍ෂණවලින් සොයාගෙන ඇත. දිවයිනේ නන් දෙස මෙය ක්‍රියාත්මක වන අතර එමඟින් ඒවා අලෙවි කරන්නන් විශාල ආදායමක් උපයන බව ද සොයාගෙන ඇත.
Read More »

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැඩිම මුදලක්‌ හිමිවනු ලබන 'ඒ' ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉදිරි වසර සඳහා අත්සන් තැබෙන අදාළ කොන්ත්‍රාතුවේදී ශ්‍රේණි දෙකක්‌ යටතේ (ජාතික සහ පළාත් වශයෙන්) ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී සිටින අතර එහිදී ජාතික කාණ්‌ඩය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු කාණ්‌ඩ 6 ක්‌ යටතේ කාණ්‌ඩ ගත කර තිබේ. 
ඇමරිකානු ඩොලර් 127,000 ක්‌ හෙවත් දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 13.9 ක්‌ හිමිවන අදාළ 'ඒ' කාණ්‌ඩයට ලසිත් මාලිංග සමගින් වත්මන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර සහ තිලාන් සමරවීර ටී.එම්. ඩිල්ෂාන් ඇතුළත් වී සිටියි.
'ඒ' කාණ්‌ඩයට අදාළ සියලූම ගෙවීම් සිදුකෙරෙනුයේ ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20/20 යන අංශ 3 ම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට වන අතර මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40% ක මුදලක්‌ පමණි. මේ සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවූ මාලිංග ශ්‍රී ලංකා ක්‍රීකට්‌ ආයතනය සමග කිසිදු කොන්ත්‍රාත්තුවක්‌ නොමැති වීම මත තමා දැන් නිදහස්‌ ක්‍රීඩකයකු වන බව ඉකුත්දා ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌ සඳහන් කර සිටියේ, අදාළ 100% ක මුදලම මාලිංගට හිමිවීමට නම් ඔහු අංශ තුනම නියෝජනය කළ යුතු වන බවත්, ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඊට වැඩි මුදලක්‌ ඔහුට ලබාදීමේදී අංශ තුනම නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට එමගින් දැඩි අසාධාරණයක්‌ සිද්ධවන බවයි.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 82,000 ක්‌ හිමිවන (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9 ක්‌ පමණ) හිමිවන 'බී' කාණ්‌ඩයට උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත් සහ උපුල් තරංග ඇතුළත්ව සිටිති.
ඇමරිකානු ඩොලර් 66,150 ක්‌ හිමිවන(දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 7.2) තෙවැනි කාණ්‌ඩය සඳහා ඇතුළත්ව සිටින්නේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පමණි.
සිව්වැනි කාණ්‌ඩයට තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටින අතර ඔවුන් අත්සන් තැබෙනුයේ ඇමරිකානු ඩොලර් 49,750 ක්‌ (දල වශයෙන් ශ්‍රී ලංකා මුදලින් මිලියන 54.4) වැනි මුදලකටය.
අදාළ කොන්ත්‍රාත් ගත කිරීමේදී පස්‌වැනි දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර සහ තිසර පෙරේරාද, හයවැනි කාණ්‌ඩයට චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල් සහ ළහිරු තිsරිමාන්න ඇතුළත් වී සිටියි.
මෙවර අන්තර් සමාජ තරගාවලියේදී ලකුණු 1000 සීමාව ඉක්‌මවා යැමට සමත්වූ චාමර සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශ තුනම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් අයත්ව සිටින්නේ පළාත් කාණ්‌ඩයට වන අතර ඔහුට වඩා අඩු දස්‌කම් දැක්‌ වූ චාමර කපුගෙදර(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 2.4 ක්‌ හිමිවන හයවැනි කාණ්‌ඩය) සහ දිල්හාර ප්‍රනාන්දු(ඇ. ඩොලර් 3.6 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 3.6 ක්‌ හිමිවන පස්‌වැනි කාණ්‌ඩය) ඉහළ කාණ්‌ඩ වලට ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ.
මීට අමතරව පළාත් ශ්‍රේණියේ කාණ්‌ඩ 4 ක්‌ යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකු කාණ්‌ඩගත කර තිබෙන අතර ඔවුන් බහුතරයක්‌ ශ්‍රී ලංකා 'ඒ' සහ සංවර්ධිත සංචිතවල පසුවන ක්‍රීඩකයන් වේ. 
ඉකුත් වසරේදී අදාළ කොන්ත්‍රාත්ගත කිරීමට ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවත්, මෙවර එය 60 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගැනීමද විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක. 

ජාතික ශ්‍රේණිය
පළමු කාණ්‌ඩය(ඇ. ඩොලර් 127,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 13.9) - මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලාන් සමරවීර, ලසිත් මාලිංග ,  ටී.එම්. ඩිල්ෂාන් .
දෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 82,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9) - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත්, උපුල් තරංග.
තෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 66,150 හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 7.2 ක්‌) - ප්‍රසන්න ජයවර්ධන
සිව්වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 49,750 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 5.4 ක්‌) - තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්.
පස්‌වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 33,075 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 3.6 ක්‌) - දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, තිසර පෙරේරා.
හයවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන2.4 ක්‌) - චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල, ළහිරු තිරිමාන්න.

පළාත් ශ්‍රේණිය
'ඒ' කාණ්‌ඩය - චාමර සිල්වා, තිළිණ කණ්‌ඩම්බි, ධම්මික ප්‍රසාද්, දිමුත් කරුණාරත්න, µර්වීස්‌ මහරූෆ්, ජීවන් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, සචිත්‍ර සේනානායක, ශමින්ද එරංග.
'බී' කාණ්‌ඩය - දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න, කෝසල කුලසේකර, කුසල් පෙරේරා, මාලිංග බණ්‌ඩාර, නදීර නාවෙල, මිලින්ද සිරිවර්ධන, නිලංග ප්‍රේමරත්න, රොෂේන් සිල්වා, සචිත්‍ර සේරසිංහ, සජීව වීරකෝන්, සික්‌කුගේ ප්‍රසන්න, තරංග ලක්‌ෂිත, මලින්ද වර්ණපුර, නුවන් ප්‍රදීප්.
'සී' කාණ්‌ඩය - ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, කෞෂාල් ලොකුආරච්චි, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, ටී. එන්. සම්පත්.
'ඩී' කාණ්‌ඩය - අශාන් ප්‍රියන්ජන්, අෂේන් සිල්වා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල, යොහාන් ද සිල්වා, කිත්රුවන් විතානගේ, සොහාන් බොරලැස්‌ස, උදාර ජයසුන්දර.
Read More »

මා හැමදාම පිරිත් අසා නින්දට යන්නේ. එවිට නින්දේදී මැරුණොත් සුරංගනාවියන් එක්ක මල් කඩන්න වේවි. දැන්ම නිවන් දකින්න බැහැ. ජොලියක් දාන්න බැරි නිසා දිව්‍යලෝකේ ගිහිල්ලා සුරංගනාවියන් එක්ක මල්කඩා කරට උඩින් අතදාගෙන ගිහිල්ලා තමයි මැරෙන්න ඕනෑ. යාළුවන් නිසා එක සිල් පදයක් කැඩෙනවා. රතු වයින් ටිකක් බොනවා. දිව්‍යලෝක පෝලිමේදී ලෝ දිය ටිකකුත් කටේ හලාවි.” ඇමැති මර්වින් සිල්වා මහතා එසේ කීවේ වීර කැප්පෙටිපොළ පිළිරුව පලාගලදී විවෘත කරමිනි.
එදා කැප්පෙටිපොළ සමග තමාද සිටින්නට ඇතැයි කී ඔහු කැප්පෙටිපොළ තුමා අල්ලා ගැනීමට ඔත්තු දුන් වෙලාවේ තමා එතැන සිටියා නම් රෙදි වෙළෙන්දාගේ රෙද්ද ගලවා ගහක එල්ලන බවද කීවේය.
Read More »

අතුල අධිකාරිගේ හා නිරුපන ශිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ මෙයට පෙර කථා බහට ලක් වුනා.

මෙම සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශකොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.

ඒ පිළිබඳව අමායා පවසන්නේ මෙවැනි දෙයක්. 


අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි.

ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව්, මම අතුල අධිකාරිගේ බිරිඳ. අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල් භාගයේදී.

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ ?
අනේ. මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ. ඒ මොකද කියලා නම් මගෙන් අහන් එපා.

ඔයා කටකතා වලට බය ද ?
අනේ නැහැ, මගෙයි අතුල අයියගෙයි සම්බන්ධයට හුගක් කටකතා හැදුනා. අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුනේ.

මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නේ ?
ඔව්, මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුනු බව.

අමායා සහ අතුල ආදරයට වසර 4ක් වන අතර අමායා පසුගිය කාලයේ තම නමට "අමායා අධිකාරි" වශයෙන් වාසගමද එක්‌ කරගෙන තිබුනා.
එසේම මේ සියලු කටකතා අතුල ගණන් නොගත් අතර ඒවාට පිළිතුරු වශයෙන් ඔවුන් 2010 අවුරුද්දේ මුල් භාගයේදී විවාහ වී තිබෙනවා. ඔවුන් එය එතරම් ප්‍රචලිත නොකෙරු හෙයින්ම මාධ්‍ය සිතුවේ ඔවුන් හැංගි හොරා ආදරය කරන බවයි.
එහෙත් සතුටින් දිවි ගෙවන ඔවුන් දෙපලගේ විවාහ දිවියේ නවතම ආරංචිය නම් ළඟදීම මේ වසර අග භාගයේදී ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තෙක් පැමිණෙන බවයි.











Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us