අක්කයි නංගියි එකතුවෙලා කරපු වැඩේ මාට්ටු

නීතිවිරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් 2,445,000 මුදලක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර කටුගස්තොට මඩවල මාර්ගයේ එම එජන්සි ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර එහි බලපත්‍රය 2020.03.31 දින අවලංගු වී ඇතත් එය යාවත්කාලීන කර නොමැත බවට අනාවරණය වී ඇත. 

එම බලපත්‍රලාභිනිය තම බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් තම එකකුස උපන් නැගණියට පවරා දෙදනාම එකතුවී එම ජාවාරම කරගෙන ගොස් ඇති බවට වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා කාන්තාවන් දොලොස් දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යවා ඇති බවට අනාවරණය වී තිබේ.

රැකියා නොලැබීම හේතුවෙන් ආපසු පැමිණි ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. 

එසේම ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී බාල සොයුරිය විසින් තවත් කාන්තාවකගෙන් රුපියල් 615,000 මුදලක් ලබාගෙන ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ඒ සම්බන්ධව පැමිණිලි 13ක් ලැබී ඇති අතර, ඉන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මාතලේ පොලීසියේ ද සහය ඇතිව අදාළ කාන්තාවන් දෙදෙනා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාර කාන්තාවන් දෙදෙනා මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රුපියල් ලක්ෂය බැගින් වූ  මුදල් ඇප දෙකක් මත මුදා හරින ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්