30 C
Colombo
Friday, September 17, 2021

අගමැතිගෙන් නිවේදනයක්

ඉතාලියේ සංචාරයකට එක්වෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දකින බවට පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බවයි.

එහෙත්, ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නො කළ අතර, ඒ සඳහා වතිකානයෙන් ද ආරාධනයක් ලැබී නොමැති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එසේම අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් පසු බොලොඤ්ඤා හි සිට දිවයිනට පැමිණෙන බව ද එමඟින් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
14
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
29
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ගුවන් තොටුපොළ ප්‍රහාරය ගැන පැතිරෙන ආරංචිය සම්බන්දව ආරක්ෂක ලේකම් කතා කරයි

ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව...

ශලනි තාරකා තම ප්‍රේක්ෂකයන්ට බුකියේ තැබු සටහන

තමා රංගනයට සමුදී ඇති බවට වැරදි ප්‍රචාරයක් සමාජ ගතවී ඇතැයිද එය නිවැරදි නැතැයිද රංගන...

මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ…

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන්...

එන්නත් නොගත් අයට රතු එළියක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල...

අගමැති අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසියට එක්වේ

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x