31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

අඩුම කාලයකින් එවරස්ට් නැග්ග ගුරුවරිය

එවරස්ට් තරණයෙන් අලුත් වාර්තාවක් පිහිටුවීමට හොංකොං කාන්තාවක් සමත්ව සිටියි. ගුරුවරියක වන ඇය ගේ නම ට්සාං යින් හුංය. පසුගිය 23 වැනි දින ඇය මෙම අලුත් වාර්තාව පිහිටුවා ඇත්තේ කෙටිම කාලයකින් එවරස්ට් කඳු මුදුනට ළඟා වූ කාන්තාව ලෙසිනි. 45 වැනි වියෙහි පසුවන ඇය පැය 25කුත් මිනිත්තු 50ක කාලයක් තුළ මූලික කඳවුරේ සිට එවරස්ට් මුදුන වෙත ළඟා වීමට සමත්ව තිබුණාය. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ නේපාල ජාතික කාන්තාවක වන ෆුන්ජො ජංග්මු ලාමායි. ඇය මේ සඳහා ගත කර තිබූ කාලය පැය 39 ක් සහ මිනිත්තු 6ක් විය. ෆන්ජෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ 2017 වසරේයි.

සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය අමතමින් ට්සාං පවසා තිබුණේ තමාට විශාල සහනයක් සහ සතුටක් දැනෙන බවයි. ‘නමුත් මට අලුත් වාර්තාවක් පිහිටුවීමට අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මටම අභියෝගයක් කිරීමටයි’ ඇය සඳහන් කර තිබේ. පසුගිය මැයි 11 වැනිදාද ඇය එවරස්ට් කන්ද නැගීමට උත්සාහයක් දරා තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇයට එම උත්සාහය අත්හැර දැමීමට සිදුව තිබිණි. එයින් පසු ඇය නැවත දෙවැනි වරටත් උත්සාහයක් දරමින් මූලික කඳවුරෙන් පිටත්ව තිබුණේ මැයි 22 වැනි දින දහවල් 1.20ට පමණය. පසුදා සවස 3.10ට පමණ ඇය කඳු මුදුන වෙත ළඟා වීමට සමත්ව තිබුණාය.

මේ අතර පසුගිය දිනවල තවත් කිහිප දෙනෙකුද එවරස්ට් වාර්තා පිහිටුවීමට සමත්ව තිබීම විශේෂත්වයකි. එවරස්ට් තරණය කළ වියපත්ම ඇමරිකානුවා ලෙස 75 හැවිරිදි ආතර් මුයර් වාර්තාවක් පිහිටු වූ අතර 46 හැවිරිදි ෂැංග් හොංග් ආසියාවෙන් එවරස්ට් තරණය කළ පළමු අන්ධ පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවූයේය. ඔහු චීන ජාතික කඳු නගින්නෙකි.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයේ තෙවන විශාලතම දියමන්තිය සොයා ගනියි

මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට...

ලෝකයේ ළාබාලතම මහාචාර්ය වරයා

ලෝකයේ විවිධ රටවල විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා තියනවා මේ ලෝකයේම අවධානය දිනාගත් දැනුමෙන් ලෝකයම...

උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කෙරේ

ජපානයේ ටෝකියෝ නුවරදී ලබන මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන...

මරණ දඬුවම පැමිණවීමට ගෑස් කුටියක් ඉදිකරයි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය මරණ දඬුවම පැමිණවීම සඳහා ගෑස් කුටියක් ඉදිකිරීම ගැන යුදෙව් ජනතාව දැඩි...

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශයේ 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x