25 C
Colombo
Monday, June 14, 2021
logo

අඩුම තරමින් ඇඳිරි නීතිය පැනවිය යුතුයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

සංචරණ සීමාවන් පනවා තිබුනත් එය නාම මාත්‍රික තත්ත්වයට පත්ව තිබෙන බැවින් ඉදිරි සති අන්තයේදී කොවිඩ් රෝගීන් අඩුවෙනු ඇති බවට විශ්වාස කළත් එය එසේ නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් මේ වන විට නීති විරෝධී මත්පැන් පෙරනු ලබන ස්ථානයන්ද පවත්වාගෙන යනු ලබන සොභාවයක් දිස්වෙන බව පැවසූ සභාපතිවරයා, වහාම දැඩි තීරණ නොගතහොත් දෛනික ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනු ඇති බවයි සඳහන් කළේ.

” සංචරණ සීමා පනවා තිබෙනවා කියා කිව්වට අද වන් විට අත්‍යවශ්‍ය සේවා කියලා අත්‍යාවශ්‍ය සේවා නොවන ආයතනත් ඊට අන්තර්ගත කරලා තිබෙනවා.

රටේ බලධාරින් වගේම මහජනතාවත් දැන ගන්න අවශ්‍යයි මේ සංචරණ සීමා පැනවීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. නමුත් අද වන විට වෙළෙඳසැල් විවෘත කරලා, ප්‍රධාන පාරවල් වල වගේම අතුරු මාර්ගවලත් මහජනතාව නිදැල්ලේ ගමන් කරනවා.

මේ තත්ත්වය උඩ මෙය පාලනය කරන්න අමාරුයි. අවම වශයන් ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේදී පැනවූ ආකාරයෙන් දැඩි සංචරණ සීමා හෝ ඇඳිරි නිතිය පැනවීමක් සිදුකළ යුතු වනවා.

සංචරණ සීමාවන් පැනවීමෙන් පසු විවිධ චක්‍රලේඛ මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන ආයතනවල ධාරිතාව ඉක්මවා සේවකයින්ව සේවය සඳහා කැඳවා තිබෙනවා.

මේ නිසා මෙය පාලනය කළ යුතුයි සංචරණ සීමා මගින් වසංගතය පාලනය කර ගැනීමට නම්.

පවතින අයහපත් කාලගුණය නිසාද කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් තිබෙනවා. නිරෝධායනය කර සිටින පුද්ගලයින්ගේ නිවෙස් වලට ගංවතුර ඇතිවීම නිසා ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීමේ යම් ගැටළු ඇති වෙලා තියෙනවා.

ඒ වගේමයි ජනතාව ඒකරාශිවීම් හරහා ද කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතිනවා” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
11
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල්...

කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස්...

ගිනිගත් නැවේ හෙළි නොවූ රහස්

ගිනිගෙන වැනසුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා ඒවා සෙවීමට රහස්...

තැන තැන පවුල් අතරත් කොවිඩ් පොකුරු මතුවෙයි

හැටන් ප්‍රදේශයේ තැනින් තැන පවුල් වල කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ තත්වයක් මේ වන විට...

මෙරට අංක එකේ පාතාල කෙරුමෙකු සමඟ සබඳතා තිබූ සුරූපී නිරූපන ශිල්පිණියට සියල්ල වමාරන්නට ලැබුණු කාලය

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී පසුගිය 06 වනදා අත්අඩංගුවට...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x