29 C
Colombo
Monday, June 21, 2021
logo

අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහලට එන්න එපා කොවිඩ් ප්‍රතිකාර පමණයි

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතය. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සියයකට අධික සෞඛ්‍ය සේවාවන්වල කාර්ය මණ්ඩල සාමාජිකයෝ 75000ක් පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පැවසීය.

ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති සෞඛ්‍ය වෘත්තිය සමිති කමිටුවේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළ අතර එහි දී ඔහු කියා සිටියේ අද (11 වැනිදා) උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

එබැවින් කොවිඩ් සඳහා ප්‍රතිකාර ගැනීම හැර අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් අද (11 වැනිදා) රෝහල් කරා නොපැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහි දී අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ විශේෂිත රෝහල් 15ක් සහ කොවිඩ් රෝහල් සහ ආයතන 125 හැර අනෙකුත් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවය.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් හට කිසිදු අගතියක් සිදු නොවීමට වගබලාගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්...

පොලීසියට තර්ජනය කළ යුවල

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ...

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

කොවිඩ් මරණ 59ක්

ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x