32 C
Colombo
Thursday, April 22, 2021

අතීතයට සමුදීලා තාමත් තනිකඩ උමාලිගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

උමාලි තිලකරත්න කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ආදරණීය ආදර්ශවත් සුන්දර රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇයගේ උපන්දිනය පහුගිය දිනයක යෙදිලා තියනවා දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් අපේ රටේ ඉන්න දක්ෂ ගීපද රචකයෙක් වගේම ගායන ශිල්පියෙක් වන දයාන් විතාරණ මහතා ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට අපූරු ආදරණීය සඳහනක් ඇය වෙනුවෙන් සනිටුහන් කරලා තියනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් ඔහු වැඩිදුරටත් මෙන්න මේ වගේ ආදරය පිරිණු කතාවක් තමයි කියලා තිබුනේ.

” උමාලිට ඉරුදිනක් සේ ඒකාලෝක වූ උන්මාදනීය හඬින් තිලක තබනා රතනත්‍රයේ පිහිටම හිමි උපන්දිනක්. නව පරපුරේ සම්මානනීය ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණියක් මෙන්ම ගායිකාවක් සහ නර්තන ශිල්පිණියක් ද වන ඉරුදිනී උමාලි තිලකරත්න අද දින සිය උපන්දිනය සමරන්නීය. “රෝස වසන්තේ” චිත්‍රපටයේ හංසමාලිගේ නැගණිය ලෙස රංගනය කරමින් සිනමාවට පිවිසි ඇය “ආසයි මං පියාඹන්න” චිත්‍රපටයේ රන්මලීගේ යෙහෙළිය පබලු නම් තරුණියගේ චරිතයෙන් සිනමාවේ කැපීපෙණුනාය.

ඉන්පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “මහරජ ගැමුණු” චිත්‍රපටයේ එළාර රජුගේ දියණිය, තිසර ඉඹුලානගේ “නිනෝ ලයිව්” හි රුචී, රොහාන් පෙරේරාගේ “හීන හොයන සමනල්ලු” හි ගුරුතුමිය සහ “ඒ ලෙවල්” හි පාරමී වැනි විශිෂ්ට චරිතාවලියක් සිනමාව මත තැන්පත් කළාය. එමෙන්ම තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ සංඛ දිනෙත් සංගීත අධ්‍යක්ෂණය කළ “නිනෝ ලයිව්” චිත්‍රපටයට “මෙතරම් සොඳුරු රැයක්” ගීය ගයමින් චිත්‍රපට පසුබිම් ගායිකාවක් ද වූවාය.

සිය පළමු සිනමා ගැයුමෙන්ම වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙසින් ජනාධිපති සිනමා සම්මානලාභිනියක වීමට තරම් ඇය භාග්‍යවන්ත වීය. ඇය මෑතකදී රංගනය කළ “බෝහිමියානුවා” ටෙලිනාට්‍ය වෙනුවෙන් ඇය සුමති, රයිගම් වැනි ටෙලි සම්මාන උළෙලන්හි හොඳම නිළිය ලෙසින් අබිසෙස් ගැන්විණි. “අවසාන විනිශ්චය” නැමැති ජපන් භාෂිත චිත්‍රපටයක සහ “මදර් තෙරේසා” ඉංග්‍රීසි චිත්‍රපටයේ ද රංගනය කළ ඇය නර්තනයට ද කැපීපෙනෙන දස්කම් දැක්වූ නිළියකි.

මම ද ආරාධිත රංගනයකින් පෙනී සිටි “සුවඳ දැනුනා ජීවිතේ” චිත්‍රපටයේ අවසන් ගීතමය ජවනිකාවේ ඇය ද උපේක්ෂා ස්වර්ණමාලී සහ් පූජා උමාශංකර් සමග නර්තනයේ යෙදුනාය. නවරත්න ගමගේ සංගීතවත් කළ කුමාර ලියනගේ ලියූ උමාලි සමග අමිත් අතපත්තු ගයන “ප්‍රේමයේ සෘතු සංහාරය” නම් ගීතය අතිශය මනරම් ගීතයකි. ඇයව මා හඳුනන්නේ ඇය කුඩා කල සිට මය. ඒ ඇගේ පියා වන තිලක් අයියා මගේ හිතවතෙකු බැවිනි. ඇය කුඩා කල නර්තනයේ යෙදෙන විට මා ඡායාරූප ගත්තා මතකය.

ඉන්පසු කාලයේ ද මා ඇය විටින් විට ඡායාරූප ගත කළ අතර එම සේයාරූ පෙළක් මෙසේ ඇය වෙනුවෙන් එක්කරමි. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ දෙනෙකුගේ ආදරයට බඳුන් වන්නට ඇයට දිගාසිරි පතමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඕෂධීගේ පුංචි හුරතලීගේ හැඩ

ඕෂධී හේවාමද්දුම කා අතරත් එක ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනියක්, රූ රාජිනියක් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය...

කවී සහ ශේන් එකතු වෙලා, සමිතා සහ චිරන්තව පුදුම කරවපු හැටි මෙන්න – Photos

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණීය හඬක් හිමි ගීත ගොන්නකම හිමිකාරියක්. ඉතින්...

ඩ්‍රැයිවින් ලයිසන් එක දීලා, කතා කරන කෙනෙකුට කතා කරන්න

පොලිස් නිළධාරින්ගේ අණ නොතකා ධාවනය කළ සුපිරි රථයක හිමිකරුවෙක් පසුපස ලුහුබැඳ අල්ලාගත් අයුරු දැක්වෙන...

“බොර දියේ මාළුබාන තත්ත්වයකට පත්වෙලා. අවාසනාවකට මගේ නිහඬ පිළිවෙත හුඟක් අය තේරුම් අරන් ඉන්නේ නිවටකමක් කියලා.”

විවාහක රූ රැජිණ තරඟාවලියේදී ඇතිවුණු ආන්දෝලනාත්මක සිදුවීම ගැන කතාබහ තවමත් අවසන්වී නැහැ.උදුරාගත් කිරුළ පුෂ්පිකා...

ජැක්සන් ඇන්තනී පවුලෙන් යූ ටියුබ් වාර්තාවක්

අපේ රටේ ඉන්න ප්‍රකට කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇන්තනී පවුල ගැන...

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා. සංවිධායකයෝ අපිට බොරු කරා (VIDEO)

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x