30 C
Colombo
Wednesday, September 22, 2021

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම උතුරු සහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 07 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

අද (03) දහවල් 12.09 මාරවිල, නාරම්මල , මාවතගම, ගිරාඳුරුකෝට්ටේ සහ මණ්ඩූර් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලංකාවටම අභිමානයක් ගෙන දෙමින් සුනිල් පෙරේරා ලන්ඩනයේ යළි ඉපදෙයි

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ...

තවත් පාසල් ශිෂ්‍යාවක් කොවිඩ් ආසාදිතව මරුට

හදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි...

අභිරහසක් වු චතුරිකාගේ මරණය

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ...

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට පැසසුම්..!

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම...

වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x