28 C
Colombo
Tuesday, September 21, 2021

අද මෙරටින් භූමිකම්පාවක් වාර්තා වෙයි

අද (07) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවය.

මේ අතර අද (07) දිනය තුල සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අද (07) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ශ්‍රි ලංකාව මේවනවිට හොදින් කරගෙන යනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ජනගහනයෙන් 50% කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබාදීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය...

කොරෝනා පරද්දන්න උපායක්

රට තුළ දැඩි සීමා පනවා තිබියදීත් , SARS - cov - 2 , ඩෙටා...

ගුවන්තොටුපොළ තුළ පිපුරුමක් සිදුවීමට නියමිත බවට ආ ඊ-මේල් පණිවුඩයේ ඇත්ත හෙළිවෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන් ලද ව්‍යාජ ඊමේල් පණිවුඩය...

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ තවත් වෙබ් අඩවියක්

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට...

ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x