26.3 C
Colombo
Wednesday, September 29, 2021

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි.

එහි දැක්වෙන්නේ රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යාමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේකයේ උපදෙස් පරිදි සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි.

එහිදී සේවයට වාර්තා කරන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල නිලධාරීන්ට පැමිණීමේ ලේඛණයේ අත්සන් කිරීමට අවස්ථාව සැලසීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

සේවයට වාර්තා නොකරන නිලධාරීන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සාමාන්‍ය නිවාඩු ලබාදීමේ පටිපාටිය අනුගමනය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ පාර්ශව වෙත දන්වා ඇත්තේ.

ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසැල් වෙත කැඳවීමෙන් පසු සිදුකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අදාළ උපදෙස් මාලාව මගින් සියලු පාර්ශව දැනුවත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට අදාළ උපාංග නොමැති සිසුන්ගේ ඉගැන්වීමේ කටයුතු ආවරණය කිරීම සඳහා ආරම්භ කර ඇති දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානවල ඉගැන්වීමේ කටයුතු සංවිධාන කර පවත්වා ගෙන යා යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සුවිශේෂී ගැටලු ඇති සිසු සිසුවියන්, මව්පියන්ගේ අනුමැතිය මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසැල් වෙත කැඳවා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
300
11.svg?v=2.6
අවුල් වගේ !
23
22.svg?v=2.6
හරි හිනා !
114
3.svg?v=2.6
හම්මෝ !
14
31.svg?v=2.6
මාර දුකයි !
25
27.svg?v=2.6
මලපනිනව !
79
30.svg?v=2.6
කුජීතයි !
157
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රට අරින විදිහ බැසිල් සූම් එකෙන් කියයි!

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී  පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ...

කොවිඩ් ගැන අද ඇහෙන සුබ ආරංචියක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය...

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

ජාඇල - බෝපිටිය - ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී...

ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී...

රටම කැළඹූ ඇඹිලිපිටිය දෙදරු මවගේ කෲර ඝා’ත’න’යේ සැඟවුණු කතාව එළියට

ඇඹිලිපිටිය, මහ රෝහල ආසන්නයේ සැමියා විසින් බිරිදගේ හිසට තැබූ වෙඩි පහරකින් දෙදරු මවක් අවාසනාවන්ත...
4
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x