අධිනීතිඥ නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය. ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කැඳවා තිබූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා අදාළ ඉල්ලීම කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වර්ෂයේ දී යොමුකළ ගොනුවකට අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් වෙනුවෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබිණි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ දී ප්‍රශ්න මගහරිමින් කටයුතු කරන බව චෝදනා කරමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අදාළ ඉල්ලීම කළේය. එසේම ප්‍රශ්නය මගහැරීම සහ ප්‍රතිප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් අධිනීතිඥවරියට කොමිසම විසින්ද ඊයේ දැඩි ලෙස අවවාද කරන ලදී.

මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ක්‍රියාවලිය අතරතුර අධිනීතිඥ නිශාරා ජයරත්න විසින් නීති වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් කටයුතු කළ බව පවසමින් මහර සිදුවීමේ දී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ 2020-12-16 වැනිදා නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එන්ජීඕ කාරයන් ලෙස සඳහන් කරමින් අධිනීතිඥවරිය වෘත්තීය ගෞරවයට හානිවන අයුරින් කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින...

සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා....

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x