අධිවේගයේ මාරක අනතුරක්

කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසා සිටියේ, අද (22) අලුයම පාරටුව සහ කපූදූව අතර අන්තර් හුවමාරු අතර එම අනතුර සිදුව ඇති බවය.

මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසට ම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් ට්‍රක් රථයේ ගමන් ගත් අවුරුදු 72ක කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

බවුසර් රථයේ රියදුරු වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක් ද මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

බවුසර් රථයේ සහයකයා මේ වන විට බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්