අධිවේගයේ මාරාන්තික ගමනක් ගිය රථයේ රියදුරු පොලීසිය භාර වෙයි

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක කවුළුවක් මත වාඩි වී ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළේය.

මෙම සිදුවීම සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලිස් නාගරික රථවාහන ස්ථානයට භාරවී තිබේ.

ඉන්පසුව එම රියදුරු සහ අදාළ සිදුවීමට සම්බන්ධ මෝටර් රථයේ මුල් හිමිකරුව ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීට පෙර මෙම සිදුවීම සම්බන්ධ මෝටර් රථයේ මුල්හිමිකරු, රථය මිලදී ගත් පුද්ගලයා සහ අධිවේගී මාර්ගයේ ආනාරක්ෂිතව රිය ධාවනය කළ තරුණයන් පිරිසට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

කෙසේ වෙතත් පොලීසිය හමුවේ ඉදිරිපත් වී තිබුණේ රථයේ මුල් හිමිකරු, රථය මිලදී ගත් පුද්ගලයා සහ මිලදී ගත් පුද්ගලයාගේ පුත්‍රයා පමණි.

මෙහිදී පොලිසීය සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබුණේ මෙම අනාරක්ෂිතව ධාවනය කළ මෝටර් රථයේ මුල් හිමිකරු විසින් එය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවයක් වෙත පවරා ඇති බවයි. 

මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

රජ‍යේ පොහොර ආයතන දෙකක් විසින් මිලදී ගනු ලැබූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ...

බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ. විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු...

බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

ආණ්ඩුව කරගෙන යා යුතු ආකාරය ගැන රනිල් කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු රජයට පිළිගැනීමට...

තරගාවලියකට නෝර්වේ ගිය රෙස්ලිං කළමණාකරු ටීම් එකේ සල්ලිත් අරන් පනී

ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම භාර කළමනාකරු තරගාවලියක් සඳහා නෝර්වේ බලා ගිය අතරතුර පැනගොස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x