අන්තර්ජාලය ඔස්සේ ලාබාල දැරිය විකිණූ ජාවාරමේ සහායිකාව හසුවේ

ගල්කිස්ස ප‍්‍රදේශයේදී පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ 26 හැවිරිදි කාන්තාවක් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජඹුරළිය, මඩපාත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පවසා ඇත්තේ පහළොස් හැවිරිදි දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා විවිධ ස්ථාන වෙත රැගෙන ගියේ තමන් බවයි.

මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමේ ප‍්‍රධානියා මීට ඉහත දී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා.

මෙම සැකකරු සහ සැකකාරිය මාස 4 ක කාලයක් තිස්සේ පහළොස් හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර විවිධ පුද්ගලයන්ට පැයකට රුපියල් දස දහසක් බැගින් මුදලකට අලෙවි කර ඇති බව හෙළිවී තිබුණා.

පහළොස් හැවිරිදි දැරියගේ මවද අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකුට රුපියල් ලක්ෂය 21 කට අලෙවි කර ඇති අතර මෙම දැරිය මුල්ම අවස්ථාවේදී වැල්ලවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයකුට රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පෙට්ට්‍රල් සහ ඩිසල් මිල වැඩි කළ යුතු ගණන LIOC කියයි

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන්...

විසිහය හැවිරිදි ශ්‍රී ලාංකීය වෛද්‍යවරිය තිරුෂිකා එංගලන්ත මුහුදේ ගිලී මියයයි

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

“මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා.” – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

තරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..අවුරුදු එක...

අද මේ ලග්න වලට වැල්ලෙත් බඹරෙ කැරකේ..

මේෂ දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x