අන්තෝජටා බහි ජටා – මෛත්‍රී කියයි

ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, කුමන හේතුවක් මත හෝ පෙර රජ දවස වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවය.

වැව් බැමි නිසැකයෙන් ම පරිස්සම් කළ යුතු බවත් පැවසු මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒවා පූජනීය වස්තූන් වන බව ද පැවසීය.

ප්‍රදේශයේ ගොවීන්ගෙන් සහ ස්වාමීන් වහන්සේගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ප්‍රශ්නය – යම් යම් අමාත්‍යවරු පොලීසියේ OIC ලා මාරු කරනවා කියලා කියනවා. ඔබතුමාගේ කාලයේ කොමිෂන් පත්කරලා තිබුණා නම් එහෙම පත්කරන්න බෑ නේද  අත්තනෝමතික විදියට ?

“ඕවා මේ … අන්තෝජටා බහි ජටා. “

ප්‍රශ්නය – සර් බාර් ඇරලා තියෙනවා නේ.

“පෝසතුන්ට සල්ලිකාරයින් ට මත්පැන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් කතා කරාම එවනවා. ඔය බාර්වල පෝළිම්වල හිටිය අයගේ තත්ත්වය ගත්තහම, තුන්වේල කන්න අමාරු අය තමයි ඔබ බාර් එකේ පොළිමේ ඉන්නේ. ඉතින් මේක හරිම පිළිකුල් සහත දෙයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පොලිස් නිලධාරීන්ටත් සහනයක්

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා...

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා...

දාහතර හැවිරිදි පාසල් දැරියගේ මරණයේ අභිරහස් කතන්දරය

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ දරුවෝය. එහෙත් එබඳු දරුවනට අද වන විට අත්...

ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x