26.3 C
Colombo
Wednesday, September 29, 2021

අනියම් පෙම්වතා සමඟ එක්ව සිය කුසින් උපන් දරුවාට වධහිංසා ලක් කළ පාපතර මව

මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ ඛේදනීය පුවතක් ජාඇළ – තුඩැල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා. හිංසනයට ලක්වූ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මේවන විට මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මාස 6ක් වයසැති බිළිඳාගේ මව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට මීට මාස කිහිපයකට පෙර සිරගත කර තිබෙනවා. ඒ අතරතුර බිළිඳාගේ පියාද පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිටින්නේ සිරගතවයි. දඩුවම් කාලය නිම කරමින් යළි පැමිණි බිළිඳාගේ මව සිය අනියම් පෙම්වතා සමග අදාළ බිළිඳා වෙනත් ස්ථානයකට ගෙනගොස් දින 20ක පමණ කාලයක් විවිධ හිංසනවලට ලක්කර ඇති බවට බිළිඳාගේ පියා චෝදනා කරනවා. බිළිඳාගේ පියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට ජාඇළ පොලිස් ස්ථානයට පැමිණි පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ බිළිඳා ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ජාඇළ සහ සීදුව පොලිස් ස්ථාන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
13
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
9
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මංගල උත්සව ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට...

පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින්...

භූ කම්පන අවදානමක් නැහැ

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර භූ කම්පනයක් ඇති වුණා. මේ සමඟ ම ශ්‍රී ලංකාවේත් භූ...

පරිසරය ගැන හිතා ගත්තු දැඩි තීන්දුව

යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත. එම තීරණය...

අලුත් අවුරුදු පොකුරට වඩා ලොකු පොකුරක් නුදුරේ

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. දැනට පවතින නිරෝධායන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x