අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් සහ වෙනත් ග්‍රහලෝකවල සංසිද්ධීන් සමග මෙන්ම ඒ ග්‍රහ ලෝක වාසීන් සමග ද ඈත අතීතයේ දී සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වෙමින් පැවතීම ලෝකයම විස්මයට පත්කරන්නක් වී තිබේ.

ස්වදේශිකයන් විසින් “රජ රට” (රජුන්ගේ රට) වශයෙන් අභිමානයෙන් හඳුන්වනු ලබන මේ රාජධානිය ක්‍රිස්තුපූර්ව තුන්සිය හැත්තෑ හත් වැනි වර්ෂයේ දී ස්ථාපනය කරන ලද්දකි.

1620695347 1

එමෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ හදවත වශයෙන් සැලකෙන මේ පාරදීසය යුනෙස්කෝ සංවිධානය “ලෝක උරුමයක්”වශයෙන්ද නම් කරනු ලැබ ඇති බව සාඩම්බරව සඳහන් කරනු වටී.

මෙන්න මේ කියන හේතූන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රදක්‍ෂිණාවට පත් ප්‍රදේශයේ ස්ථාපිත නුබකුස පිරිමදින දාගැබ් සිඳු (මහමුහුදු) පරදන වාපී (වැව්) කර්මාන්ත අතීත හෙළයන්ගේ දස්කම් විස්කම් සිත්කම් ලෝකයාගේ හිසට ටොකු අනිමින් පෙන්නා දෙන්නා සේය.

එමතුදු නොව තවමත් හරිහැටි නිගමනයකට පත්විය නොහැකි ගුප්ත කරුණු කාරණා ඉස්මතු වන ස්ථාන බොහාමයක්ම මේ රාජධානියේ ගොළුවත මුනිවත රකිමින් විරාජමානවම තවමත් පවත්නේමය.

අක්කර හතළිහක පමණ වපසරිය වූ ප්‍රදේශයක ස්ථාපිත “රන්මසු උයන” (රන් මත්ස්‍ය උදා්‍යනය) එවන් අබිරහස් සැඟවුණු ස්ථානයකි.

ඉතා උස් බෞද්ධ චෛත්‍ය තුනකින් වටවී ඇති ස්ථානයේ විශ්වය (වෙනත් ග්‍රහ වස්තූන් සහ ඒවායේ ජීවීන්) සමග සම්බන්ධතා පැවැත්වීමේ මාධ්‍යයක් කොටගත් බව කියන වස්තුවක් ලෙස උපකල්පනය කළහැකි සටහනක් ශෛල මස්තකයක කොටා (නෙළා) තිබේ.

1620695347 1 1

විශ්කම්භය මීටර් එකයි දශම අටක් (1.8) පමණ ඇති සටහන “සක්වළ චක්‍රය” වශයෙන් හැඳින්වෙන්නකි. එහි මුහුණත භූමි මට්ටමේය. එහිම තවත් ගල් තලයක ආසන හතරක සටහනකි. ඒ ආසන අවට විදා්‍යාමානවීම සඳහා බව අරමුණ කෙරේ. මේ සක්වළ චක්‍රය සහ ආසන හතරේ සටහන් මේ දක්වාම ඉතිහාසඥයන් සහ පුරවිදා්‍යාඥයන්ගේ මනැස් අවුල් කළ ගුප්ත දේවල්ය.

කැලණිය විශ්වවිදා්‍යාලයේ පුරවිදා්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතය අනුව රන්මසු උයන දීර්ඝ ඉතිහාසයක් ඇත්තකි.

එය පසු කලෙක සංවර්ධනය කර තිබේ. ඒ හත්වැනි සියවසේදීය. ඒ අවස්ථාවේ ස්ථානයට අලුතින් ගොඩනැගිලි කීපයක් එකතු කර ඇතැයි මහාචාර්යවරයා කියයි.

කාට කාටත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වූ “සක්වළ චක්‍රය සහ ආසන සටහන” උයනට එක්වී ඇත්තේ එසේ සංවර්ධනය කෙරුණු දෙවැනි ප්‍රතිසංස්කරණ සමයේදීය.

එතෙකුදු වුවත් එය ව්‍යාපෘතියට ඈඳීම, එහි පැවැත්ම, ක්‍රියාකාරීත්වය ආදිය ගැන කිසිදු සටහනක් කිසිදු වාර්තාවක නොවීමේ හේතුවෙන් උපකල්පනය මිස පැහැදිලි යමක් කිව හැකි නොවේ.

මන්ද යත්, ඒ සියල්ල ඉතා සුපරීක්‍ෂාකාරී සහ ආරක්‍ෂිත අන්දමින් මහා සංඝරත්නය භාරයේ පැවති බැවිනි.
අනුරාධපුර යුගයේ (ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සහ දහවැනි සියවස අතර) වෙනත් චිත්‍ර රූප ආදිය සමග “සක්වළ චක්‍රය සහ ආසන සටහන” සසඳා බලන කල්හි එකකට එකක් නොගැළපෙන බැව් පැහදිලිවේ. එමගින් යමක් සිතාගැනීමට මඟ පෑදේ.

චක්‍ර සටහන ඒක කේන්ද්‍රීය කොටගත් ලක්‍ෂයකින් චක්‍ර සතකින් නිර්මිත අතර, සරල සමාන්තර සිරස් සහ තිරස් රේඛාවලින් බෙදා වෙන්කර ඇත.

ඒ අතර කුඩ නැතහොත් දුනු සහ ඊතල සහ වක්‍ර රේඛා ද පැහැදිලිව දක්නට ඇත. බාහිර රවුමේ මත්ස්‍යයන් ඉදිබුවන් සහ මුහුදු අශවයින් නෙලා තිබේ.

1620695347 1 1

සඳකඩපහණ වැනි සමකාලීන වෙනත් කැටයම් සමග “සක්වළ චක්‍රය” සසඳා බලන කල ඒවායේ ලියවැල්, හංසයන් සහ නෙලුම් මල් වැනි බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායට ආවේණික ලක්‍ෂණ ඇතත් මේ සටහනෙහි එවැනි ස්වරූපයක් විද්‍යමාන නොවේ. එහි ඇත්තේ අමුත්තකි. ඒ අමුත්ත මේ කුමක්ද? යන ප්‍රශ්නය නිබඳවම මතු කරන්නක් වී තිබේ.

අන්තර්ජාල යුගය එළැඹීමට පෙර “සක්වළ චක්‍රය” කෙරෙහි එතරම් අවධානයක් නොවී ප්‍රදර්ශන භාණ්ඩයක් සේ පැවැතිණි. අනුරාධපුර රාජධානිය වැටීමෙන් පසුව රන්මසු උයන පිහිටි ඉසුරුමුණි ප්‍රදේශය (අතීතයේ වෙස්ස ගිරිය) වනගත විය.

“සක්වළ චක්‍රය” කෙරෙහි පළමුවෙන්ම මතයක් ප්‍රකාශ කළෝ එවකට ඉංගිරිසි පාලන සමයේ පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී.බෙල් මහතාණෝය.

ඔහු එක්දහස් නවසිය එකොළහේ සිය වාර්තාවේ ඉදිරිපත් කළේ “සක්වළ චක්‍රය” පැරණි ලෝක සිතියමක් වශයෙනි. වැඩි දුරටත් ඔහු ඒ පිළිබඳ ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට අනුව නිර්මිත විශ්වයේ සිතුවම බවය.

එච්.සී.පී. බෙල් මහතා දැරූ මතයට අනුව අර්ථ කථනය කළ කැටයමේ සංකේතවලින් දැක්වෙන මසුන් මුහුදු අශ්වයින් සහ වෙනත් සංකේත මහ පොළාව, මුහුද සහ අභ්‍යවකාශය නියෝජනය කරයි.

එතකුදු වුවත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ මත පළකෙරෙමින් සාකච්ඡාවලට පාත්‍රවිය. කෙසේ වෙතත් මෙහි ඓතිහාසික වැදගත්කමක් ඇති ගුප්ත කැටයමක් බව පොදු මතයවිය.

තාක්‍ෂණය දියුණු වූ මෑත යුගයේ සමාජ මාධ්‍ය මගින් මේ පිළබඳ ඡායාරූප පවා ජාත්‍යන්තරයේ සංසරණයට භාජනය කිරීමෙන් වූ ගෝලීය අවදානයද සුළුපටු නොවීය. එමගින් සෙවුම් බැලුම් විමසුම් ද වැඩි විය.

අනුරාධපුරයේ “සක්වළ චක්‍රය” හා සමාන වෙනත් රටවල පවත්නා ඒ හා සමාන ස්ථානද සංසන්දනය කර බැලිණි. එමගින් ව්‍යාප්ත වූ මතය “කැටයම” වෙනත් ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ දොරටුවක් බවය. එමෙන්ම මෙමගින් මානවයාට විශ්වයට ප්‍රවේශ වියහැකි බවය. එම දොරටුව විවර කෙරෙන “කේතය” මේ කැටයම බවයි.

ඊජිප්තුවේ පිහිටි “අබු ගුරාබ්වල” සහ පේරු රටේ “හායු මාර්කාවල” පවත්නා සංකේත අනුරාධපුරයේ “සක්වළ චක්‍රයට” බොහෝ සමාන බව දක්නා ලදී. ඒ සමානකම්ද කතාබහට ලක්විය. අපේ කැටයම පිහිටා ඇත්තේ ද ජලාශ්‍රිතවය. ඒ තිසාවැව සමීපයේය. ඉදිකර තිබන්නේ ද ක්‍රි.පූ. 300 දීය.

ග්‍රහලා්ක ප්‍රවේශගාමී දොරටු සිද්ධාන්තයට අනුව ඊජිප්තුවේ අබු ගුරාබ් ද, පේරු රටේ හායු මාර්කා ඉදිකරනු ලැබ ඇත්තේ ද ජලාශ්‍රිතවය.

මන්ද? වෙනත් ග්‍රහලෝකවල ජීවීන්ට පෘථිවි ජලයෙන් රන් සකසා ගතහැකි බව කියන ස්ටාර්ගේට් සිද්ධාන්තය හේතුවෙනි.

පොළොන්නරුවේ “දානිගල කන්ද” (ඇතැම් තැනෙක දානියංගල) ද විශ්ව ශක්තීන් පවත්නා අද්භූත ස්ථානයක් බව පැවසේ. වෙනත් ලෝකවල ජීවීන් සමග ප්‍රවේශ මාර්ගයක් බව ද කියැවේ. එම ස්ථානය අනුරාධපුරයේ “සක්වළ චක්‍ර” කතාව තවත් එළිය කිරීමට ඉන්ධන සැපයුවාක් සේය.

දානිගල කන්ද ඇත්තේ පොළාන්නරුවේ මහ ඝන වනාන්තරයේය. කන්දේ මුදුන සමතල මහා ගලකි. එය චක්‍රාකාරය. කඳු නගින්නන්ගේ තිප්පොළකි. මේ ස්ථානය (කඳු මුදන) ඈත අතීතයේ දී පියාඹන පීරිසි වැනි හඳුනා නොගත් පියාඹන වස්තූන් පහත් කළ ස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය.

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය සංචාරක මඟ පෙන්වන්නකු වන ශ්‍රී අබේවික්‍රම මෙසේ කීය.

දානිගල කන්ද වැඩි දෙනා හඳුන්වන්නෙ ඒලියන් මවුන්ටන් කියල. මේ කන්දට වෙන තැන්වලට වැඩිය අකුණු පහත් වෙනව. විදුලිය කොටනවා. වැහි වෙලාවට වෙන තැන්වලට වැඩිය ගොරවනවා. මේක ප්‍රදේශයේ කොයි කවුරුත් දන්න කාරණයක්.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතයද “සක්වළ චක්‍රය” ලංකාවේ ප්‍රථම පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල්ගේ මතය සේම ග්‍රහලෝක ප්‍රවේශගාමී දොරටුවක් වශයෙන් සලකනවාට වඩා ඈත අතීත ලෝක සිතියමක් වශයෙන් බොහෝ දුරට පිළිගත හැකි බවයි.

උපුටා ගැනීම – මව්රට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

යට රැවුලෙන් පිරිමි වසග කරන ටික් ටොක් තරුව

රැවුල පිරිමින්ට ආවේනික ලක්ෂණයක් වුවත් රැවුල තියෙන කාන්තාවන්ද ලෝකයේ වරින් වර වාර්තා වෙනවා. රැවුල...

බද්දේගමට අහසින් පාෂාණ වැටෙයි පොලිසියත් එයි

ඊයේ (22) දිනයේ බද්දේගම කුරේගොඩ ප්‍රදේශයේ නිවසක මිදුලට අහසින් අමුතු පාෂාණ කොටස් කිහිපයක් පතිත...

මගේ හොඳ වැඩ ටිකක් ඉස්සරහට එනවා

ආදරයෙන් කඳුළු සැලූ ඒ පුංචි අහිංසකාවිය විවිධ චරිත හරහා ඔබට සමීප වෙමින් අද ජනප්‍රිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x