26.4 C
Colombo
Saturday, May 15, 2021

“අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි..” – මුඛ ආවරණවලින් නිදහස් වූ ඊශ්‍රායල ජනයා විදි බසී – Photos

ඊශ්‍රායලයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 838,481 ක්.

ඉන් 6,363 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 830,625 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ දක්වා එරට තුළ මුඛාවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණ ද, පසුගිය සතියේදී එය අවශ්‍ය නොවන බවයි, ඊශ්‍රායිල රජය නිවේදනය කළේ.

ලොව වේගවත්ම කොරෝනා මර්දන එන්නත් කිරීමේ ව්‍යාපාරය එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කර ඇති අතර මේ දක්වා ජනගහනයෙන් අඩකට අදාළ එන්නත ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තරුණියක අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි.. ඒ නිසා තවදුරටත් මුඛ ආවාරණ පළඳිනවා..” යනුවෙනුයි.

“එය මාගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා..” යනුවෙන් ද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අදාළ පුවත සැලවීමත් සමඟ ඊශ්‍රායල ජනයා වීදියට පැමිණ ඡායාරූප ගනිමින්, සිය සතුට ප්‍රකාශ කළ ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඊශ්‍රායලය මුඛ ආවාරණ පැළඳීමේ නීතිය ලිහිල් කළ ප්‍රථම රට බවට පත්ව ඇති බව ද සඳහන්.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
4
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
කුජීතයි !
1
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දියාව තුළ මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වූ හේතුව හෙළි වෙයි

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණ කළා.එමඟින්...

ඉන්දියාවේ සිරවූ ලාංකිකයින් පිරිසකුත් කොරෝනා වැළඳී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවේ දී මරණයට පත්ව ඇති...

වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි...

කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත...

චීන රොකට්ටුව පොළොවට කඩාවැටී ගිනිගන්නා වීඩියෝව එළියට

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ඉන්දියන් සාගරයට කඩා වැටීමේ වීඩියෝව...

ලාංකිකයන් සිටින ‘ගොඩනැගිලිවලටත්’ රොකට් කෑලි

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්‍ෂිත ස්ථානවලටම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x