25 C
Colombo
Sunday, April 11, 2021

අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං සහනය

කොවිඩ් වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දී තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.

ඔවුන් සඳහා වන ලිසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලුම බලපත්‍රලාභී බැංකු හරහා ස්ථාවර ලෙස මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහායි

ඒ අනුව පොදු මගී ප්‍රවාහනය ,පාසල් ප්‍රවාහන සේවය ,කාර්යාල ප්‍රවාහන සේවය ,සංචාරකයින් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ආයතන සහ පුද්ගලයින් ,ත්‍රි රෝද ඇතුළු කුලී රථ වැනි පෞද්ගලික මගී ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා මෙම සහන හිමිවනු ඇති.

මෙම ලීසිං සහනය එළෙඹෙන අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කල්බදු වාරික කල් දැමීම සඳහා ණය ගැතියන් විසින් අප්‍රේල් 19 වැනිදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් තැපැල හරහා ඉල්ලීමක් කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

ණය සහන ලබාදීමේ චක්‍රලේඛය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇති බවද වාර්තා වනවා.

සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් මරණ 2ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

කොරෝනා වැළදී සිටි කොස්ගොඩ තාරකට ඩෙංගුත් වැළඳෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක...

අසීමිත අන්තර්ජාල සේවා ලබන සතියේ සිට ?

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...

කොරෝනා මරණ 591 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

වූහාන්හි සිරවූ ලාංකිකයන් ⁣බේරාගන්න ස්වේච්ඡාවෙන් ආ ප්‍රධාන ගුවන් නියමුවා,

වූහාන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් ⁣බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලංකන් ගුවන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x