27 C
Colombo
Sunday, April 11, 2021

අප්‍රේල් 21 දක්වා කාදිනල් හිමියන් කල් දෙයි

පාස්කු ප්‍රහාරය සදහා නායකත්වය දුන් සහ මේ ප්‍රහාරය මෙහෙය වු මහ මොළකරුවන් හා පුද්ගලයින් වසර 2ක් ගෙවී ගියද තවම නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරයි. මේ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ප්‍රමාදයකින් තොරව නීතිය ඉදිරියට ගෙන එන ලෙස ඒ හිමියන් වැඩිදුරටත් පැවසයි. කාදිනල් හිමියන් මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්

වැඩිදුරටත් ‍උන්වහන්සේ කියා සිටියේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සඳහා ලබන අප්‍රේල් 21 දක්වා කාලය ලබාදෙන බව ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතර තුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් !

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ...

ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අලුත් සහල් මංගල්‍යයට එක්වෙයි

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04)...

පාස්කු ප්‍රහාරයට කෙලින්ම වගකිවයුතු පුද්ගලයා ගැන කාදිනල් හිමියන්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

පාස්කු කොමිසමේ වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය...

සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

සෑම පුද්ගලයෙකුටම හා සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව...

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට ගැළවෙන්න කිසිම ඉඩක් තියන්නේ නැහැ – ජනපති

ලෝකවාසී කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍යයක් වන පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x