31 C
Colombo
Saturday, April 10, 2021

අපි බලන් ඉන්නකොට සිංහරාජේ කැළේ කපනවා.

ලෝක උරුමයක්ව පවතින සිංහරාජ වැසි වනාන්තරයට මේ වන විට දැවැන්ත පාරිසරික විනාශයක් වෙමින් පවතින බවට ‘සිරස ලක්ෂපති’ වැඩසටහනට සහභාගී වූ භාග්‍යා අබේරත්න මෙනෙවිය පවසනවා.

ඇය පවසන්නේ සිංහරාජ වනාන්තරය තුළ ගැමියන් බලාසිටියදී දැවැන්ත වන විනාශයක් සිදුවුවද ඒ සම්බන්දයෙන් සියලු දෙනාම නිහඩව කටයුතු කරන බවයි.

“මං සිංහරාජේ, සිංහරාජ මායිමේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතිං උදේ හමස යද්දි ඇස් පනාපිට සිංහරාජ කැළේ එළිවෙනවා බලන් ඉන්න වෙලා තියෙනවා අපිට. සිංහරාජේ අලි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අලි සැරිසරණ අලිමංකඩ කියන ප්‍රදේශයත් මේ මොහොත වෙද්දිත් එළිවෙනවා. ඒ පැත්තේ හෝටලයක් හදනවා. කළු වඳුරෝ ඉන්නවා. එයාලා දැන් වඳ වේගෙන යනවා. අලි තුන්දෙනාගෙන් දැන් දෙන්නයි ඉන්නේ. අපි ගස් කොලන් විනාශ කරනවා කියන්නේ කවුරුහරි ඇවිත් අපේ ගෙදර කඩලා දැම්මා වගේ වැඩක්. අපි පාරේ බස් එකේ යද්දිත් පේනවා ගස් කපනවා. මිනිස්සු දැක්කේ නැහැ වගේ ඉන්නවා. රටම දන්නවා මේ ගැන. මිනිස්සු කටවහන් ඉන්නවා. ධනය හා බලය තියෙනවා නම් දැන් ලංකාවේ වැඩ්ඩෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේක කියලා මට ගමට යන්න බැරිවෙයි. ඒත් මේ ටික කියන්නමයි මං වැඩසටහනට ආවේ. අපි අපේ ගමට ආදරෙයි. මට ධනය බලය තිබ්බනම් ගෙදරින් මට අවසර දෙනවා නම් දැන් වුනත් මේ විනාශය නතර කරන්න පාරට බහින්න මං කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තවලම - ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක්...

ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබාදුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්..

කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන්...

අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නෑ – PHI සංගමය කියයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික...

CID අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් – නව අධ්‍යක්ෂ SSP රොහාන් ප්‍රේමරත්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x