28 C
Colombo
Friday, May 14, 2021

අපේක්ෂා රෝහලේ හෙදියන් බංකරයක සිර කළ විකිරණ ශිල්පීන් දෙදෙනා කරපුදේ..!

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ බංකරයක හෙදියන් දෙදෙනා සිරකර තැබූ විකිරණ ශිල්පීන් දෙදෙනා මහරගම පොලිසිය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇතැයි අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රන්ජිත් කුමාර ප්‍රකාශ කළේය.

මෙම හෙදියන් දෙදෙනා මහරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විකිරණ ශිල්පීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රන්ජිත් කුමාර කීය.

මෙම හෙදියන් දෙදෙනාව පසුගිය 17 වැනිදා සවස් කාලයේදී ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය) මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා විසින් සිරකර තිබේ.

හෙදියන් 17 වැනිදා සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවී පසුදිනට එනම් 18 වැනි දිනට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ රෝගීන්ව සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනකු එහි පැමිණ බංකරයට පිටතින් අගුළුදමා, විදුලියද විසන්ධි කර පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රන්ජිත් කුමාර කීය.

මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කරගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.

අධික විකිරණශීලි තත්ත්වයකට නිරාවරණය වෙමින් හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇති අතර පසුව වෙනත් කටයුත්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයකු බංකරය විවෘත කිරීමෙන් පසු හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබෙන බවද වාර්තා වී ඇතැයි හෙතෙම පැවැසීය.

පැයකට වැඩි කාලයක් විකිරණ ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක් ඇතිවිය හැකි බවද අනාවරණය වී තිබේ.

පසුගිය 17 වැනිදා මෙම හෙදියන් දෙදෙනා කාමරයේ දමා විදුලිය විසන්ධි කර පැයක පමණ කාලයක් කාමරය තුළ සිරවී සිට ඇති බව ඔවුන් මහරගම පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ බව කියන තවත් එක් විකිරණවේදියකු අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය විමර්ශන සිදුකරයි.

විකිරණවේදියා පොලිසියට පවසා ඇත්තේ තමන් එකට රාජකාරි සිදුකරන අයවළුන් වන අතර මෙම දෙදෙනා කාමරයේ සිටි බව නොදැන අගුළු දමා ගිය බවකි.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

– ශ්‍රියානි විජේසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
කුජීතයි !
3
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තොණ්ඩුව කැමරාකර ‘මිතුරන්ට යවා’ ජීවිතයෙන් සමුගත් කවිකාර සිසුවා

ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය...

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි...

දරු උපත ආසන්නයේ කොරෝනාවෙන් මියගිය ලංකා ගැන බුකියේ සංවේදී සටහන්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාව කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව...

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

රට වසා දැමීමේ තීරණය ඇතුලු ඉදිරි දින කිහිපයදී පනවන සීමාවන් මෙන්න

රට වසා දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති...

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x