28 C
Colombo
Tuesday, September 21, 2021

අපේ රටත් ඉන්දියාවක් වේවිද? රාගම රෝහලේ කොවිඩ් වාට්ටු පිරීයයි

කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහලේ 26 සහ 30 යන වාට්ටු දෙක වෙන්කර ඇති අතර මේ වනවිට එම වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකිය.

ඒ අතර ඔක්සිජන් අවශ්‍යතාව ඇති රෝගීන් ද සිටී.

මේ අතර පවතින තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ,

“අපි අද රෝහලේ අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කළේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන්න.”

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

දැඩි කතාබහට ලක් වූ ප්‍රභල තරුණ අමාත්‍යවරයකු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය...

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ

රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන්...

කොරෝනා පරද්දන්න උපායක්

රට තුළ දැඩි සීමා පනවා තිබියදීත් , SARS - cov - 2 , ඩෙටා...

නිවසේදී මියගිය පුද්ගලයාගේ දේහය රෝහලේ දී මාරුවෙලා

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොවිඩ් පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමෙන් පසු මාරුවීමේ පුවතක් ඇල්පිටිය...

කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (20)...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x