අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ විස්සකින් ‘ගෙදරට ඇඳන් හයක් මිලට ගත්ත බව කියන’ ඇමති

කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා රටේ මහජනතාවගේ මුදල් අවභාවිත කරමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා.

කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකදී නාමල් කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව අද (27) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

නාමල් කරුණාරත්න මහතා පළ කල අදහස් පහතින් දැක්වෙනවා.

“ඩී.බී. හේරත් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අදාළ පසුගිය අය-වැය ශීර්ෂයෙන් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා නිල නිවාසයට ඇඳන් හෝ මෙට්ට මිලදී ගැනීමට කිසිම මුදලක් වෙන් කරලා නැහැ.

නිදාගැනීමට ඇඳක් නොමැතිව කොවිඩ් රෝගීන් දහස් ගණන් බිම නිදාගෙන සිටියදී රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් රුපියල් ලක්‍ෂ විස්සකට වැඩි මුදලක් වැය කරමින් නිදාගැනීම සඳහා ඇඳන් හයක් මිලදී ගෙන තියෙනවා.

එවැනි තත්ත්වයක් තුළ ධම්මික රත්නායක කියන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් අමාත්‍යවරයාට මේ භාණ්ඩ අවශ්‍යයි කියා භාණ්ඩ 48ක් අමාත්‍යාංශ ලේකම්ට ලිඛිතව දැනුම් දෙනවා. පෙබරවාරි මාසයේ දහවැනිදා තමයි මේ ලියුම නිකුත් කරලා තියෙන්නේ.

මෙන්න ඒ භාණ්ඩ ලැයිස්තුව

මේ ලැයිස්තුවේ තියෙනවා භාණ්ඩ වර්ග හතළිස් අටක්. මේ වෙනකොට මිලියන ගණනාවක් ඒ සඳහා වියදම් කරලා මේ බඩු අරගෙන ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවලියක්. අමාත්‍යවරයාගේ කොළඹ හතේ තියෙන මේ නිල නිවාසයට ඔහු ඇතුළු වන්නේත් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් වියදම් කරලා අලුත්වැඩියාවක් කිරීමෙන් පසුවයි. මේ අරගෙන තියෙන භාණ්ඩවලින් ප්‍රමාණයක් මම කියන්නම්.

අඩි හයයි අඟල් තුනක් දිග, අඩි 5ක් පළල සුවිශේෂී ඇඳන් හයක් අරගෙන තියෙනවා නිදාගන්න. එතකොට ඒ එක ඇඳක් වෙනවා රුපියල් තුන් ලක්‍ෂ තිස්නවදාහක්. මේ ඇඳන් එක්ක අල්මාරියක්, කණ්ණාඩි මේසයක්, ස්ටූල් එකක්, කබඩ් එකක් ඇතුළු භාණ්ඩ සෙට් එකකුත් ලැබිලා තියෙනවා. ඒ අනුව තුන් ලක්‍ෂ තිස්නව දාහ ගානේ ඇඳන් හයකට විසිලක්‍ෂ තිස් හතර දාහක් රජයේ මුදල් වියදම් කරනවා.

ඊට පස්සේ එකක් රුපියල් හැත්තෑහත්දහස් පන්සීය ගාණේ හාර ලක්‍ෂ හැටපන්දාහක් දීලා මෙට්ට හයකුත් ගන්නවා. ඊට අමතරව විසිත්ත කාමර සෙට් ගන්නවා. අඟල් 40 ටී.වී. එකක්, අඟල් 32 ටී.වී. එකක්, ශීතකරණයක්, රෙදි සෝදන මැෂිමක්, ගෑස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, කෑලි 27 ඩිනර් සෙට් දෙකක්, අයන් ටේබල්, ලී ඇඳුම් රාක්ක, අධ්‍යයන මේස, අමුත්තන් සඳහා මේස, ඩිස්ප්ලේ කැබිනට්, අතුරුපස හැඳි කට්ටල, ගෑරුප්පු කට්ටල, වානේ හැඳි, බත්දීසි, අත් හෝදන බෝල්, වැකුම් ක්ලීනර්, ජල පෙරණ, අයන් දෙකයි, විදුලි පංකා, විදුලි කේතල, පිහි, වීදුරු, පීරිසි, කෝප්ප, සැලඩ් කප්, තේ කෝප්ප ආදී වශයෙන් සියලු භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

මේක සම්පූර්ණයෙන්ම මුදල් අවභාවිත කිරීමක්. මැයි මාසේ වෙනකොට මේ බඩු ටික අරගෙන ඉවරයි. නමුත් නීත්‍යනුකූලව ඒ ලිපි ලේඛන කටයුතු ඉවර කරලා නැහැ. මේ බඩු මිලදී ගන්න කොට ඒකට අදාළ වගකිවයුතු නිලධාරිනිය කොවිඩ් වැලඳිලා ඒ වෙනකොට වැඩට ආවේ නැහැ. දැන් මේ බඩු ටික නීත්‍යනුකූල කරගන්න ඒ නිලධාරීන්ගේ අස්සන ගහන්න විශාල පරිශ්‍රමයක් දරනවා. මේ වෙනකොට විශ්‍රාම ගිය පශු වෛද්‍යවරයකුගේ අස්සනක් ගහන්නත් සැලසුම් කරමින් ඉන්නවා. මේ බඩු ගන්න අනුමැතිය ලැබුණේ කොහොමද? දැන් මේවා නීත්‍යනුකූල කරගන්න බලපෑම් කරන්නේ ඇයි? මේ බඩු ගන්න සල්ලි ලැබුණේ කොහොමද? කියලයි අපි අහන්නේ.

ඒ නිසා අයවැයෙන් මේ වගේ බඩු ගන්න සත පහක්වත් වෙන්කරලා නැති පරිසරයක් ඇතුළේ මේ ඇමැතිවරයා සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ මහජන මුදල් අවභාවිත කිරීමක්. අපි බොරු කියනවා නම් ඩී.බී. හේරත්ට පුළුවන් අපිට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. හැබැයි අපි ඊට පෙර මේක නීතිය හමුවට අරගෙන යනවා. වියත් මඟේ සීතා නෝනා ටෝච් එකකුයි, කුඩයකුයි ගත්තා. ඊට එහා ගිය වැඩක් මේක. දහස් ගණනක් කොරෝනා රෝගීන් ඇඳන් නැතිව බිම බුදියද්දී ඩී.බී. හේරත් අමාත්‍යවරයා නිදා ගැනීමට පමණක් මහජන මුදල් විසිලක්‍ෂ තිස් හතර දාහක් වියදම් කරලා තියෙනවා. පවුලෙ කට්ටියටම ෂපාන් එකේ නිදාගන්න.

රට මෙච්චර වසංගතයකට ගිහිල්ලා තියෙද්දී, රජ සැප විඳින මේ ඇමැතිවරයා ගැන රජය ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා අපි බලාගෙන ඉන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
13
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාවින්ද්‍යා සංවේදීව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒ ඇය, ගායිකා සම්තා මුදුන්කොටුවගේ සහ ගායක අතුල...

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...

පෙරභවයේදී වෙඩිවැදී යළි උපන් දරුවා කවුරුත් මවිතයට පත්කරමින් සියල්ල හෙලි කරයි

පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවකු පිළිබඳව අතිශය කනගාටුද‌ායක පුවතක්...

අද මේ ලග්න වලට වැල්ලෙත් බඹරෙ කැරකේ..

මේෂ දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම...

රන්ජන් පැන්ඩෝරා සාක්ෂි, හඬ පට එළියට දාන්න සූදානම් වෙයි..

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x