25 C
Colombo
Monday, June 14, 2021
logo

අයිඩී අංකය ඔත්තේ වී 18 දා එළියට ආ සිවාජිලිංගම් පොලීසියෙන් පන්නා දමයි

උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යාපනයේ යුදසැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය විසින් අවවාද කොට ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත.

යාපනය වීරසිංහම් ශාලාව අසලදී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වාහනයකින් ගමන්කරමින් සිටියදී පොලීසිය විසින් නවතා නිරෝධායන නීතියට අනුව ජාතික හැඳුනුම්පත් අංකය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් මුලතිව් සිට නඩුවකට පෙනී සිට පැමිණෙන බවටත් සවස තම කාර්යාලය ඉදිරියේදී යුදසැමරුමකට සහභාගී වීමට නියමිත බවටත්ය.

නිරෝධායන නීතියට අනුව ඊයේ (18) දින නිවසෙන් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක්නම් පමණක් වුවුද හිටපු මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ බැවින් අදාල නිරෝධායන නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවට මන්ත්‍රීවරයාට දැනුම් දී අවවාද කොට ආපසු හරවා යැවීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
16
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන...

ගම්පහ පුරාම රෝගීන් – සෞඛ්‍ය අංශ නිකුත් කළ තොරතුරු මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.කොවිඩ් ආසාදිතයින්...

නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.අදාළ...

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...

මේක දේව සාපයක්ද-දේව කෝපයක්ද? හාමුදුරුවො හොයන දේ

කිසිදනක රටට ‌මෙවැනි දෙයක් සිදුව නැති බවත්, රටට දේව සාපයක් හෝ දේව කෝපයක් වැදී...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x