අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය.

අදාල සේවක මහතා පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බව කියයි.

දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම් වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබේ.

ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බව කියයි.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
21
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන්න ආණ්ඩුව ගත් තීරණය

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය...

අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක්...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...

දේශීය ලොකුලූනු කිලෝවක මිලත් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස්...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x