27 C
Colombo
Sunday, April 11, 2021

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය. ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව මීට පෙර විභාගයටගත් අවස්ථාවේ දී මූලික විරෝධතාවක් මතු කළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත්කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වාදුනි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොටින්ටත් මරන්න බැරි වූ ඒ.එස්.පී. එරික්ට වෙන්නප්පුවේදි වෙච්ච දෙයක්

පොලිසියේ ලොක්කා පොලිස්පති වුවත් පොලිස්පතිට වඩා රට්ටු දන්නා ජනප්‍රිය චරිතය වන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත්...

ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ…

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති...

මහකුඩ්ඩන් 13ක් වෙඩි තියා මරන්න නියෝගයක්

මත්ද්‍රව්‍ය කිලෝ 400 ක් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරුවන් 13කට ඉන්දුනිසියානු අධිකරණය...

කොරෝනා වැළදී සිටි කොස්ගොඩ තාරකට ඩෙංගුත් වැළඳෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක...

කොරෝනා ගැන අලුත් අනාවරණයක්

කොරෝනා ආසාදනය වී සුවය ලබන පිරිසෙන් සියයට 30කට වැඩි ප්‍රතිශතයකට මානසික හෝ ස්නායු ආබාධ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x