26 C
Colombo
Sunday, April 11, 2021

අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නෑ – PHI සංගමය කියයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී මාර්ගෝපදේශ නිකුත් කළ අතර එම මාර්ගෝපදේශ ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වු බවය.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඊයේ (03) දිනයේ දී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය.

“මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා තියෙන්නේ. මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි ජනතාවට විහිලු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් රෝගීන් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් රෝගය දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා හදිසියේ මිය යයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි...

චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන්...

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට පාම් තෙල් ආනයනයට විශේෂ බලපත්‍රයක්

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ බලපත්‍ර...

කොරෝනා ගැන අලුත් අනාවරණයක්

කොරෝනා ආසාදනය වී සුවය ලබන පිරිසෙන් සියයට 30කට වැඩි ප්‍රතිශතයකට මානසික හෝ ස්නායු ආබාධ...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x