අවමඟුලට ගිය 48කට කොරෝනා

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වන ඉරිදා දින කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අවමඟුල සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට මෙම ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04...

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි – කටට ප්ලාස්ටර් ගසා වසා දමලා

ඊයේ (13) දහවල් කෑගල්ල, වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන...

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්...

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x