ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ‘ දිනිති වල්ගමගේ ‘ මේ දිනවල ආයෙත් . ආලින්දයට ඇවිත් . ඒ විකාශය කෙරෙන කොළඹ ඉතාලියේ චරිතයක් සමගයි . ජයප්‍රකාශ සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලියේ ඇය රගපානෙ ‘ හංසි ‘ යන චරිතයයි . ඊට අමතරව සංජය නිරිමාන්ගේ BTS ( Behind the stage ) නාට්‍යයේ රූගතකිරීම්වලට දායක වන දිනිති නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ‘ ෂැඩෝ ” නාට්‍යයේ චරිතයක් රඟපාන අතරේ කාලයකට පසුව කතා බහකට එක්වුණේ මේ විදියටයි

දිනිති කොහොමද මේ දිනවල ගෙවන ජීවිතය ? හරිම කාර්ය බහුලයි .

ඔච්චරටම කාර්‍ය බහුල වුණේ ? කොළඹ ඉතාලියේ , මැඩෝ , සහ BTS ඩ්‍රාමාවල රගපෑමට අමතරව ‘ BTS ‘ නාට්‍යයේ පිටපත ලියන්නෙත් මමයි . ඒ වෙනුවෙන් මගේ යාළුවකු වන දුෂි අමරසිංහ සම්බන්ධ වෙනවා . ඉතින් මේ වැඩ නිසා කාර්ය බහුලයි

රඟපාමින් නිවේදනය කරමින් හිටපු දිනිති නාට්‍ය පිටපත් රවිකාවියක වුණේ පළමු වතාවටද ? නාට්‍ය ලියන්න පටන් ගෙන මේ පළමු අවස්ථාවද ? ඔව් . නාට්‍යයක තිරපිටපත ලියන පළමු අවස්ථාව මෙයයි . දුෂි සහ මම එකතුවෙලා මේ පිටපත

රඟපෑමට අමතරව දිනිති අද වැඩිපුරම කැමති මොනවටද ? ලියන්න ඒකට මම හරිම ආසයි . කොහොමටත් ඒ ආසාව ආසාව ඇතිවුණේ අද ඊයෙක නෙවෙයි . පොඩි කාලයේ ඉඳලම මට ලියන්න ආසා කළා .

මොනවා ගැනද ලියන්න ආස ? එහෙමම කියලා නැහැ . සමහර විට බොහෝ දෙනා බාහිරව මගේ ජීවිතය දිහා බලලා ප්‍රශ්න නැති කෙනෙක් කියලා හිතන්න පුළුවනි . එත් හැමෝටම වගේ මටත් ප්‍රශ්න තියෙන්න පුළුවන් . එත් ඒවා බාහිරව . නොපෙනෙනෙ . මම ඒවා ලියලා තියෙන නිසා වෙත ඇති . එතකොට හිත නිදහස්නෙ . එහෙම වුණාම ජීවිතය සැහැල්ලුයි .

ප්‍රේමය , ආදරය , හාස්‍ය , ජීවිතය , මේ අතරින් ලියන්නට වැඩිපුර හිත යන්නේ ? මේ සියල්ල සමග වූ මන්ගේ ජිවිත්තේ අත්දැකීම්වලට ආසයි . මම හිතන විදියට ජීවිතේ බොහෝ අත්දැකීම් මට තියෙනවා . ඒ වගේම මම හොද සවන් දෙනෙක් . බොහෝ දෙනෙකුට ඇහුම්කන් දෙන්න මම කැමතියි . සේවය කරද්දි මිනිස්සු දහසක් විතර එක්ක වෙලාවකට කටයුතු කරන්න ලැබෙනවා . ඒ හැමෝම කියන දේ අහන් ඉන්න තරම් මම ඉවසිලිවන්තයි . ඒ වගේම විසඳුම් ලබා දෙන්නත් කැමතියි . ඒ නිසා මගේ ජීවිතයේ මගේ මතක මනසේ කතාන්දර ගොඩාක් තියෙනවා .

දිනිති ප්‍රකාශ කල අදහස්වලට දිනිතිට පෙරලා ලැබුණු ප්‍රතිචාර මොන වගේද ? පසුගිය දිනවල මම සමාජ මාධ්‍යන්ගේ සාකච්ඡා වලට පෙනි සිටියා . එහිදි අදහස් ප්‍රකාශ කළේ හරිම විවෘතව සහ සෘජුවයි . ඒ කතා කළ දේ ගැන හරි විදියට සහ වැරදි විදියට හිතපු දෙපාර්ශවයෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි . එහිදි මම තේරුම් ගත්ත දේ නම් ගැහැණු ළමුන්ට මේ සමාජයේ බොහෝ ප්‍රශ්න තියෙනවා . ඒ ගැන එයාලට කියන්නත් පුළුවන් . හැබැයි ඒවා ප්‍රකාශ කරන්න වේදිකාවක් නැහැ කියන එක

ලස්සන , හැකියාව , බුද්ධිය කියන මාතෘකා ගත්තොත් ඒ අතරින් “ දිනිති ‘ ඉදිරියෙන් සිටින්නේ ? ලස්සන කියන මාතෘකාව ගත්තොත් මම ලස්සන කෙල්ලෙක් නෙවෙයි . ඒ කාලයේදී අවුරුදු කුමාරි තරගයකට ත්රිලා යන්න හැදුවාම අපේ අම්මා මට කිව්වේ අපෝ ඕවාට යන්න ඕනෑ ලස්සන අයයි . ඒ හන්දා ඕවාට ගිහින් ලැජ්ජා වෙන්න එපා කිව්වා . එදා ඉඳලා මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙවෙයි කියලයි . ලස්සන නැති වුණාට මම හරි බුද්ධිමත් කියලා කියන්න පුළුවනි . ඒ වගේම අදහස් ප්‍රකාශ කිරිමේදී මට හොද කටක් තියෙන බවත් මම දන්නවා . මම අදහස් ප්‍රකාශ කරන්න බය නැහැ

ඒ හොදටද ? නරකටද ? අදාල දේ අදාල තැනදී මුණටම කියන්න ඕනෑ . අදාල දේ අදාල තැනදි නොකියා ගෙදර ගිහින් ඒ ගැන හිතලා දුක්වෙන්න ඕනෑ නැහැනේ .

ඒ කියන්නේ “ දිනිති ’ පසුවට පසුතැවිලි වන වැඩ කරන කෙනෙක් නෙවෙයි . ? කොහෙත්ම නැහැ . අද කළ යුතු දේ අද කිව යුතු දේ ඒ මොහොතේන්ම කියන කරන කෙනෙක් .

ආදරය ප්‍රේමය දිනිති ප්‍රකාශ කිරීමේදිත් පෙරලා දිනිතිට ආදරය ප්‍රකාශ විමදිත් ඒ ප්‍රතිපත්තිටමද අනුගමනය කරන්නෙ ? ඔව් කෙලින්ම මුණටම තියන කෙනෙක් . May be , නැත්නම් බලමු විය හැකියි . කියන දේ මා ළඟ නැහැ . මගේ තියෙන්නේ Yes or Mo ( ඔව් හෝ නැහැ ) හා හෝ බැහැ කියන එක විතරයි . කරන්න පුළුවන් නම් පුළුවන් බැරි නම් බැහැ .

එහෙම නම් දිනිතිග Yes ( යස් ) වෙච්ච ප්‍රේමය ගැන කියමු . ? තවම යස් ( Yes ) වෙලා නැහැ . අන්න ඒකයි ප්‍රශ්නය . ඒ නිසා ඒ ගැන කියන්න දෙයක් තවම නැහැ

මේතාක් ගෙවු ජීවිතයේදී දිනිතිට අපේක්ෂා කළ අරමුණ කරා යන්න පුළුවන් වුණාය කියලා හිතනවද ? ඔව් . ගෙවු ජීවිතය ගැන මම තෘප්තිමත් . කොහොමටත් ජීවිතයේ මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක් . ඒ නිසා අතෘප්තිකර නැහැ . ඒ වගේම ලැබෙන දේ කරන දේ උපරිම කැපවීමෙන් කරන කෙනෙක් ජීවිතේ සතුටු වෙන්න කියලා මහා වස්තු කන්දරාවක් තිබිය යුතුය කියලා හිතන කෙනෙක් නෙවෙයි . මම තව කෙනෙක් වගේ වෙන්න ඕනෑය කියන තරගයක් මට නැහැ . මම යන්න ඕනෑ තැන මම දන්නවා . හැබැයි . එහෙමයි කියලා මගේ අරමුණින් පිට පැනලා යන්න කැමති නැහැ

මතුපිටින් දකින පෙනෙන දිනිතිට වඩා ඇතුළාන්තයෙන් තරමක් ටෆ් ( Tough ) චරිතයක් වගෙයි . ? ඔව් . මට ටිකක් Tough ( ටෆ් ) චරිතයක් .

ප්‍රේමයක ඇලී ගැලී වෙලි නොසිට කාලය ගෙවීම අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද ? කිසිම අපරාදයක් නැහැ . මොකද මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා . උපරිම බිසි වෙලා ඉන්නේ . ඒ කරන වැඩවලට උපරිම සාධාරණය කැපවීම කරන්නට ඕනෑ . මොකද ‘ ආදරය ‘ කරන්න පටන් ගත්තොත් ඒකට කාලය වෙන්කරන්න බැරි නම් ඒක ආදරයක් නෙවෙයි . අනෙක ආදරේ කරන්න ගත්තොත් මම හරි බොළඳ වෙනවා

ඒ කියන්නේ පිස්සෙක් වගේ ආදරේ කරනෙ ? ඔව් හරි ආදරේට මම හරි ආදරෙයි . ඒ තරමටම ආදරේදි මම අවංකයි . මගේ ලෝකයේ තියෙන්නේ හරිම ෆැන්ටසි ලව් එකක් . ඒ වගේ කෙනෙක් හමු වුණාම මගේ ලව් ස්ටෝරි එක ගලා යාවි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්