ආන්දෝලනාත්මක හෙළිදරවු 03 ක් ගැන චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ

හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් තුනක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා ඉකුත් 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය උත්සාහ කර ඇත.

එහෙත් කලින් දැනුම්දීමකින් තොරව මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදිය නොහැකි බව සමරවික‍්‍රම මහතා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන බවට සමරවික‍්‍රම මහතාට අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත.

කොරෝනා එන්නත්කරණයේ සිදුවන අඩුපාඩු සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්ම යුද හමුදාව එන්නත්කරණයට සම්බන්ධවීමෙන් පසු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන පැවැත්වීමට පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

එමෙන්ම යුද හමුදාව සහල් මාෆියාව පරදවා රටේ සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවට ඉකුත් වසරේදී කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන්ද චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

මැණික් පොකුර වෙන්දේසි කිරීමට සූදානම් – වටිනාකමින් 10%ක් රජයට

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ...

2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි...

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්...

ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට...

අපගේ නවතම පුවත්

2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x