ඇත් දළයෙන් නිර්මාණය කළ කරඬුවක් සහ පිරිත් හුයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ගනේවල්පොල බමුණුගම ප්‍රදේශයේදී ඇත් දළයෙන් නිර්මාණය කළ කරඬුවක් සහ පිරිත් හුයක් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගැනුම්කරුවන් ලෙසට උපාය දූතයන් යොදවා වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (20) පස්වරුවේයි. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැකකරුවන් මෙම උපකරණ විකිණීමට සූදානම් කර තිබුණි. වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර ගනුදෙනුව සිදු කිරීමට භාණ්ඩ ද රැගෙන සැකකරුවන් බමුණුගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී ඇත් දළයෙන් නිමවා කැටයම් කරන ලද අඟල් දෙක හමාරක් පමණ උසැති කරඬුවක් සහ අඟල් 6ක් පමණ දිගැති පිරිත් හුයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැවතත් ලැබෙන වරප්‍රසාදය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය...

සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන...

ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම්...

අපි සිග්නල් කණු නොවෙයි – රාජ්‍ය ඇමති සුසිල් ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x