ඇමති මහින්දානන්ද ට එරෙහි විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08) නියෝග කළේය.

2015 වසරේ  පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුවට අදාළ ව ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අමල් රණරාජා සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දී තිබේ.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයාට මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගිවීමට ආරාධනා ලැබී ඇති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් ඊට සහභාගි වීමට අවශ්‍ය වී ඇති හෙයින් දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් නියෝගය තවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිංගික පීඩනයෙන්..- හිරුණිකා

ශ්‍රී ලංකාවේ පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය...

රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත්...

කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ...

පළාත් සංචරණ සීමා ගැන දැනුම්දීමක්

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි...

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් නිසා වසා දැමූ කම්හල

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x