25 C
Colombo
Sunday, April 11, 2021

ඇමති ශෂීන්ද්‍ර සමග වාහනය පුබ්බාරු ඔයේ ගසාගෙන ගිහින්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මැදගම ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. මැදගම පොලිසිය සඳහන් කරන්නේ මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ගමන් කරද්දී මෙය සිදුවී ඇති බවයි. ප‍්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් පසු ඇමතිවරයා මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

වර්ෂාව හේතුවෙන් පුබ්බාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර සපත්තු පාලම මතින් ගමන් කල ඩිෆෙන්ඩරය රථය ඇමතිවරයා සමග ගසාගෙන ගොස් තිබේ. ගසාගෙන ගිය වාහනය බේරාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මැදිහත්වීමෙනි. ඇමතිවරයා හෝ කිසිවකුට අනතුරෙන් තුවාල සිදුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වන්නිලැඇත්තො අලුත් සහල් මංගල්‍යයට නොආපු හේතුව

කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියදී ඊයේ (04)...

මෛත්‍රීපාලට අලුත් නඩුවක් වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ...

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක...

රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවීම ගැන කථානායකගේ පැහැදිලි කිරීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ප්‍රධාන විපක්ෂය රට...

පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට අදාළව ඇගේ 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන...

අපගේ නවතම පුවත්

2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x