27.4 C
Colombo
Wednesday, June 16, 2021
logo

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවේ

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.

ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද ඒ මහතා කියා සිටියේය.

එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයන වාර්තාව අද (10) උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රට විවෘත කළත් ඉදිරියටත් පැනවෙන සීමා මෙන්න

රට විවෘත කළත් දැඩි සීමාවන් පැනවීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.ඇය...

නිට්ටඹුවෙන් කොවිඩ් පොකුරක්

ඊයේ (10) දිනයේ දී වාර්තා වු කොවිඩ් -19 ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්...

ගිනි ගත් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ඉන්ධන ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගැනේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ...

15 හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියාට අත් වු ඉරණම

තම පහළොස් හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියෙකු ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර...

වාහන ගෙන්වීම ගැන ජනපති පෙරළිකාර තීන්දුවක් ගනී! රටට හදුන්වා දෙන අලුත් වාහන වර්ගය මෙන්න

ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් (ELECTRIC) රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x