28 C
Colombo
Tuesday, September 21, 2021

ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ.

වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය.

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂූන්ගේ පෙර වස් එළැඹීමේ දිනය ද වෙයි.

ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.

කෙසේවුවද පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ජනපති සහ කුවේට් අගමැති අතර හමුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට්...

අභිරහසක් වු චතුරිකාගේ මරණය

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ...

තවත් වෛද්‍යවරයකු කොරෝනාවට බිලි

කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි...

කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල්...

අද සිට රජයෙන් ඔබට නොමිලේ ලැබෙන දේ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිළයේ කොවිඩ්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x