ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

තලේබාන් සංවිධානය විසින් බලය අත්පත් කර ගෙන සිටින ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

“ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටී. ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි අපගේ මූලික අවධානය යොමු වී ඇත.

ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී. ඇෆ්ගනිස්තානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත්කර ගෙන ඇත.

අද වන විට, ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත්කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්තානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළකොට ඇත.

තලෙබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලෙබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි.

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලෙබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලෙබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.

දැන් තලෙබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි.

රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාකිස්තානයේ මවක් දරුවන් 7ක් බිහි කර 6ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද...

සුරතලුන් සමග දිවි ගෙවන සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප

කලා ලෝකයේ ආදරණීය පවුලක් තමයි සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ. පසුගිය දවසක ජපානයෙන් පිරිනමන...

අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

ඉන්ධන මිල ඉහළට

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x