31 C
Colombo
Monday, May 17, 2021

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (18) සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා නගරයේ සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු සේවය කළ ස්ථානයේ ඇති වූ යම් සිද්ධියකදී මේ පුද්ගලයා මියගොස් ඇති බවත් ඉන්පසුව ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මරණ පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බවද ඔහු පැවසීය.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මව, පියා දෙදෙනාම ආසාදිත වූ විට දරුවන් රැගෙන යන තැන තීරණය කෙරේ

බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔවුන්ගේ දරුවන්...

COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව ‘අද පෙරවරුවේ ගත්’ විශේෂ තීරණ මෙන්න

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ...

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.අද පස්වරු 5.00...

ගෙයත් සමග ඔයේ ගසාගෙන ගිය අම්මාට ජීවිතය දුන් මිනිස්සු

අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන...

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි...

කොවිඩ් වෛරසය පන්නා දමන්න හුමාලය අල්ලා වැඩක් නැති බව වෛද්‍යවරයෙකු හෙළි කරයි – වීඩියෝ

හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව හැමෝම විශ්වාස කළ දෙයක්.ඒ නිසාම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x