27 C
Colombo
Thursday, April 22, 2021

ඉදිරි මාසවලට අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ගබඩාවල

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රධාන වී මෝල් තුනේ දෛනිකව වී කිලෝ ලක්ෂ 18-20ත් අතර ප්‍රමාණයන් සහල් බවට පත් කළ හැකි බව සඳහන් වේ. විශාලතම සහල් මෝල් සංකීර්ණය අයත් ව්‍යාපාරිකයාගේ මෝලේ දෛනිකව වී කිලෝ ලක්ෂ 8-7ත් ප්‍රමාණයක් සහල් බවට පත් කළ හැකි අතර ඔහු මාස පහකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තාවේ. පසුගිය සතියේ පමණක් වී කිලෝ පහළොස් දහසක් (15000) පමණ ධාරිතාවේ පැටවිය හැකි ලොරි පන්සීයකට අධික ප්‍රමාණයකින් වී තොග දෛනිකව වී මෝල වෙත ගෙනැවිත් ඇත.

අනෙක් ව්‍යාපාරිකයා ද දෛනිකව වී කිලෝ ලක්ෂ 6-7ක් අතර ප්‍රමාණයකින් සහල් නිපදවන අතර ඔහුද ඉදිරි මාස හයකට ආසන්න ප්‍රමාණයකට වී තොග රැස් කර ගෙන තිබේ.

කෙටි කාලයකින් සහල් වෙළෙඳපොළේ අධිකාරියක් ලබා ගත් අනෙක් ප්‍රධාන වී මෝල් හිමි අයද දෛනිකව වී කිලෝ ලක්ෂ 5-6 අතර ප්‍රමාණයක් සහල් බවට පත් කරන අතර ඔහුද ඉදිරි මාස අටකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන අවසන් බවටද තොරතුරු වාර්තා වේ. මේ වන විට ඔහුට අයත් ගබඩා සියල්ලම ගබඩා කර අවසන් නිසා සිය වාහන නවතා තබන ගරාජයේද වී තොග ගබඩා කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව දෙනෙිකව වී කිලෝ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සහල් බවට පත් කරන මෝල් හතරක් ද ඇති අතර ඔවුනට මාස හතරකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ මහා පරිමාණ වී මෝල් මේ දිනවල සහල් බවට පත් කරනු ලබන්නේ පසුගිය යලකන්නයේ ලබාගත් වී තොග බව සඳහන් වේ. විශේෂයෙන් වෙළෙඳපොළේ අදිකම මිලක් සඳහන් වන කීරි සම්බා පසුගිය කන්නයේ රුපියල් හැටකට මිලට ගත් වී වන අතර එම සහල් කිලෝවකින් රුපියල් පනහකට අධික ලාභයක් තබාගන්නා බවත් කුඩා පරිමාණ මෝල් හිමියෝ පවසති.

චමින්ද සේනාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සබරගමුව සරසවිය ආරම්භ කරන දිනය දැනුම් දෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ආරම්භ කිරීමට තීරණය කර...

හෙරොයින් සමඟ කාන්තාවක් පොලීසියට කොටු වෙයි

බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ දකුණු කොළඹ කොට්ඨාස අපරාධ...

රන්මාලයක් ගෙල බඳින කතුන්ට දැනුම්දීමක්

පසුගිය පැය 24ක කාලය තුළ ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් 4ක් වාර්තා වී...

ඇබර්ඩීන් ඇල්ලේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියයයි

ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය...

දඹුල්ලේ බස් කප්පම්කරු

දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට වාර්තාකරු ...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x