30 C
Colombo
Wednesday, June 16, 2021
logo

ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් – මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි

පවතින කොවිඞ් තත්ත්වය අනුව ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් සහ තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෙසක් සතිය අවසන් වන තුරුම සංචරණ සීමා ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය නීතීන්ට අනුගතව එය පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සිදුවිය හැකි මරණ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරනවා.

පසුගිය මාස දාහතර තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයින් ලක්‍ෂයක් පමණ වාර්තා වුවත් පසුගිය මාස දෙකහමාරක කාල සීමාවේදී රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වීම සෞඛ්‍ය අංශයට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යෑමක් බවත් හෙතෙම සඳහන් කළා.

කොරෝනා රෝග ව්‍යාප්තිය සමග පළමු මාස 13-14 අතර කාල සීමාවේදී මරණ 500 ක් පමණ වාර්තා වුවත් ඉකුත් මාස දෙකක කාල සීමාවේදී එම මරණ සංඛ්‍යාවම වාර්තාවීම කොවිඞ් රෝග තත්ත්වයේ ප‍්‍රබලත්වය පෙන්නුම් කරන්නක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
7
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.මධ්‍යම කඳුකරයේ බටහිර...

පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත් දීමට සැලැස්මක්

පාසල් නැවත ආරම්යේදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

ගාමන්ට් ෆැක්ට්‍රියක 90දෙනෙකුට කොවිඩ්

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.ජූනි මස 2 වන...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි...

අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x