26 C
Colombo
Friday, May 14, 2021

ඉන්දියානු ජාත්‍යන්තර කායවර්ධන ශූරයා කොරෝනා වලින් මියයයි

මිස්ටර් ඉන්දියා කායවර්ධන කිරුළ දිනාගත් ජග්දීශ් ලාඩ් කොරෝනා රෝගය උත්සන්න වීම හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් කොරෝනා රෝගය ශරීර ශක්තිය සහිත පුද්ගලයින්ට වැළදීමේ අවධානම අඩු බවට සමාජයේ මතයක් තිබුනත් එය හුදෙක් හිතලුවක් පමණක් බවට මෙම මරණයෙන් ඔප්පු වී තිබෙනවා.

34 හැවිරිදි ජග්දීශ් කාය වර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා. කොරෝනා වැළදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ඔහු දින හතරක් පුරාවට සිටියේ ඔක්සිජන් ආධාරයෙනි. ජග්දීශ් මහාරාශ්ට ප්‍රදේශය නියෝජනය කරමින් කායවර්ධන තරග වෙනුවෙන් සහභාගී වුනා.

වාර්තාවන අන්දමට මීට වසර හතරකට පෙර ඔහු කායවර්ධන ක්‍රීඩාවෙන් සමු ගෙන ඇති අතර පසුගිය වසර තුල දී කොවිඩ් වසංගතය වෙනුවෙන් රටෙහි යම් යම් ස්ථාන වසා දැමීම නිසා ඔහුට ද රැකියාව අහිමි වී තිබෙනවා.

මිය යන විට කායවර්ධන උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර කොරෝනා තත්වය ඉන්දියාවේ කාය වර්ධන ක්ශ්‍රේත්‍රයට පවා දැඩි බලපෑමක් එල්ල කරනු ලැබූ බව මාධ්‍ය වාර්තා කරනවා. මෙම මරණය ද ඉන්දියානුවන් සලිත කළ තවත් මරණයක් බව මාධ්‍ය වාර්තා කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
65
කුජීතයි !
5
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයේ පුරා මිලියන 400කගේ ජීවිත අනතුරේ – කොරෝනාවට වඩා වැඩි විනාශයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක නගර සැලැසුම් ක්ෂේත්‍රය තුළ පාරිසරික බලපෑම අනාවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන ලාභ නොලබන...

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා...

23 හැවිරිදි තරුණියකට වැරදීමකින් එන්නත් මාත්‍රා 6ක් ලබා දීලා

මේ වෙනකොටත් කොරෝනා වෛරසය අපට තදබල ලෙසින් පහර දෙමින් සිටිනවා. එවන් වූ මොහොතක ලොව පුරා "එන්නත්කරණය"...

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වෙයි

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම...

නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු...

කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x