28 C
Colombo
Friday, September 17, 2021

ඉන්දියාවට එරෙහි අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් ලබාදීමටයි තීරකයන් කටයුතු කළේ.

අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 225ක් පමණයි.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

දුෂ්මන්ත චමීර කඩුලු දෙකයි.

තරගයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 47කදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 227ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටිය පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු  කළා.

අවිශ්ක ප්‍රනාන්දු 76යි. භානුක රාජපක්ෂ ලකුණු 65ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව මෙම තරගාවලිය ජයග්‍රහණය කරනවා. දෙරට අතර 20යි 20 තරගාවලිය ලබන 25 වනදා ආරම්භ වනවා. එම තරග පැවැත්වෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපති ධූරය බාරගෙන දිනක් ඉක්ම යාමට මත්තෙන් බැදුම්කර ගනුදෙනු...

නිරෝධායන ඇඳිරිනීතිය එළඹෙන 01 දක්වා දීර්ඝ කරයි

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන...

ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. – විමල්

ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත...

කොරෝනා මරණ 135ක් වාර්තාවෙයි

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත්...

සංචරණය ඉහළ යාම නිසා මෙරට දැඩි අවදානමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ශ්‍රී ලංකාව යහපත් තැනකට ගෙන ඒමට නම් දෛනික ආසාදිතයින් 950ක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x