26.2 C
Colombo
Monday, June 14, 2021
logo

ඉන්දියාවෙන් ඇසෙන ලෝකය කම්පා කළ කතාවක්

ලෝකයම කම්පාවට පත් කරන ලද කතාවක් ඉන්දියානු මාධ්‍ය අද (05) දිනයේ වාර්තා කර තිබුණි. ඒ කතාව වූයේ කොරෝනා නිසා මිය ගිය පියෙකුගේ දැවෙමින් තිබූ දර සෑයට ඔහුගේ දියණියක් පැනීමක් සම්බන්ධවයි.

කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීමෙන් 73 හැවිරිදි මෝඩර්දාස් ෂර්ඩා රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයේ රෝහලකදී මිය ගියේය.

ෂර්ඩාගේ දේහය ආදාහනය කරමින් තිබියදී ඔහුගේ බාල දියණිය වූ වයස අවුරුදු 34ක තරුණියක් එම ගිනි ඇවිලෙමින් තිබෙන දර සෑයට පැන ඇති අතර ඇය එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

ඇයව වහාම අසළ පිහිටි රෝහලකට ඇතුළත් කළත් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා ජෝද්පූර්හි රෝහලකට යොමු කළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.

දමෝදර්දාස් ෂර්ඩාට දියණියන් තිදෙනෙක් සිටි බවත් ඔහුගේ බිරිඳ මීට කලකට පෙර මිය ගොස් ඇති අතර ඔහුගේ දියණියන් තිදෙනාගෙන් බාලයා මෙලෙස චිතකයට පැන ඇති බව සිදුවීම සම්බන්ධව පරික්ෂණ පවත්වන කොට්වාලි පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙලෙස දැවෙමින් තිබූ සෑයට පනින ලද දියණිය ආදාහනාගාරය වෙත යෑමට අවශ්‍ය බව දැඩි ලෙස බල කරමින් පවසා තිබුණු බවද පොලිසිය විසින් පවසා තිබුණි.

කොවිඩ්-19 ආසාදිත බවට අනාවරණයෙන්  පසු බාර්මර්හි පදිංචි දමෝඩර්දාස් ෂර්ඩා ඉරිදා දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර ඔහු ඊයේ (04) දිනයේ දී මිය ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
24
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
7
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
20
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
598
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
18
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
13
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙල්බර්න් නුවර අගුළු දැමූ ‘කොවිඩ් පොකුරට මුල’ ලංකාවෙන් ගිය අයෙක් – ඕස්ට්‍රේලියාව පුද්ගලයා හඳුනා ගනී

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පැතිර යාමට සම්බන්ධ තොරතුරු නිරීක්ෂණයේ දී පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට...

ජපාන ඔලිම්පික් කමිටු ජ්‍යේෂ්ඨ නිලධාරියා දුම්රියකට පනී

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට මාසයක පමණ කාලයක් තිබියදී ජපාන ඔලිම්පික් කමිටුවේ ගිනුම් අංශයේ...

බ්‍රිතාන්‍ය විද්‍යාඥවරු අනාවරණය කළ අලුත් කොවිඩ් රෝග ලක්ෂණ

හිසරදය, නාසයේ බරගතිය  සහ උගුරේ අමාරුව දැන් සුලභව වාර්තා වී ඇති කෝවිඩ් රෝග ලක්ෂණ...

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු...

ලොතරැයියක් වෙනුවෙන් සහෝදරියන් දෙදෙනාව යක්ෂයාට බිලි දුන් අමුතු සහෝදරයා

සහෝදරයෙකු විසින් සිය සහෝදරියන් දෙදෙනාව කෲර ලෙස පිහියකින් ඇන මරා දැමූ පුවතක් එංගලන්තයේ වෙම්බ්ලි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x